වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර මාස
දාහතරක්‌ තිස්‌සේ පුරප්පාඩු වෙලා


කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර මාස දාහතරක්‌ තිස්‌සේ පුරප්පාඩු වී ඇතැයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වන සත්ව හා වෘක්‍ෂලතා පනත යටතේ නියෝග අනුමත කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයට එක්‌වෙමින් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්‌ නොමැති දෙපාර්තමේන්තුව කොතරම් රෙගුලාසි අනුමත කර ගත්තද ඵලක්‌ නොවන බවය.

වනජීවී දෙපාර්තමේන්තුවේ පරිපාලනය මේ වන විට ඉතා බරපතළ ලෙස කඩාවැටී ඇතැයිද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.