2012 නොවැම්බර් 06 අගහරුවාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
අධිකරණයේ නිදහස ගැන
විශ්වාසය කඩවීම සුදුසු නොවේ

දෝෂාභියෝගය
යළි සලකා බලන්න

ෙත්‍රෙනිකායික මහ නාහිමිවරු
ජනපතිගෙන් ඉල්ලති

අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව කථානායකවරයාට බාරදී ඇති දෝෂාභියෝග යෝජනාවක අවශ්‍යතාව සම්බන්ධයෙන් යළිත් විමර්ශනාත්මකව සලකා ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිමින් ෙත්‍රෙනිකායික මහා නාහිමිපාණන් වහන්සේලා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ යවා ඇත.


පක්‍ෂ නායක රැස්‌වීම
අදට කල් යයි


කථානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (05 දා) කැඳවා තිබූ පාර්ලිමේන්තු පක්‍ෂ නායක රැස්‌වීමේදී අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳව කිසිදු තීන්දුවක්‌ ප්‍රකාශයට පත් නොකෙරුණි.
 


දෝෂාභියෝග ක්‍රියාවලිය
නිමවන තෙක්‌
පාර්ලිමේන්තුව

අධිකරණයක්‌ විය යුතුයි

'විපක්‍ෂයේ විරෝධය'
සංවිධානය කියයි

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත්කළ අවස්‌ථාවේ සිට එය විවාද කොට සම්මත කොට ජනාධිපතිවරයා වෙත යොමුකර සමස්‌ත ක්‍රියාවලිය සම්පූර්ණ වනතෙක්‌ පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුත්තේ අධිකරණයක ස්‌වරූපයෙන් යෑයි එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළු පක්‍ෂ අටක නායකයන්ගෙන් සැදුම්ලත් "විපක්‍ෂයේ විරෝධය" නමැති සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.


මනම්පිටියේ ලොරි
- යතුරුපැදි ගැටුමෙන්
හිටපු නි. ඇමැතිගේ

පුත්‍රයා මරු දකී

මඩකලපුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ආච්චි බෝක්‌කුවට නුදුරුවදී පෙරේදා (04 දා) රාත්‍රි 10.40 ට පමණ ලොරියක්‌ සහ යතුරුපැදියක්‌ එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ හුසේන් බයිලා මහතාගේ වැඩිමහල් පුත්‍රයා මරුමුවට පත්වීS තිබේ.


අනිද්දා වන විට
විසඳුමක්‌ නැති නම්
ගුරු සංගම් වෘත්තීය සටනට

අනිද්දාට 08 වැනිදාට පෙර නිසි විසඳුමක්‌ ලබාදීමට රජය පියවර නොගන්නේ නම් පාසල් 9682 ක ගුරුවරුන් සහභාගි කර ගනිමින් අඛණ්‌ඩ දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට ඒකාබද්ධ ගුරු සංගම් තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්‌ටාර්ලින් මහතා "දිවයින"ට පැවැසීය.


ආණ්‌ඩුව වියරුවෙන් හැසිරෙමින්
රටේ ප්‍රජාතන්ත්‍රවාදය

සහ යුක්‌තිය අහෝසි
කරමින් සිටිනවා

අනුර කුමාර
දිසානායක (ජ.වි.පෙ.)

කළ නොහැක්‌කක්‌ නොමැත කියා සිතන ආණ්‌ඩුව වියරුවෙන් හැසිරෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්‌තිය අහෝසි කරමින් සිටින බව ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05 දා) කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී පැවැසීය.



අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දොaෂාභියෝගයට විරෝධය දක්‌වමින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය මගින් ඊයේ (05 දා) පස්‌වරුවේ කොළඹ අලූත්කඩේ අධිකරණ පරිශ්‍රයේ සිට කොළඹ කොටුව දක්‌වා පාගමනක්‌ පවත්වන ලදී.
ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයන්, නීතිඥයන් සහ විද්වත් වෘත්තිකයන් ඇතුළු පිරිසක්‌ පා ගමනට එක්‌වූ අයුරුයි.
ඡායාරූපය - නිශාන්
එස්‌. ප්‍රියන්ත


පාර්ලිමේන්තු රැස්‌වීම්වලට
අනිවාර්යයෙන්

සහභාගි වන්න
ජනපතිගෙන්

මන්ත්‍රීන්ට උපදෙස්‌


ඉදිරි කාලපරිච්ඡේදය තුළදී තීරණාත්මක කරුණු යෙදී ඇති බැවින් සියලු දෙනාම පාර්ලිමේන්තු රැස්‌වීම්වලට සහභාගිවීම අනිවාර්ය බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05 වැනිදා) පෙරවරුවේ පැවැති ආණ්‌ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී අවධාරණය කර තිබේ.


වනෝද්‍යානවල
සංචාරක නිවහන්
ඇමැතිගේ නමින්

නොමිලේ වෙන් කරවාගෙන

යාල, විල්පත්තුව, උඩවලව සහ හෝර්ටන්තැන්න වනෝද්‍යානවල ඇති සංචාරක නිවහන්වලට වැඩිම ඉල්ලුම ඇති දෙසැම්බර් මාසයේදී වනජීවී හා ගොවිජන සේවා නියෝජ්‍ය ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතාගේ නමින් 36 වතාවක්‌ නොමිලේ වෙන්කරවා ගෙන ඇතැයි වාර්තා වේ.


දෙහි කිලෝවක්‌
රු. 800 ට නගී

මේ දිනවල බදුල්ලේ දෙහි කිලෝවක මිල රුපියල් 600 සිට 800 දක්‌වා ඉහළ ගොස්‌ ඇත.


දකුණෙන් කොළඹ
එන බස්‌ පානදුරේ සිට
නැවතුම්පළ පහකට

පමණක්‌ සීමා වෙලා


අධිවේගී මාර්ගය
නාය ගියා සේ
අදූරදර්ශී නායකත්වය

නිසා මුළු රටම
නායයමින් තිබෙනවා

එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක

අධිවේගී මාර්ගය නාය ගියා සේ අදූරදර්ශී නායකත්වය නිසා මුළු රටම නායයමින් තිබෙන බව එක්‌සත් ජාතික පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (05 වැනිදා) විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.


  
 
 
  • සිලෝන් තේ මින් ඉදිරියට පළාත් අනුව නම් කරනවා
    වැවිලි කර්මාන්ත නි.ඇමති අර්ල් ගුණසේකර


    මෙතෙක්‌ ලෝකය තුළ තිබූ සිලෝන් තේ වෙනුවට ඒ ඒ පළාත් අනුව කැන්ඩියන් තේ හෝ මැදරට තේ ලෙසද, දකුණු පළාත් හෝ සබරගමුව තේ ලෙසද මින් ඉදිරියට තේ වර්ග නම් කිරීමට සැලසුම් කොට ඇතැයි වැවිලි කර්මාන්ත නි.අමාත්‍ය අර්ල් ගුණසේකර මහතා ගම්පොලදී සඳහන් කළේය.

 


 
  • දෝෂාභියෝග හා අභියෝගිත  දෝෂ නිවාරණය

    විදේශීය බලපෑම් මෙහිදී වඩාත්ම භයානක තත්ත්වයන් උදා කරනු ඇත. දැනටමත් අන් මානව අයිතිවාසිකම් පිළිබඳව මහා ගෝරනාඩුවක්‌ කරන අන්තර්ජාතික සංවිධාන හා රටවලට මෙම ක්‍රියාදාමය මනා උන්සිල්ලාවක්‌ වනු ඇත. එක්‌සත් ජාතින් වෙත දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමට පියවර ගනිතැයි දැනටමත් පළ වී ඇත. ගිය සතියේ ජිනීවාහිදීද මෙම දෝෂාභියෝගය සටහන් වුවද හිසරදයක්‌ නොවීයෑයි සිතමි. එහෙත්, ලබන මාර්තුවලදී එය වසූරියක්‌ නොවෙනු ඇත්ද?
     

  • අධ්‍යාපනය සහ  ත්‍රස්‌තවාදය

    අප රටේ මධ්‍යම හා දුගීපාන්තික දරුවන්ට උසස්‌ අධ්‍යාපන වරම් මෙලෙස අහිමි වූ අවස්‌ථා කෙතෙක්‌ නම් ඇත්ද? පසුගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය නිසා මාස හතකට වැඩි කාලයක්‌ සිසුන් ගෙදරට වී කල් ගත කළහ. දහස්‌ ගණනක්‌ දෙනා විශ්ව විද්‍යාල ප්‍රවේශය එනතෙක්‌ ගෙදරට වී කල් ගත කළහ. ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ තම උසස්‌ පෙළ පිළිතුරු පත් ඇගයීම කරන තෙක්‌ යන එන මං නැතිව කල් ගත කළහ.

  • දරුවන්ට  මාරක දශා  යෙදෙන හැටි

    වැඩිහිටියකුට රෝගයක ලකුණු පහළ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා කල් තබා සූදානම් වීමකට ඉඩ තිබේ. එහෙත් කුඩා දරුවකුට බහ තෝරන විය දක්‌වා ම තමාට ඇති රෝගයක්‌ අන්‍යයන්ට පළ කිරීමේ පුළුවන් කමක්‌ නැත. එහෙයින් දරුවකුට වයස අවු. 12 ඉක්‌මවන තුරු ආයු බලය පිළිබඳ නිගමනයකට එළඹීම අමාරුය. හේතුව ලාබාල වියේ දරුවකුට මරණය ළඟා වීමට, පූර්ව ආත්මයකදී පියා කළ පාපකර්මයක්‌, මව විසින් කරන ලද පාපකර්මයක්‌ හෝ දරුවා විසින්ම කරන ලද පාපකර්මයක්‌ මුල් විය හැකි බැවිනි.
     

  • මිනිසාගේ ජීවත්වීම සඳහා ඇති ආහාර
    ඉන්ධන ලෙස භාවිත නොකළ යුතුයි

    ලෝක බලශක්‌ති සමුළුව අමතමින්
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියයි

    මෙවර ලෝක බලශක්‌ති සමුළුව ඩුබායිහිදී පවත්වන්නට යෙදිණි. ලෝක බලශක්‌ති සැපයුමල  මිහිතල උණුසුම පාලනය සහ හරිත ආර්ථිකය මෙහි ප්‍රධාන විෂය  තේමාව වූ අතර ලබන වසරේ සිට සෑම වසරකම ඔක්‌තෝබර් 22 ලෝක බලශක්‌ති දිනය ලෙසද මෙහිදී නම් කෙරිණි. මෙම සමුළුවේදී  ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදුකරන ලද කතාව ලෝක නායකයන්ගේ අවධානයට ලක්‌විය.

  

  


 
  • කණ්‌ඩායමේ අත්හදා බැලීම් වලදී
    ගන්නා තීරණ ඉක්‌මණින් සිදු කළ යුතුයි

    ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර

    කණ්‌ඩායමේ ඉදිරිය පිළිබඳව සිදුකරනු ලබන අත්හදා බැලීම්වලදී ගනු ලබන තීරණ ප්‍රමාද වීමකින් තොරව ඉක්‌මනින් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර සඳහන් කරයි.
     
  • ශ්‍රී ලංකා - නවසීලන්ත
    දෙවැනි එක්‌දින ක්‍රිකට්‌ තරගයේ '
    වැස්‌සේ වාසිය ශ්‍රී ලංකාවට'


    සංචාරක නවසීලන්ත කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායට අනුව ලකුණු 14 ක ජයක්‌ අත්කරගත් ශ්‍රී ලංකා කණ්‌ඩායම වර්ෂාව හේතුවෙන් පළමු තරගය අතහැර දැමුණු තරග 5 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 1-0 ක්‌ ලෙස පෙරමුණ ගැනීමට ඊයේ (04 දා) සමත්වූවේය.'
     
  • ක්‍රීඩා නිලධාරී සේවයෙන් බැහැරව
    වයඹ ක්‍රීඩා අධ්‍යක්‍ෂ පත් කිරීමට එරෙහිව '

    වයඹ ක්‍රීඩා නිලධාරීහු වර්ජනයට සැරසෙති'

    ලබන 30 දෙසැම්බර් 1 සහ 2 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත 38 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ සියලු කාර්යයන් වර්ජනය කිරීමට වයඹ පළාතේ ක්‍රීඩා නිලධාරීන් බහුතරයක්‌ සූදානම් වන බව "දිවයින" ට වාර්තා වේ.'

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.