වර්ණ ගැන්වූ රතු කැකුළු ටොන් 2 1/2 ක්‌
ප්‍රවාහනය කළ මුදලාලිට රු. තුන්දහසක්‌ දඩ


විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

සෞඛ්‍යයට අහිතකර මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු වර්ණ ගැන්වූ රතු කැකුළු හාල් ටොන් 2 1/2 ක්‌ (කිලෝ 2500) රාජසන්තක කළ කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් කමල් පෙරේරා මහතා එම සහල් අලෙවිය සඳහා ප්‍රවාහනය කළ චූදිත ව්‍යාපාරිකයාට රුපියල් 3000 ක දඩයක්‌ ඊයේ (23 දා) සවස නියම කළේය.

මෙහි චූදිතයා වූයේ මඩකලපුව එරාවුර්හි පදිංචි අබ්දුල් ජබ්බාර් අස්‌වර් පවුසි නමැති ව්‍යාපාරිකයායි. සන්යොටි යෙලෝ ඊ 110 නමැති රසායනික වර්ණය ගැන්වූ රතු කැකුළු හාල් ප්‍රවාහනය කිරීම අලෙවි කිරීම යන චෝදනා නගා ව්‍යාපාරිකයාට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්‌ෂක ධනුෂ්ක විරා- මහතා විසින් චූදිතට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

රස පරීක්‌ෂක වාර්තාව සමග කළුතර පරිපාලන සෞඛ්‍ය පරීක්‌ෂක ආර්. ජී. සිංහබාහු මහතා චූදිතට එරෙහිව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

අත්අඩංගුවට ගනු ලැබූ සහල් විනාශ කිරීමට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ට නියෝග කළේය.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.