"13" ගැන ජනමතවිචාරණකයට මුස්‌ලිම් කොංග්‍රසයේ විරෝධය

µ්‍රEන්ක්‌ලින් සත්‍යපාලන්

13 වැනි සංශෝධනය අහෝසි කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට රජය ජනමත විචාරණයක්‌ පැවැත්වුවහොත් එයට තමන් තරයේ විරුද්ධ වන බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය කියයි.

13 වැනි සංශෝධනය පිළිබඳව ජනමත විචාරණයක්‌ පවත්වනවානම් නම් පැවැත්විය යුත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වල පමණක්‌ බව මුස්‌ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා පවසයි.

රට පුරාම ජනමත විචාරණයක්‌ පැවැත්වුවහොත් බහුතර සිංහල ජනතාව 13 වැනි සංශෝධනයට එරෙහි විය හැකි නිසා මේ ජනමත විචාරණයට තමන් විරුද්ධ බව අලි මහතා කියයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.