Construction Expo 2012 ප්‍රදර්ශනයේ දී
"ආපිකෝ" විශිෂ්ඨතම සම්මානයෙන් පිදුම් ලබයි



Construction Expo 2012 ප්‍රදර්ශන සම්මාන ප්‍රදානෝත්සවයේදී මහා බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් එහි විශිෂ්ඨතම වෙළෙඳකුටියට පිරිනැමෙන සම්මානය රිචර්ඩ් පීරිස්‌ සමාගමේ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ වෙළෙඳ කළමනාකරු, ඩෙරික්‌ පෙරේරා මහතා ලබාගත් අවස්‌ථාව.

පසුගියදා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැති Construction Expo 2012 ඉදිකිරීම් ක්‍ෂේත්‍ර ප්‍රදර්ශනයේ ප්‍රධාන සම්මානය වන විශිෂ්ඨතම ප්‍රදර්ශන කුටිය වෙනුවෙන් පිරිනැමෙන සම්මානයෙන් රිචඩ් පීරිස්‌ සමූහ ව්‍යාපාරයේ (ආපිකෝ) දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශය පිදුම් ලැබීය. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් රැසක්‌ සහභාගි වූ Construction Expo 2012 ප්‍රදර්ශනයේ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි.

Construction Expo 2012 ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි කාගේත් ආකර්ෂණය ලද එම ප්‍රදර්ශන කුටිය සමන්විත වූයේ, ආපිකෝ සමාගමේ කීර්තිමත් නිෂ්පාදනයක්‌ වන ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට පූර්ණ ජල විසඳුම් සපයන වතුර ටැංකි ආපිටෙක්‌ වතුර පොම්ප PVC ජලනල හා උපාංග, විවිධ මාදිලියේ ආපිකෝ මෙට්‌ට, CFL බල්බ, විවිධ මාදිලියේ සෝෆා ඇතුළු ගෘහභාණ්‌ඩ, රිජිෆොaම්, රබර් හා ප්ලාස්‌ටික්‌, සීලින් ෆෑන් නිෂ්පාදන වලිනි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.