සැමියාට වූ අනතුර දැකීමෙන් පසු
මියගිය කාන්තාවගේ මරණ පරීක්‌ෂණය

අයියා රෝහලට ගෙන ගොස්‌ ටික වේලාවකින්
අක්‌කාට අසනීප වූණාá පසුව ඇය මියගියා

සොහොයුරිය සාක්‌ෂිදෙයි

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

මී ගවයකු ඇනීමෙන් තුවාල ලැබූ අයියා ත්‍රීවීල් රථයකින් රෝහලට රැගෙන ගොස්‌ ටික වේලාවකින් සිහිසුන්ව බිම ඇද වැටෙන්න ගිය අක්‌කා කිසිවක්‌ කථා කළේ නැතැයි..." මී ගවයකු තම සැමියාට ඇන තුවාල සිදුකිරීම් දැක කම්පනයට පත්ව මියගිය එක්‌ දරු මවගේ මරණය සම්බන්ධයෙන් තිස්‌සමහාරාම මූලික රෝහලෙහි පැවැති හදිසි මරණ පරීක්‌ෂණයේදී තිහව වලකඩ නැගෙනහිර හදිසි මරණ පරීක්‌ෂක කේ. ජී. සී. නිරංජන් මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් මියගිය කාන්තාවගේ සහෝදරියක්‌ වූ පතිරණගේ දොන් සුසීමා (28) මහත්මිය පැවසුවාය.

මෙසේ මියගොස්‌ ඇත්තේ තිස්‌සමහාරාම යෝධකණ්‌ඩිය වැලිපොතේවෙල සූරියඉඩමේ පදිංචිව සිටි පතිරණගේ දොන් තුෂාරි නිල්මිණි නමැති තිස්‌ දෙහැවිරිදි එක්‌දරු මවකි.

මෙහිදී හදිසි මරණ පරීක්‍ෂකවරයා ඉදිරියේ තව දුරටත් සාක්‍ෂි දුන් සුසීමා මහත්මිය මෙසේද කීවාය.

zzමියගොස්‌ සිටින්නේ මගේ අක්‌කා. මෙම සිද්ධිය වන අවස්‌ථාවෙහි මම සිටියේ අක්‌කලැයි ගෙදර. එදා උදේ පාන්දර 5.30 ට විතර අක්‌කලගෙ ගෙදරට කෝල් එකක්‌ ආවා. එම කෝල්එක ආවේ සුරංග අයියාගෙන්. වෙළට හරක්‌ ඇවිල්ලා එළවන්න කියලයි එම දුරකථන ඇමතුමෙන් කියලා තියෙන්නේ.

ඒ අනුව හරක්‌ එළවන්න කියල අයියයි අක්‌කයි දෙන්නම වෙළට ගියා. එහෙම ගිහිල්ලා ටික වෙලාවකින් අයියා සුරංග අයියාගේ යතුරුපැදියෙන් ආපසු ගෙදර ආවා. ඒ යතුරුපැදිය පිටුපස්‌සෙන් අක්‌කත් ගෙදර දුවගෙන ආවා. ඒ ඇවිල්ලා අක්‌කා කිව්වා අයියට හරකෙක්‌ ඇන්න කියලා.ZZ

ඊට පස්‌සේ සුරංග අයියා අය්යගේ ඇඟේaa තුවාලවල තිබූ මඩ සහ ලේ සේදුවා. අක්‌කා ගෙට ගිහින් සරමක්‌ සහ කමිසයක්‌ ගෙනල්ල අයියට ඇන්දුවා. සුරංග අයියත් ඇඳුම් අන්දන්න උදව් කළා.

ඉන් පස්‌සේ ත්‍රීවීල් රථයක්‌ ගෙනැල්ලා සුරංග අයියයි අසල්වැසි අයියා කෙනකුයි එකතුවෙලා අයිය දෙබරවැව රෝහලට රැගෙන ගියා.

අයියා රෝහලට රැගෙනගොස්‌ ටික වෙලාවකට පසු මිදුලේ සිටි අක්‌කා වැටෙන්න ගියා. එවිට මමත් ඒ අසල සිටි සුදු ආක්‌කාත් පැනලා අක්‌ක අල්ලගත්ත. අපි අක්‌කා එතැනම මිදුලේ බිම හාන්සි කළා. වතුර ගෙනැල්ලා අක්‌කගේ මුහුණේ සහ කකුල්වල ගෑවා. ඇය මොනවද කථා කරන්න වගේ දෙතුන්වර කට ඇරියා. නමුත් මොකවත් කථා කළේ නැහැ.ZZ

අපි ඉස්‌සරහ ගෙදර ත්‍රීවීල් එක ගෙන්වලා අක්‌කා රෝහලට පිටත්කර ඇරියා. මම ගෙදර හිටියා. අක්‌කා රෝහලට රැගෙන ගොස්‌ පැයකින් විතර ඇය මියගිය බව දැනගත්තා.

මෙම මරණය ගැන මට කිසිම සැකයක්‌ හෝ අවිශ්වාසයක්‌ නැහැ. මම හිතන්නේ අක්‌කාට හදිසියේ ලෙඩක්‌ හැදිලා මැරෙන්න ඇති කියලා.ZZ

මෙහිදී මියගිය අයගේ සැමියා වන පරණ ලියනගේ ගුණරත්න නිමල් රෝහණ (48) යන අයද සාක්‍ෂි දෙමින් මෙසේ කීය.

zzමම ඒ අසල සිටි සුරංග මල්ලිත් එක්‌ක එකතුවෙලා කුඹුරට පැනලා හිටිය මී හරක්‌ එළවන්න පටන්ගත්තා. මම ලියද්ද ඇතුළේ ටිකක්‌ දුර යනවිට මී හරකකු එකවරම මා ඉදිරියට ඇවිත් මට ඇන්නා. මම බිම ඇද වැටුණා. ඊට පස්‌සේ දෙවරක්‌ හරකා මට ඇන්නා. මම බිම වැටිලා ඉඳගෙන කෑගසමින් අතට අහුවුණු මැටි ගුලියකින් හරකට ගැහුවා. ඊට පස්‌සේ හරක ආපස්‌සට හැරී ගියා.

ඉන් පස්‌සේ තුවාල ලැබූ මා සුරංග මල්ලි එයාගේ යතුරුපැදියේ තියාගෙන ගෙදරට එක්‌ක ගියා. මගේ බිරිඳ මගේ තුවාලවල ඇති මඩ සෝදලා කමිසයකුත් සරමකුත් අන්දලා සුරංග මල්ලිත් එක්‌ක එකතුවෙලා රෝහලට ගෙනියන්න සූදානම් කළා.

ඊට පස්‌සේ මොනව වුණාද කියලා මට මතක නැහැ. මම හිටියේ තිස්‌සමහාරාම රෝහලෙයි. සිහිය එනවිට වෛද්‍යවරු මට ප්‍රතිකාර කරනවා දැක්‌කා.

ඉන් ටික වේලාවකට පස්‌සේ මහදෙහිරේ ධර්aමේ අයියා ඇවිත් මට කිව්වා මගේ බිරිඳ අසනීප වෙලා රෝහලට ගෙනාවා එහිදී ඇය මියගියා කියලා.

මෙහිදී මියගිය තුෂාරි නිල්මිණිගේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය තිස්‌සමහාරාම මූලික රෝහලෙහි දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි එම්. එන්. එම්. ක්‍රිෂාන්ත මහතා විසින් පවත්වා හෘද අභ්‍යන්තරයේ හෘද පේශිවල හටගත් තිව්‍ර හෘද අකර්මන්‍යතාවය නිසා සිsදුවූ හදිසි මරණයක්‌ බවට නිගමනය කෙරිණි.

ඒ අනුව ලබාගත් සාක්‍ෂි සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‌ෂක . කේ. ජී. සී. නිරංජන් මහතා කම්පනය මත ඇතිවූ හෘද අකර්මන්‍යතාවය නිසා සිදුවූ හදිසි මරණයක්‌ බවට තීරණය කළේය.

සාක්‍ෂි මෙහෙයවීම තිස්‌සමහාරාම පොලිසියේ කොස්‌තාපල් (7816) රෝහිත මහතා සිදු කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.