බොරතෙල් නිසා බොරුතෙල් 'නෑම'

බොරතෙල් නැතිව අක්‍රියව වසා දමා ඇති සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා වහාම බොර තෙල් මෙටි්‍රක්‌ ටොන් 80,000 ක්‌ මිලදී ගැනීමට ඛනිජතෙල් නීතිගත සංස්‌ථාව කටයුතු කර ඇත. එම බොරතෙල් රැගත් නැව පෙරේදා (04 වැනිදා) කොළඹ වරායට සැපත් වූ බව ඊයේ (05) වැනිදා 'දිවයින' මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් අනාවරණය කෙරිනි.

බොරතෙල් රැගත් නැව පැමිණීම අපට සතුටුදායක ආරංචියක්‌ වන්නේ දැනට සතියකටත් අධික කාලයක්‌ තිස්‌සේ වසා දමා ඇති සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ වැඩ ආරම්භ වීම නිසාය. එහි සේවයේ නියුතු 1400 ක පමණ සේවක පිරිසකගේ මිනිස්‌ පැය ගණන පසුගිය සති කීපයේ නිකරුණේ ගෙවී ගියෙන් සංස්‌ථාවට පමණක්‌ නොව රටට වූ අලාභය ගිණිය නොහැකි තරමේ ප්‍රමාණයකි. එපමණක්‌ද නොවේ පිරිපහදුව ඇනහිටීම හේතුවෙන් පිරිපහදු කරන ලද තෙල් ආනයනය සඳහා අමතර පිරිවැයක්‌ දරන්නට වීමේ පාඩුවද සපුගස්‌කන්ද ඉක්‌මනින් සක්‍රීය වුවහොත් වළකාගත හැකි වනු ඇත. මේ නිසා ඉක්‌මනින්ම බොරතෙල් නැවක්‌ කොළඹ වරායට ළඟා වීමේ පුවත අපට නම් ප්‍රීතියක්‌ම වුණි.

අහෝ· ඒත් ලෝ දහමක අරුම. සතුට, ප්‍රීතිය සමඟ එක්‌ව දුක ද අප කරා එන හැටි. ඒ ගැන වඩාත් හොඳින් පැහැදිලි කරන්නට zබාල පෙට්‍රල්Z සිහිපත් කළොත් යෙහෙකැයි සිතෙයි. පසුගිය වසරේ ජුලි මාසයේදී zඉනොක්‌Z නමැති සමාගමක්‌ හරහා මෙරටට ගෙන්වා අලෙවි කළ ප්‍රමිතියෙන් තොර ඉන්ධන නිසා රටපුරා රථවාහන විශාල ප්‍රමාණයක්‌ කාර්මික දොaෂවලට ලක්‌ විය. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෝටර් රථයට ද බාල තෙල්වලින් හානි වූ බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා අපට අමතක නැත.

අවසානයේ බාල තෙල් මෙටි්‍රක්‌ ටොන් 20,000 ක්‌ මිලදී ගන්නට කළ වියදමටත් වඩා කුණු කතා ද අසා තවත් වියදමක්‌ දරා බාල තෙල් නිසා හානි වූ වාහනවලට වන්දි ගෙවන්නට ද ඛනිජතෙල් සංස්‌ථාවට සිදු විය. බාල ඉන්ධන, විකිණූ 'ඉනොක්‌' සමාගම සංස්‌ථාවට වූ අලාභයට එක සතයක්‌ ගෙව්වේ නැත. ඒ නිසාම එම සමාගම අසාදු ලේඛන ගත කරන්නට (Black Listed) ද සංස්‌ථාව පියවර ගත්තේය.

පුදුමයක මහත නම් ඉනොක්‌ සමාගමෙන් තෙල් මෙටි්‍රක්‌ ටොන් 20,000 ක්‌ ගෙන්වා අමතක නොවන පාඩමක්‌ ඉගෙනගත් සංස්‌ථාව පෙරේදා යළිත් වරායට ගෙනැවිත් තිබෙන තෙල් මෙටි්‍රක්‌ ටොන් 80,000 ද මිලදී ගෙන ඇත්තේ අසාදු ලේඛනගත කළ ඉනොක්‌ සමාගමෙන් ම බවට ආරංචි වීමය. මේ තෙල් මේ වන විට සපුගස්‌කන්ද බලා ප්‍රවාහනය වුණාද යන්න අපි නොදනිමු. ඇතැම් විට මේ තෙල් ගොඩ බා අවසන් කිරීමට තව දින 10 ක්‌ වත් යනු ඇත. මන්ද, වරායේ සිට තෙල් ප්‍රවාහනය කරනු ලබන සංස්‌ථාවට අයත් භූගත නළ මාර්ග සිදුරු වී ඇති නිසා අව පීඩනයකින් තෙල් මුදාහැරීමට සිදුවීම ය. සිදුරු වූ නළ ප්‍රතිසංස්‌කරණය පසෙකට කල් තබා වරායට දිනකට ගෙවන්නට සිදුවන ප්‍රමාද ගාස්‌තුව වන ඩොලර් 20,000 ගැන හෝ නොතකා මේ ගොඩබාන තෙල් නිසි ප්‍රමිතියට ඇත්දැයි පරීක්‍ෂා කළේ නම් ඉන්ධන නැතිව වාහන තාවකාලිකව නවතා තැබීමෙන් සිදුවන පාඩුවට වඩා බාල ඉන්ධන යොදා ධාවනය කිරීමෙන් වාහන සදහටම නවතා දමන්නට සිදුවන පාඩුව වළකා ගත හැකි නොවේදැයි අපට සිතෙයි. අඩුම තරමින් ඒ පාඩුව වළකාගත හොත් zහෙජිං සූදුවZ නිසා ඩොයිෂ් බැංකුවට ගෙවන්නට සිදුවී තිබෙන ඩොලර් මිලියන 60 හෝ ගෙවා ගන්නට මුදලක්‌ ඉතිරි කරගන්නටවත් සංස්‌ථාවට හැකි වනු ඇත.

කොහොම වෙතත් ඛනිජතෙල් සංස්‌ථාව මේ වැටී සිටින වළෙන් ගොඩට ගන්නට නම් සංස්‌ථාවෙන් තෙල් මිලදීගෙන zපොලුZ තබා සිටින ලංකා විදුලිබල මණ්‌ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, මිහින් ලංකා සමාගම, එයාර් ලංකා සමාගම සහ ලංකා ගමනාගමන මණ්‌ඩලයද සහයෝගය දිය යුතුය. අප එසේ කියන්නේ මේ එකදු රාජ්‍ය ආයතනයක්‌වත් ජනතාවට නොමිලේ සේවය සපයන ආයතන නොවන නිසාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.