පාසල් දැරියගේ ළැම අත ගෑ බව කියන
45 හැවිරිදි සැකකරු රිමාන්ඩ්


විජයසිරි විද්‍යාසේකර කළුතර සමුහ

පාසල් යමින් සිටි පහළොස්‌ හැවිරිදි ශිෂ්‍යාවකගේ ළැම ප්‍රදේශය අතපත ගෑ බව කියන හතලිස්‌පස්‌ හැවිරිදි සැකකරුවකු මෙම මස 24 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් චිත්‍රා අබේරත්න මහත්මිය නියෝග කළාය.

මෙහි සැකකරු වූයේ මීරිපැන්න ධර්ගා නගරයේ පදිංචි අයෙකි.

ශිෂ්‍යාව පාසල් යමින් සිටියදී පාපැදියේ ගමන් කරමින් සිටි සැකකරු දැරියගේ ළැම ප්‍රදේශය අතපත ගෑ බවට ලැබුණු පැමිණිලි මත ඔහු අත්අඩංගුවට ගත් බව අළුත්ගම පොලිසියේ උප පොලිස්‌ පරීක්‌ෂක ගුණතිලක හා සැරයන් (14504) රාජකරුණා යන මහත්වරු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.