ඩෙංගු මදුරුවන්ට දුම් ගසන
යන්ත්‍ර ගෙනත් ජයට ගරති


ඒමන්ති මාරඹේ

ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා දුම් ගැසීම සාර්ථක ක්‍රමවේදයක්‌ නොවන බව තහවුරු වී තිබියදීත් සෞඛ්‍ය බලධාරීන් විසින් අධික මුදලක්‌ වැය කරමින් ධුමායන යන්ත්‍ර (ෙµdaගින් මෙෂින්ස්‌) මිලදී ගනිමින් එම ක්‍රමවේදයම භාවිතා කිරීම ගැටලුවක්‌ බව සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නජිත් සුමනසේන මහතා පවසයි.

ධුමායනය හරහා ඩෙංගු මදුරු කීටයන් සම්පූර්ණයෙන් විනාශ කිරීමට නොහැකි වනවා පමණක්‌ නොව පලතුරු මැස්‌සා ඇතුළු පරිසරයෙහි සමතුලිතභාවය පවත්වාගෙන යැම සඳහා අත්‍යවශ්‍ය ජීවීන් විනාශ වීමට ද එය හේතුවන බව මේ වනවිට සනාථ වී ඇතැයි සුමනසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ වනවිට රුපියල් ලක්‍ෂ ගණන් වැය කර මිලදී ගත් ධුමායන යන්ත්‍ර සිය ගණනක්‌ ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවැතීම නිසා පසෙක දමා තිබෙන බව පෙන්වා දුන් හෙතෙම එම යන්ත්‍ර මිලදී ගැනීමේදී උසස්‌ තත්ත්වයේ යන්ත්‍ර මිල දී නොගැනීම, ඒවා භාවිතා කිරීම පිළිබඳව කාර්ය මණ්‌ඩල නිසි පරිදි පුහුණු නොකිරීම යන හේතූන් මත මෙම යන්ත්‍ර භාවිතයට ගත නොහැකිව පසෙක දමා තිබෙන බව අවධාරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.