රෝගියකු රැගෙන ආ පිරිස
වෛද්‍යවරයාගේ නලාවට විදලා

ආරක්‌ෂක කැමරාව තොරතුරු කියයි

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

ගාල්ලේ පෞද්ගලික රෝහලකට රෝගියකු රැගෙන ආ අයකු විසින් එම රෝහලේ වෛද්‍යවරියකට අයත් වෙද නළාවක්‌ සොරාගෙන ගොස්‌ තිබේ.

උණවටුන ප්‍රදේශයේ ඩිස්‌කෝ සාදයක්‌ අතරතුර රෝගීවූ අයකු රැගෙන පිරිසක්‌ මෙම පෞද්ගලික රෝහලට පැමිණ ඇති අතර එහිදී වෛද්‍යවරිය රෝගියාට ප්‍රතිකාර කිරීමෙන් පසුව එම ස්‌ථානයෙන් මදකට පිටතට ගොස්‌ ඇති අතරවාරයේ මෙම වෙද නලාව සොරාගෙන ඇත.

මෙම සිද්ධිය රෝහලේ ආරක්‌ෂිත කැමරා පද්ධතියේ සටහන්ව ඇති අතර මේ පිළිබඳව පරීක්‌ෂණ පැවැත්වූ ගාල්ල පොලිසිය සැකකරුවන් හඳුනාගෙන ඇත.

මෙම වෙද නලාව පැහැරගෙන ගිය සැකකරු අදාළ වෛද්‍යවරිය වෙත වෙද නළාව ගෙනැවිත් භාරදීම නිසා සිද්ධිය එතැනින් සමථයකට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්‌ෂණ පැවැත්වීය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.