කැටපත් පවුරේ කුරුටු ගී වැනසීයාද?

සචිත්‍ර ඇල්වලගේ

සීගිරි පර්වතයේ කැටපත් පවුරේ කුරුටු ගී ආශ්‍රිතව මතුවී ඇතැයි පැවසෙන සුදු පැහැති පැල්ලම් විශේෂය ඉවත් කිරීමේ කටයුතු තව දින කීපයකින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම සංස්‌කෘතික අරමුදල පවසයි.

එහි ප්‍රකාශකයකු අප වෙත පැවසුවේ කැටපත් පවුරේ සුදු පැහැති පැල්ලම් සහිත ස්‌ථාන වලින් ලබාගත් සාම්පල කීපයක්‌ මේ වනවිට දැඩි පරීක්‍ෂාවකට ලක්‌කරමින් තිබෙන බවය. මෙම සුදු පැහැති පැල්ලම් වර්ගය බදාමය හරහා මතුවූ ලවණ විශේෂයක්‌ හේතුවෙන් හටගෙන ඇති බවට විශ්වාස කළ හැකි බවත්, එය පුස්‌ විශේෂයක්‌ බවට මෙතෙක්‌ තහවුරු වී නැති බවත් එම ප්‍රකාශකයා පැවැසීය.

මේ අතර සීගිරි සංරක්‍ෂණ විද්වත් කමිටුවේ සාමාජික මහාචාර්ය ජගත් වීරසිංහ මහතා මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් පැවසුවේ කැටපත් පවුරේ සංරක්‍ෂණ කටයුතු වලදී යොදාගත් ද්‍රව්‍යයන් හෝ ලිහිණියන්ගේ වසුරු දීර්ඝ කාලයක්‌ ඒ මත පතිතවීමෙන් හෝ මෙම ලවණ විශේෂය මතුවන්නට ඇති බවයි. දැනට මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වැසි ජලය කැටපත් පවුර මතට පතිතවීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවද ඒ මහතා පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.