14 හැවිරිදි දැරිය අපහරණය කළ බව
කියන සැකකාර පෙම්වතා සොයා පරීක්‌ෂණ


මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

දහහතර හැවිරිදි දැරියක්‌ අපහරණයට ලක්‌ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් 19 දින කඹුරුපිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලක්‌ මත පෙම්වතා යෑයි කියන අයකු අත්අඩංගුවට ගැනීමට පරීක්‌ෂණ පවත්වයි.

මෙම දැරිය සැකකාර පෙම්වතා සමග වරක්‌ හොර රහසේ ගොස්‌ සිට ඇති අතර හුංගම පොලිසිය විසින් පසුව දෙදෙනාම අත්අඩංගුවට ගෙන සැකකරු රක්‌ෂිත බන්ධනාගාරගත කර තිබී ඇත. පසුව ඔහුට ඇප ලැබී ඇත.

දැරිය මාතර ළමා නිවාසයකට යොමු කොට ඇති අතර දැරියගේ මවද රක්‌ෂිත බන්ධනාගාරගත කොට සිට ඇප මත නිදහස්‌ වී පැමිණි තැනැත්තියකි. පසුව දැරිය මව වෙතට භාරදී ඇත. එසේ සිටියදී සැකකරු පැමිණ නැවත ඇය රැගෙන ගොස්‌ ඇත.

කඹුරුපිටිය පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.