දහම් පාසල් ගුරු සේවයට පිරිමි ඉන්නේ 10% යි

වාද්දුව - සිරිසෝම සුසෙව්හේවා

දිවයිනේ තිබෙන දහම් පාසල්වල ගුරු සේවයට එක්‌වී ඇති පිරිමි පක්‍ෂය ඉතාම සුළු ප්‍රමාණයක්‌ බව බෞද්ධ කටයුතු සමායෝජක අංශවලින් අනාවරණය වේ.

දැනට දහම් පාසල්වල ඉගැන්වීමේ යෙදී සිටින පිරිසෙන් පිරිමි අය සම්බන්ධ වී ඇත්තේ ඒ දහම් පාසල් ගුරුවරුන්ගෙන් 10% ක පමණ ඉතා සුළු පිරිසක්‌ බව ද කළුතර බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරියෙක්‌ කීවේය.

පසුගිය සෙනසුරාදා (20 දා) කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය ශාසනාරක්‌ෂක මණ්‌ඩල දෙකේ දහම් පාසල් අනූවක (ප්‍රාථමික අංශය) ගුරුවරුන් සඳහා උතුරු කළුතර බෝධි ඥන පුස්‌තකාල ශ්‍රවණාගාරයේ පැවැති දහම් පාසල් (ප්‍රාථමික) ගුරු පුහුණු වැඩමුළුවකට සහභාගි වී ඇත්තේ තරුණයන් දෙදෙනකු පමණි.

මෙම දහම් පාසල් (ප්‍රාථමික) ගුරු පුහුණු වැඩමුළුවට එක්‌ දහම් පාසලකින් ගුරුවරුන් දෙදෙනාට බැගින් ඇරියුම් කර තිබුණද ඒ පිරිසෙන් ගුරුවරියෝ පමණක්‌ එකසිය හැත්තෑ අට දෙනෙක්‌ සහභාගි වී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.