අධ්‍යාපනයට 6% ක්‌ වෙන් කරනු
- අත් පත්‍රිකා බෙදායි


"අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක්‌ වෙන් කරනු, පාසල් හා විශ්වවිද්‍යාල දේශපාලනීකරණය හා මිල්ටරිකරණය නවතනු, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වහා අහෝසිකරනු, නිදහස්‌ අධ්‍යාපනයට තිත තබන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් අහෝසි කරනු" යන තේමාව යටතේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානය මෙහෙයවූ අත් පත්‍රිකා බෙදා හැරීමක්‌ ඊයේ (23 දා) කොටුව දුම්රිය ස්‌ථානය අසලදී සිදුවිය. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ කැඳවුම්කරු කේ. ඩී. ලාල්කාන්ත මහතා ජනතාවට අත් පත්‍රිකා බෙදාදුන් අයුරු.

රංජිත් විමලසිරි - කොලොන්නාව
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.