වෛද්‍ය සමිතා සමන්මලී වන්දි නඩු විභාගය කල් තැබේ

පියදාස රණසිංහ

කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පාලනාධිකාරියෙන් රුපියල් කෝටි 50 ක වන්දි මුදලක්‌ ඉල්ලා වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය කොළඹ දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුව, පැමිණිලිකාර පාර්ශ්වය විසින් කරන ලද ඉල්ලීමක්‌ සළකා බැලූ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා වැඩිදුර විභාගය දෙසැම්බර් මස 13 දිනට කල් තැබීමට තීරණය කළේය.

විනිසුරුවරයා එම තීරණය ප්‍රකාශ කළේ පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ විෙ-දාස රාජපක්‌ෂ මහතා දැනට විදේශගතව සිටින බව දන්වා සිටිමින් ඒ සඳහා ඉදිරි දිනයක්‌ ලබාදෙන ලෙසට පැමිණිලි පාර්ශ්වයේ නිතිඥ නිලන්ත කුමාරගේ මහතා කරන ලද ඉල්ලීමකට ඉඩ දෙමිනි.

කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පසුගිය 2008 පෙබරවාරි 15 "මෙඩෙක්‌ස්‌" වෛද්‍ය ප්‍රදර්ශනය සංවිධානය කරමින් සිටි අවස්‌ථාවේ, වෙනත් ප්‍රදර්ශනයක්‌ සඳහා ඉදිකර තිබූ කුටියක්‌ සමිතා සමන්මලී මෙනෙවියගේ හිස මත කඩා වැටී සිදුවූ අණතුර හේතුවෙන් ඇය සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව ඇතැයි සඳහන් කරමින් මෙම වන්දි නඩුව ගොනු කර තිබේ.

මෙම පෙත්සම් විභාගය යෙදී තිබූ කලින් නඩු දිනයේද වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥ එස්‌. ආර්. සුරේන්ද්‍රන් මහතා රෝගාතුරව සිටීම හේතුවෙන් වැඩිදුර විභාගය පසුගිය 24 වන දිනට කල් තැබීමට විනිසුරුවරයා තීරණය කර තිබිණ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.