කරාපිටිය රෝහලේ පිරිසිදු කිරීමේ වැඩ ටෙන්ඩරයට පයින් ගැසීම ගැන පරීක්‍ෂණ

ගාල්ල එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ ලලිත් චාමින්ද

ගාල්ල කරාපිටිය රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු ටෙන්ඩර් කිරීමකින් තොරව එක්‌තරා පිරිසිදු කිරීමේ ආයතනයක්‌ වෙත පවරාදීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

කරාපිටිය රෝහලේ පිරිසිදු කිරීම් කටයුතු පවත්වාගෙන ගිය සමාගමෙන් එම කටයුතු ඉවත්කර නිසි ටෙන්ඩර් කිරීමකින් තොරව වෙනත් පිරිසිදු කිරීමේ ආයතනයකට ලබාදී ඇතැයි යන්න ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම පරීක්‍ෂණය ආරම්භ කර තිබේ.

මේ පිළිබඳව කරාපිටිය රෝහලේ උසස්‌ නිලධාරියකුගෙන් අප කළ විමසුමකදී පැවසුවේ කලින් පිරිසදු කිරීමේ කටයුතු කරගෙන ගිය ආයතනය නිසි ලෙස එම කටයුතු සිදු නොකිරීම හේතුවෙන් මෙම ආයතනයට එම පිරිසිදු කිරීමේ කටයුතු ලබාදුන් බවය. කෙසේ වුවත් එකී ආයතනය වෙත තවමත් කිසිදු ගෙවීමක්‌ සිදුකර නොමැති බවද එකී නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.