2012 ඔක්තෝබර් 30 අගහරුවාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
උතුරු නැගෙනහිරට සුළි කුණාටු තත්ත්වයක්‌
මහ වැස්සෙන් රට පුරා ලක්ෂයක් විපතේ
තිදෙනෙක්‌ මරුට නිවාස හා මාර්ග යටවෙයි
බෙංගාල බොක්‌කේ හටගත් පීඩන අවපාතය ඊයේ (29 වැනිදා) රාත්‍රී සුළි කුණාටු තත්ත්වයක්‌ බවට පත්වී දිවයිනට ඇතුළු වීමෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක මියගොස්‌ ලක්‍ෂයකට අධික පිරිසක්‌ විපතට පත්ව සිටිති.

වැසි නොතකා මහ පිරිසක්‌
මැණික්‌ සොයා කන්තලේ
වැව් පිටිය හාරති
මීට දින තුන හතරකට පෙර සිට කන්තලේ මහවැව ඉස්‌මත්තේ වැව් පිටියෙන් වටිනා මැණික්‌ කැට මතුවීමට පටන්ගෙන තිබීම නිසා විශාල පිරිස්‌ මේ දිනවල වැව්පිටියේ තැන් තැන්වල කල්ලි ගැසී මැණික්‌ සොයනු දක්‌නට ලැබේ.

මංගල ගමනක්‌ ගිය බසය තම්මැන්නාවේදී ගසක හැපෙයි
මනාල යුවළ සමඟ 41 ක්‌ රෝහලේ
විවාහ දිවියට එළැඹි මනාල යුවළක්‌ ඇතුළු පිරිසක්‌ ගමන් ගත් බස්‌ රථයක්‌ ඊයේ (29 දා) උදේ පදවිය - කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ තම්මැන්නාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදු වූ අනතුරකින් එම මනාල යුවළ ඇතුළු 41 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

එජාප කෘත්‍යාධිකාරියේ
විශේෂ රැස්‌වීමක්‌ අද
එක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණාත්මක රැස්‌වීමක්‌ අද (30 වැනිදා) ප.ව. 4.00 ට නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී පැවැත්වෙයි.

ඉපැරැණි පොකුණක්‌ ගොඩකර කඩ කාමර හැදූ ප්‍රා.සභා මන්ත්‍රී රිමාන්ඩ්
අනුරාධපුර පෙරිමියන්කුලමේ පුරාවිද්‍යා රක්‍ෂිතයක අනවසරයෙන් කඩ කාමර දෙකක්‌ ඉදිකිරීමේ චෝදනාවට ලක්‌ව අධිකරණය මඟහරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභවේ එක්‌සත් ජනතා...

හදවත් රෝගී දරුවන් සඳහා කොළඹ ළමා රෝහලේ සියලු පහසුකම් තිබෙනවා
විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ
ළමා හෘද රෝග සඳහා අවශ්‍ය සියලු ප්‍රතිකාර පහසුකම් කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ හදවත් රෝග ඒකකයේ ඇති බැවින් හදවත් රෝගී දරුවකුට ප්‍රතිකාර කිරීම සඳහා ආධාර පත් අලෙවි කරමින් මුදල් එකතු කිරීමේ...

වර්ෂාව හේතුවෙන් පුත්තලම පරණ මන්නාරම පාරේ එළුවන්කුලම නැලවිලි පාලම මතින් කලාඔය පිටාර දැමූ අයුරු. ඡායාරූප - පුත්තලම - නලින් හෙන්දුරුගොඩ

මඩකලපුවේ මුහුද
රළු වෙයි
මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ඊයේ (29 දා) මුහුද දැඩි රළු ස්‌වභාවයක්‌ ගත්තේය. මේ නිසා ධීවරයයෝ බොහෝ දෙනෙක්‌ මුහුදු යැමෙන්ද වැළකී සිටියහ.

රටේ ප්‍රශ්න යටපත් කරන්න '13' ගැන බොරු ඝෝෂා කරනවා
උතුරු නැගෙනහිරත් ඉන්දියාවේ හා වෙනත් රටවල සිට ක්‍රියාත්මක වන බෙදුම්වාදය පරාජය කිරීමට කිසිවක්‌ නොකරන ආණ්‌ඩුව රටේ ඇත්ත ප්‍රශ්න යටපත් කිරීමට 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඉවත් කළ යුතු බවට බොරු ඝෝෂා කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ලක්‍ෂපානේ වාන් දොරටු දෙකක්‌ විවෘත කෙරේ
මධ්‍යම කඳුකරයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ලක්‍ෂපාන ජලාශයේ වාන් දොරටු 2 ක්‌ විවෘත කිරීමට පියවර ගෙන ඇත.

පාන් රු. 2 කින් නගී
පාන් මිල ඊයේ (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2 කින් ඉහළ දමා තිබේ. තිරිඟු පිටි මිල ඉහළ යැම නිසා මෙලෙස ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල ඉහළ දැමූ බව සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ ලේකම් නිමල් පෙරේරා මහතා පැවැසීය.

  
 
  • පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාවට සුදුසු නෑ
    මල්වතු-අස්‌ගිරි මහ නාහිමිවරු ඇමැති විමල්ට කියති

    ඉන්දු - ලංකා ගිවිසුම මගින් 1987 වර්ෂයේදී ඉන්දියාවේ අවශ්‍යතාව මත පිහිටුවන ලද පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාවට නොගැලපෙන බව මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේලා ඊයේ (29 දා) විමල් වීරවංශ මහතා උන්වහන්සේලා බැහැදුටු අවස්‌ථාවේදී පැවසූහ.දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අනුව පිහිටුවන ලද පළාත් සභා ක්‍රමයෙන් සිදුවී ඇති දුර්විපාක...
     
  • 'තේජාන් පුතා' පැහැර ගැනීමට සම්බන්ධ
    අයකුගෙන් ඔස්‌ට්‍රේලියාවේදී ප්‍රශ්න කෙරේ


    'තේජාන් පුතා' නමැති ට්‍රෝලර් යාත්‍රාව පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ නිහාල් එදිරිවීර නමැත්තාගෙන් ඔස්‌ට්‍රේලියානු පොලිසිය ප්‍රශ්න කරන බව මෙල්බර්න් ආරංචි මාර්ග පවසයි.ඔහුව මෙතෙක්‌ මෙරටට එවා නැත. මෙම ප්‍රශ්න කිරීම්වලින් පසු ඉදිරි දිනවලදී ඔහු මෙරටට එවීමට නියමිතය.ඔස්‌ට්‍රේලියානු බලධාරීහු එම සිද්ධියට අදාළ 14 දෙනකු පෙරේදා (28 දා) මෙරටට පිටුවහල් කර තිබේ.

 
  • දඹුල්ලේ එළවළු මහ පාරේ

    දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ අලෙවියට රැගෙන පැමිණි එළවළු තොග අලෙවි කරගත නොහැකිව ඉවත දමා ඇති අයුරු ඡායාරූපවල දැක්‌වේ.අමු මිරිස්‌, ගෝවා, කැකිරි, පිපිඤ්ඤා, අතුගෝවා, මුරුංගා ආදී එළවළු වර්ග රැසක්‌ මෙසේ ඉවත දමා තිබෙන අයුරු දැකගත හැකිවිය.පවතින අධික වර්ෂාවත් සමග දඹුල්ල වෙළෙඳපොළේ එළවළු වර්ගවල මිල ගණන් සියයට...

 


 
  • බෙදුම්වාදය
    සොබාදහමටත් සියලු ආගම්වලටත්
    පටහැනි විනාශකාරී මතවාදයකි

    පසුගිය ජුලි විසිහය වැනිදා වව්නියා නගර මධ්‍යයේ පිහිටි බෝධි දක්‍ෂිණාරාම විහාරස්‌ථානයේදී සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයේ පූජ්‍ය අලව්වේ සංඝරතන හිමියන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වුණු දහම් ගුරු සමුළුවේ විශේෂ දේශනයක්‌ සඳහා මේ ලිපිය ලියන මට ආරාධනා කරන ලද්දේ වව්නියා නියෝජ්‍ය පොලිස්‌පති ජයවීර මහත්මා විසිනි. ජුලි විසිහය වැනිදා පැවැති...

  

  • හිම නොබැඳෙන LG
    ග්‍රීන් අයන් ඩෝ කූලින් ශීතකරණය


    අබාන්ස්‌ වෙතින් එන LG ග්‍රීන් අයන් ඩෝ කූලින් ශීතකරණය හිම නොබැඳෙන ලෙස සකසා ඇති විශේෂාංගයන්ගෙන් සමන්විත වීම එහි දැකිය හැකි විශේෂත්වයකි. මීට පෙර පැවැති ශීතකරණවල LG ග්‍රීන් අයන් ඩෝ කූලින් ශීතකරණයෙහි දැකිය හැකි "ඔටෝ ඩීෆ්‍රෝස්‌ට්‌" විශේෂාංගය දැකිය හැකිව නොතිබූ නිසා ඒවායේ කොයිල් වටා හිම බැඳී ෆ්‍රීසරය සිසිල් කරන ලදී. එම...

  


 
  • ශ්‍රී ලංකා-නවසීලන්ත විස්‌සයි-20 තරගය අද
    මහේල සහ මාලිංගගේ අඩුව පිරවිය නොහැකියි
    ඇන්ජලෝ මැතිව්ස්‌

    සති 5 ක කාලයක්‌ පුරා පැවැත්වෙන ශ්‍රී ලංකා-නවසීලන්ත ක්‍රිකට්‌ තරගාවලියේ සමාරම්භය අද (30 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු හා එකම පන්දුවාර විස්‌සයි-20 තරගයෙන් සටහන් වේ.ශ්‍රී ලංකාව පුරාම ඇද හැළෙන වර්ෂාව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට පොදුව තිබුණු හෙයින් ජයග්‍රහණය පිළිබඳව පිඹුරුපත් සකසනවාට වඩා අද තරගය...

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.