2012  දෙසැම්බර් 01 සෙනසුරාදා

 
 

    Advertising Rates
    Subscription Rates
    Divaina Editor
    Circulation
    ADVERTISING
   RATES
    
    Submit Your Opinion
    contact webmaster

58 වැනි එජාප සමුළුව
50 දෙනකුට තහනම්

පක්‍ෂ සාමාජිකයන් 5800 දෙනකු ආරාධනා ලැබ තිබෙන එජාප මෙවර සමුළුවේදී පක්‍ෂ නායකත්වය වසර හයකින් දීර්ඝ කළ යුතු බවට වන ව්‍යවස්‌ථා සංශෝධනය සහ පක්‍ෂයේ ඉදිරි ගමන්මග පිළිබඳ කියෑවෙන "රැඩිකල් දේශපාලන වැඩපිළිවෙළ" සම්මත කර ගැනීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

කථානායක ඇතුළු
12 දෙනා ආවත් නැතත් ශේ්‍රෂ්ඨාධිකරණ විමර්ශනය ජනවාරියේ

පෙත්සම්වල වගඋත්තරකරුවන් වන පාර්ලිමේන්තුවේ කථානායක වරයාට සහ විශේෂ කාරක සභාවේ සාමාජිකයන් 11 දෙනාට මෙම විභාගය පවත්වන දින වහාම දැනුවත් කරන ලෙසද රෙජිස්‌ට්‍රාර් වරයාට නියම කෙරිණ.

මන්ත්‍රීවරු නොසන්සුන් වී සභාවේ කටයුතු තුන්වරක්‌ ඇනහිටී

සභාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කළුතර දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සභාවෙන් ඉවත් කරන ලෙසට ද ඒ අවස්‌ථාවේ මූලාසනයේ සිටි ඒ. එච්. එම්. අස්‌වර් මහතා නියෝග කළේය.

රනිල් ඇතුළු 85දෙනකුට නොතීසි

2012 එක්‌සත් ජාතික පක්‌ෂ මහා සම්මේලනය වෙත එජාප සංවිධා යකවරුන්ට රැගෙන ආ හැකි නියෝජිතයන් සංඛ්‍යාව අත්ත නෝමතික අන්දමින් සීමා කිරීම තුළින් ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට විරුද්ධව.....

ත්‍රිරෝද රථයේ 15 දෙනෙක්‌

මෙම ළමයින් සියලු දෙනාම ළදරු පාසලක දරුවන් බවද කාන්තාව එක්‌ ළමයකුගේ මවක්‌ බවද පොලිසිය පවසයි.

මදුරුවාගෙන් මඩිය තර කෙරෙන ටෙන්ඩරය අත්හිටුවයි

අඩු මුදලකට මිලදී ගත හැකිව තිබිය දී වැඩි මිලකට මදුරුවන්ට දුම් ගසන යන්ත්‍ර මිලදී ගැනීමට සැලසුම් කළ ටෙන්ඩරය වහාම අත්හිටුවීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස්‌ දී තිබේ.

මට නොතීසි මිටි ගණන් එනවා - කථානායකගේ තීන්දුව ශ්‍රෝෂ්ඨාධිකරණයට දන්වන්න
- ජෝන් අමරතුංග පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

ශ්‍රෝෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පාර්ලිමේ න්තුවේදී පෙරේදා (29 දා) ලබාදුන් තීන්දුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මගින් ශ්‍රෝෂ්ඨාධි කරණය වෙත ලැබීමට සලස්‌වන් නැයි විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා කථානයක චමල් රාජපක්‌ෂ මහතාගෙන් ඊයේ (30 වැනිදා) ඉල්ලා සිටියේය.

කොටකෙතන ද්විත්ව ඝාතනයට සැක ධර්ම සිරිගේ මන්ත්‍රී ධුරය අවදානම්

කහවත්ත කොටකෙතන පළමු ද්විත්ව කාන්තා ඝාතන සම්බන්ධ රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිටින ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ එල්. එච්. ධර්මසිරි මන්ත්‍රිවරයාගේ මන්ත්‍රීධුරය අහෝසි කළ යුතු බවට ඉකුත් 29 වැනිදා පැවැති ගොඩකවෙල ප්‍රාදේශීය සභා මාසික රැස්‌වීම හමුවට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත විය.

පිටරට ගොස්‌ ඇවිත් ආයෝජනය කරන අයට බදු සහන

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආපසු පැමිණීමෙන් පසුව ඔවුන් විසින් මෙරට කරන ආයෝජනයක්‌ සඳහා වසර 05 ක කාලයකට බදු සහන ලබාදීමට රජය තීරණය කර ඇත

ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට "13" බලාත්මක
කරන්නට ජාත්‍යන්තරය ක්‍රියාත්මකයි

- ගුණදාස අමරසේකර

13 වැනි සංශෝධනය අහෝසි කරන්න ආණ්‌ඩුවට දර්ශනයක්‌ හා වුවමනාවක්‌ නැති බවද ලබන මාර්තු මස වන විට මෙහි උච්ඡතම අවස්‌ථාව එළැඹෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අනුර කුමාර හා නීතිඥවරු අත්පත්‍රිකා බෙදති


"ඒකාධිපති පවුල් බලය පරදවමු. ප්‍රජා තන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු." යන මැයෙන් අත් පත්‍රිකා බෙදා දීමක්‌ පෙරේදා (29 වැනිදා) කොළඹ අධිකරණ සංකීර්ණය සහ ඒ අවට සිදු කරන ලදී.

කොළඹ කච්ෙච්රියේ ගින්නෙන් විනාශ නොවූ ගිනි අවි 53 ක්‌ හමුවේ

ගින්නෙන් පසු ගිණුම් අංශයේ පැවැති සේප්පු සහ යකඩ කබඩ් කිහිපයක තිබූ වටිනා ලිපි ලේඛන සුරක්‌ෂිතව තිබෙන බවද කී ඇමැතිවරයා ඉංජිනේරු අංශයේ පැවැති ලිපි ලේඛන, ලී බඩු උපකරණ ආරක්‌ෂා වී ඇතැයි කියා සිටියේය.

දුම්කොළ භාවිතයට එරෙහි වන රජයන්ට නඩු පැවරීම ගෝලීය විලාසිතාවක්‌
- වෛද්‍ය සමාධි රාජපක්‍ෂ

ජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම රජයේ අයිතියක්‌ හා වගකීමක්‌ වන අතර, ජනතාවටද දුමෙන් තොර වාතය ආඝ්‍රාණය කිරීමේ අයිතිය ඇත.


ලැඟුම්හලක නතරව සිටි යුවළකගේ
ලක්‍ෂ 3 1/2 ක දේපළ සොරාගෙන
අඹු සැමියන් නොවන තරුණ යුවළ අසල පිහිටි කැලයකට පැනයයි

යුවළ නතරව සිටි කාමරයේ දොර කඩා ඇතුළු වී මුදල් රු. 18000 ක්‌ හා රුපියල් ලක්‍ෂ තුනහමාරක්‌ වටිනා රන් ආභරණ පැහැර ගෙන ගොස්‌ ඇතැයි සඳහන් කෙරේ.

විදේශ සබඳතා ශක්‌තිමත් කිරීමට
මිත්‍රත්වයෙන් ඔබ්බට ගොස්‌ බැඳීම් ඇති කරගත් නිසා
මැද පෙරදිග රටවල් ශ්‍රී ලංකාව සමග එකට සිටිනවා

- විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌

විදේශ රටවල් සමග මිත්‍රත්වයක්‌ ඇති කර ගන්නවාට වඩා බැඳීම් ඇති කර ගැනීම තුළින් විදේශ සබඳතා ශක්‌තිමත් වන අතර රජය එලෙස සිතා කටයුතු කරන බැවින් මැදපෙරදිග ලෝකය ශ්‍රී ලංකාව සමග එකට සිටින බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පැවැසීය.


38 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඊයේ (30 දා) සවස ආරම්භ විය. එම ක්‍රීඩා උළෙල ආරම්භ වූ වග ජනාධිපතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කළ අයුරු. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද ඡායාරූපයේ සිටී.
ඡායා - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

විදුලි සර වැදී අලි
4 ක්‌ මරුට

රාත්‍රි කාලයේ ආහාර සොයා යමින් සිටි සද්ධන්තයන් සිව්දෙනකු ඊයේ (30 දා) අලුයම පූනානිවලට නුදුරු මියන්කුලම ප්‍රදේශයේදී අධි බලැති විදුලි රැහැනක පැටලීම නිසා විදුලි සර වැදී මියගොස්‌ ඇත.


කවදාද... කවදාද...

ශ්‍රේෂ්ඨාධිකරණය විසර්ජන පනත් කෙටුම්පත සංශෝ ධනය කළ යුතු බවට නියෝ ගයක්‌ නිකුත් කර ඇති නමුත් රජය තවමත් ඒ පිළිබඳව කරුණු දැක්‌වීමක්‌ කොට නැතැයි ද විපක්‍ෂ නායකවරයා කීය.


අවේශයෙන් මිනී මැරූ 9 දෙනා 10 දා තෙක්‌ රිමාන්ඩ්

15 හැවිරිදි හා 7 හැවිරිදි දැරියන් දෙදෙනාට හා 19 හැවිරිදි එක්‌ දරු මවකට බරපතළ තුවාල සිදුකර දැරියක්‌ ඝාතනය කළ අඹු සැමි යුවළක්‌ ඇතුළු සැකකරුවන් 09 දෙනකු ...

එජාප මන්ත්‍රීවරුන්
33 දෙනකුගේ
ආරක්‍ෂකයන්ට අද ගිනිඅවි නැහැ!

මෙහිදී අදහස්‌ දැක්‌වූ බුද්ධික පතිරණ මහතා කියා සිටියේ එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් 42 දෙනාගෙන් 33 දෙනකුගේම ගිනි අවි ඉවත් කර ඇති බවයි.

ගෝවේ සිනමා උළෙලේ හොඳම නිළිය අංජලී පටිල්

ඉන්දියාවේ ගෝවේහිදී පැවැති 43 වැනි ඉන්දි යානු ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ප්‍රසන්න විතානගේ අධක්‍ෂ ණය කළ "ඔබ නැතුව ඔබ එක්‌ක" චිත්‍රපටයේ රඟපෑ අංජලී පටිල් විසින් දිනා ගන්නා ලදී.


කොටි සැමරුම නතර කළේ ත්‍රස්‌තවාදී මර්දන පනත යටතේයි
- ආරක්‍ෂක අංශ කියයි

හමුදාව සමඟ ගැටුම් ඇති කරගෙන එය ජාත්‍යන්තරයට පෙන්නුම් කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාල සිසුන් මහාවිරු සැමරුම පවත්වා ඇතැයිද එම නිලධාරියා කියා සිටියේය.

සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට නව කැන්ඩොස්‌ අලෙවි හල විවෘත කෙරේ


කැන්ඩොස්‌ නිෂ්පාදන සහිත නව කැන්ඩොස්‌ අලෙවි හල කොළඹ 13, බ්ලුමැන්ඩල් පාරේ පිහිටි සී/ස උපාලි සමූහ ව්‍යාපාර පරිශ්‍රයේ දී ඊයේ (30 දා) උදෑසන සුබ මොහොතින් විවෘත විය.

වැලිකඩ සිද්ධිය :
මට දැන් හොඳයි!

- රණවන කියයි

වැලිකඩ බන්ධනාගාර රැඳවියකුගේ වෙඩි පහරට ලක්‌ව බරපතළ තුවාල ලැබූ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ (එස්‌. ටී. එµa.) අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්‌පති ආර්. එම්. සී. රණවන මහතා පොලිස්‌ රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර දුරකථනය ඔස්‌සේ ඊයේ (30 වැනිදා) පැවැසීය.

සවුදි ගිහින් ජීවිත යෙන් වන්දි ගෙවූ අම්මා

එයා අපිත් එක්‌ක කතා කළේ මාස තුනක්‌ විතරයි. ඊට පස්‌සේ කිසිම තොරතුරක්‌ ලැබුණේ නැහැ. මම තොරතුරක්‌ සොයා ගන්න හැම තැනම ගියා. ඒත් වසර එකහමාරක්‌ පමණ යනතෙක්‌ කිසිම තොරතුරක්‌ සොයාගන්න බැරිවුණා.


රියෑදුරුට ගලකින් ගහලා
බදුල්ල-කොළඹ බසය මීගොඩදී මඩේ එරෙයි


කිසියම් පුද්ගලයකු බස්‌ රථයේ රියෑදුරුට ගලකින් පහරදී ඇති අතර එම පහර වැදීමෙන් පසු රථය පාලනය කර ගත නොහැකිව මගීන් ද සමඟ මාර්ගයෙන් ඉවතට පැන මඩ ගොහොරුවේ එරී තිබේ.

බායි කියා ඩුබායි යන්න හැදූ කාන්තා වන්ගේ මගඩි හෙළිවෙයි

මෙම කාන්තාවන් දෙදෙනා සතුව තිබූ ගමන් මලු පරීක්‍ෂා කිරීමේදී ගමන් බලපත්‍රවලට අලවා තිබූ ව්‍යාජ විදේශ සේවා කාර්යාංශ මුද්දරය නිලධාරීන් විසින් මුලින්ම හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල  28 වැනි වසර සපුරයි

මෙම රෝහල ගාස්‌තු අය කරන රජයේ එකම රෝහල වුවද, එය පෞද්ගලික අංශයේ අනෙකුත් රෝහල් ගාස්‌තුවලට වඩා ඉතා සාධාරණ හා ජනතාවට දැරිය හැකි තත්ත්වයේ පවතී.

"ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය" ග්‍රන්ථය එළිදැක්‌වීම 09 වැනිදා
කොළඹ විශ්ව විද්‍යාලයේදී

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අදාළ සියලු ක්‍ෂේත්‍රයන් ආවරණය කරමින් සම්පාදිත මේ ග්‍රන්ථය මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්තගේ සහ පැතුම් වික්‍රමරත්නගේ සංස්‌කරණයකි.


Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.