රාජ්‍ය රෝහල් "හදවතේ"
කොටස්‌ තුනක්‌ ගැලවෙයි


ඒමන්ති මාරඹේ

මෙරට රජයේ රෝහල්වල සේවය කරනු ලබන හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් 12 දෙනාගෙන් 3 දෙනකු මේ වන විට රාජ්‍ය සේවයෙන් ඉවත් වී පෞද්ගලික රෝහල්වල සේවයට ගොස්‌ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා මහතා පැවැසීය.

රාජ්‍ය සේවය තුළ තම සුදුසුකම්වලට සරිලන වැටුපක්‌ ඔවුනට හිමි නොවීම හේතුවෙන් වැඩි වැටුපකට ඔවුන් පෞද්ගලික රෝහල්වල සේවයට ගොස්‌ ඇතැයිද මෙම තත්ත්වය මත හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක්‌ පැවැති රජයේ රෝහල්වල එම හිඟය තවදුරටත් උග්‍රවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

තවත් හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් හා වෙනත් ක්‍ෂේත්‍රවලට අයත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්‌ වැඩි වැටුප් හිමි වීම නිසා පෞද්ගලික රෝහල් හා විදේශීය රටවලට යාමට සූදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.