සියවසක ගුවනේ අභිමානය!

ශ්‍රී ලංකා ගුවන් සේවයට වසර 100 පිරීම නිමිත්තෙනි

කොලින් බ්‍රවුන් නම් ඉංග්‍රීසි ජාතිකයකුගේ භාවිතය සඳහා 1911 සැප්තැම්බර් 12 වන දින මුහුදු මාර්ගයෙන් රැබන්ෆෙල්ස්‌ නම් නැවෙන් ප්‍රථම ගුවන්යානය ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළට ළගා විය.

ප්‍රංශයේ නිෂ්පාදනය කරන ලද මෙම බ්ලෙරියට්‌ වර්ගයේ ගුවන්යානය අශ්ව බල 25 කින් බලගැන්විණ. 1909 ජුලි මස 25 දින කැලේ සිට ඩොවර් දක්‌වා (Calais
- Dover) ඉංග්‍රීසි ඕඩය ඔස්‌සේ ලුවී බ්ලේරියට්‌ විසින් සිදු කරන ලද ගුවන් ගමනින් අනතුරුව මෙම ගුවන්යානය ලොව එකල නිපදවා ඇති හොඳම පියාසර යන්ත්‍රය ලෙස සලකන ලදී. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මුල් මාස කිහිපය තුළ ගුවන්යානය පියාසර කටයුතුවල නිරත වූයේ නැත. එය විවිධ ස්‌ථාන වලදී ප්‍රදර්ශනය කොට තිබූ අතර ගුවන් මගින් ගමන් කිරීමට සමත් මෙම පුදුම යානය නැරඹීම සඳහා මහජනතාව ටිකට්‌පත් මිලදී ගත්හ.

Franz Oster (µ්‍රdන්ස්‌ ඔස්‌ටර්) නම් වූ ජර්මන් ගුවන් නියමුවෙක්‌ වර්ෂ 1911 දෙසැම්බර්හිදී ලංකාව පැමිණෙන ලදී. ඔස්‌ටි්‍රයානු - හංගේරියානු සම්භවයක්‌ ඇති ඉගෝ එටි්‍රච් විසින් නිර්මාණය කරන ලද ඔස්‌ටි්‍රයන් යානයක්‌ වූ Etrich Tauve නම් වූ එක්‌ තටු යානයක්‌ මෙම ගුවන් නියමුවා විසින් රැගෙන එන ලදී. මෙම ගුවන්යානය පරෙවියෙකු මෙන් දිස්‌ වූ අතර එබැවින් "Taube" යන නම යොදන ලදී. එය පරෙවියා යන අර්ථය දෙන ජර්මන් වචනයයි. ශ්‍රී ලංකා අහස්‌ තලයට ගුවන්ගත වූ ප්‍රථම ගුවන් නියමුවා වීමේ භාග්‍යය හිමි වූයේ ඔස්‌ටර් හටයි. ප්‍රථම ප්‍රයත්නයේදී ඔස්‌ටර් නියමු කුටියට නැග සිය එන්ජිම පණගන්වා කොළඹ තුරග තරග පිටියේ තණකොළ මත කරකැවෙමින් ශ්‍රී ලංකාවේ නොඉඳුල් අහස්‌තලයට නික්‌මුණේය. එසේ කරමින්, අඩි 40 ක උසකට ළගා වීමට ඔහු සමත් වූ නමුත් යානය අනතුරට ලක්‌ වී ඔහු සුළු තුවාල ලැබුවේය.

ඔස්‌ටර් තවත් ප්‍රයත්නයක්‌ සිදු කළ අතර එයද සාර්ථක නොවීය. ශ්‍රී ලංකා ගගන තලය තුළ පියාසර කිරීමට සිදු කළ තෙවන ප්‍රයත්නයේදී ඔස්‌ටර් විසින් ඒ සඳහා ප්‍රදර්ශනය කෙරෙමින් තිබූ කොලින් බ්‍රවුන් සතු බ්ලෙරියට්‌ එක්‌ තටු යානය භාවිතා කරන ලදී. තෙවන ප්‍රයත්නයේදීද ඔස්‌ටර් අවාසනාවන්ත විය. මෙවර ඔහු කොළඹ රැකට්‌ සමාජය හි ප්‍රදර්ශනය කෙරෙමින් තිබූ යානය පියාසර කිරීම සඳහා ගෙන්වා ගන්නා ලදී. මෙවර ඔහු රාජකීය විද්‍යාලයේ භාවිතයේ තිබූ උණ බම්බුවක ඝට්‌ටනය වූ අතර තුරග තරග පිටියට අනතුරුදායක ලෙස ගොඩබස්‌සන ලදී. උරහිසේ සන්ධි විස්‌ථාපනය වීමක්‌, කැපුම් හා සිරීම් සහිතවම ඔස්‌ටර් තුවාල ලැබීය. ගුවන් යානයට තදබල හානි සිදු වී තිබුණි. ගුවන්ගත කිරීම පිළිබඳ ඔස්‌ටර් ගේ වෘතාන්ත කිසිවක්‌ සාර්ථක ගුවන් ගමනක තිබිය යුතු අත්‍යවශ්‍ය මූලික අංගයක්‌ වන ගුවන් ගතවීම, ගුවන් චාරිකාව සහ ආරක්‍ෂාකාරීව ගොඩ බැස්‌සවීම යනාදිය සපුරා නොතිබූ බැවින්, එම ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් ගමන ලෙස හැඳින්වීමට සුදුසුකම් නොලැබීය.

1912 දෙසැම්බර් මස 7 වන දින, හිමිදිරි උදෑසන කොළඹ තුරග තරග පිටියේදී ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙකු වන Georges Verminck සහ Marc Pourpre යන දෙදෙනා විසින් බ්ලෙරියට්‌ වර්ගයේ ගුවන්යානයකින් ගුවන්ගත වීම, පියාසර කිරීමට සහ ආරක්‍ෂාකාරීව ගොඩබැස්‌සවීමට හැකියාව ලබාගනිමින් එය ශ්‍රී ලංකා ගුවන් තලය තුළ සිදු වූ ප්‍රථම සාර්ථක ගුවන් ගමන බවට පත්වන ලදී.

ඉන් පසුව මෙම ගුවන් නියමුවන් දෙදෙනා ගුවන් පියසැරි කිහිපයක්‌ සිදු කරන ලදී. මෙම චාරිකා අවසන් වීමෙන් පසු වසර 1931 තෙක්‌ ගුවන් සේවා ක්‍ෂේත්‍රය, නිහඬතාවයට පත්ව තිබූ අතර, මෙම කාලය තුළ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් 1920 වසරේදී ගුවනින් මෙරටට පැමිණි බව වාර්තා වී ඇති නමුදු ඒ පිළිබඳ ස්‌ථිර ප්‍රවෘත්තියක්‌ සොයා ගැනීම අපහසු වී ඇත. වසර 1928 කාල වකවානුව තුළදී ගුවන් සමාජයක්‌ පිහිට වූ බවද විශ්වාස කෙරේ.

වර්ෂ 1934 දී යාර 600 ක්‌ දිග ගුවන් ධාවන පථයක්‌ ඉදි කිරීම සඳහා රජය විසින් රත්මලානේ පොල් වගා භූමියකින් අක්‌කර 242 ක්‌ අත්පත් කර ගන්නා ලදී. මදුරාසි ගුවන් සමාජයේ ප්‍රධාන පියාසර උපදේශක බලපංති ලුතිනන් හැරල්ඩ් ටින්කල් බිස්‌කෝ විසින් පදවන ලද ඩී හැව්ලන්ඩ් පුස්‌මොත් යානය ප්‍රථම යානය වශයෙන් 1935, නොවැම්බර් 27 වන දින මෙම නව ගුවන් පථයට ගොඩ බස්‌වන ලදී.

මෙය එම ගුවන්තොටුපලේ මෘදු (මර්දු) සමාරම්භය සනිටුහන් කරන ලදී. එවකට ප්‍රවාහන හා වැඩ අමාත්‍යවරයා වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා වර්ෂ 1930 ගණන්වලදී සිලෝන් ගුවන් සමාජය හරහා පෞද්ගලික පියාසර කිරීම් ප්‍රවර්ධනය කරන ලදී.

රත්මලාන ගුවන් තොටුපොල සිවිල් ගුවන්සේවා කටයුතු සඳහා නිල වශයෙන් විවෘත කිරීම සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගුවන් පණිවුඩ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවෙන් ප්‍රථම විධිමත් සෘජු ගුවන් පණිවුඩ සේවාව නිල වශයෙන් සමාරම්භ කිරීම, සන්නිවේදන හා වැඩ අමාත්‍යවරයා වූ ශ්‍රිමත් ජෝන් කොතලාවල මහතාගේ ආරාධනයෙන් ශ්‍රීමත් ඇන්ඩෲ කල්දෙකොටි මහතා විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් පණිවුඩ සේවාව ලියාපදිංචි කරමින් මෙම අවස්‌ථාවේ ආණ්‌ඩුකාර කල්දෙකොට්‌ මහතා විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් පණිවුඩ සේවාව ලියාපදිංචි කරමින් මෙම අවස්‌ථාවේ ආණ්‌ඩුකාර කල්දෙකොට්‌ විසින්, ජනපද සඳහාවන රාජ්‍ය ලේකම්වරයාට සහ බොම්බාය සහ මදුරාසි ආණ්‌ඩුකාරවරුන් සඳහා වන පණිවුඩ අඩංගු රාජකාරී පණිවුඩ මළු 3 ක්‌ ඉන්දියාවේ ටාටා සන්ස්‌ සමාගම මගින් මෙහෙයවනු ලබන ආසන 4 කින් යුතු ඇමෙරිකානු වකෝ ගුවන්යානයේ කපිතාන්වරයාට භාර දෙනු ලැබීය. සමාරම්භක උළෙලින් පසුව ගගන සමාජයේ ටයිගර් මොත් ගුවන් යානා කිහිපයක්‌ රැස්‌ව සිටි සුවිශාල සහ සම්භාව්‍ය පිරිසගේ ප්‍රීතිය උදෙසා පියාසර ගුවන් සන්දර්ශන ඉදිරිපත් කළ අතර එහිදී ආණ්‌ඩුකාර කල්දොකොට්‌ හට ආචාර දක්‌වන ලදී.

1960 ගණන් වල මුල් කාලය වන තෙක්‌ විදේශ කෙරෙහි යොමුqවුණු වාණිජමය ගුවන් ගමන් බිමන් පිළිබඳ ප්‍රධාන ගුවන් තොටුපොල වූයේ රත්මලානයි.

වර්ෂ 1947 දී ආණ්‌ඩුකාරවරයා විසින් අලුතින් ස්‌ථාපනය කරන ලද සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් එල්. එස්‌. බී. ලෙස්‌ලි පෙරේරා මහතා පත් කරන ලද අතර පළපුරුද්ද ලත් සිවිල් සේවකයෙකු වූ චන්ද්‍රසෝම මහතා, පෙරේරා මහතාගේ ලේකම්වරයා වශයෙන් සන්නිවේදන හා වැඩ අමාත්‍යාංශය යටතේ කටයුතු කිරීමට පත් කරන ලදී. සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව කොළඹ කොටුවේ ට්‍රාන්ස්‌ වර්ක්‌ස්‌ හවුස්‌ (Trans Works House) හි ස්‌ථාපිත කරන ලදී.

වර්ෂ 1947 දී රජය විසින් ඩග්ලස්‌ ඩීසී 3, ඩැකෝටා වර්ගයේ ගුවන් යානා 3 ක්‌ මිලදී ගන්නා ලදී. වසර කිහිපයක්‌ තිස්‌සේ පැවැති සම්ප්‍රදායකට අනුව මෙම ඩීසී 3 වර්ගයේ යානා සියල්ලම සීතාදේවි, විහාරමහාදේවි සහ සුනේත්‍රා දේවි වශයෙන් රජ බිසෝවරුන්ගේ නම් වලින් නම් කෙරුණි. නමුත් නව ගුවන් සේවයේ ආරම්භය සනිටුහන් වූයේ තවත් මාස කිහිපයකට පසුවය. එබැවින් ගුවන්යානා තුන සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ අනුබලය යටතේ නියමුවන් පුහුණු කිරීමේ සහ ගුවන් පථ නිර්මාණ කිරීමේ කටයුතු සඳහා විශාල වශයෙන් භාවිතා කරනු ලැබීය. වර්ෂ 1947 ජුනි මාසයේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ යෝජනාවකට අනුව ඉදිරි මැතිවරණය සඳහා අවශ්‍ය වන වැදගත් මැතිවරණ නාම ලේඛන තොගයක්‌ රැගෙන ඒම සඳහා විහාරමහාදේවි යානය ලන්ඩන් නගරය බලා පියාසර කරන ලදී. ශ්‍රී ලාංකික ගගන යාත්‍රිකයන් හට සහ විශ්වසනීය පීසී 3 යානාවලට මුදුන් පමුණුවා ගත හැක්‌කේ මොනවාද යන්න පිළිබඳ තවදුරටත් කරුණු සනාථ කළේ ඓතිහාසික දින 9 ක ගුවන් ගමනයි. වර්ෂ 1947 දෙසැම්බර් මස 10 වන බදාදා දින, මගීන් 16 දෙනෙකුගෙන් පූර්ණ කණ්‌ඩායමක්‌ද සහිතව කපිතාන් පීටර් µර්නැන්ඩු මහතා පැදවූ සීතාදේවි යානය පෙරවරු 8.00 පසු වී මඳකට පසු රත්මලාන ගුවන් ධාවන පථයෙන් පලාලි බලා ශෝභමානව ගුවනට නැගී සිටියේ එයාර් සිලෝන් සමාගමේ වාණිජ ගුවන් ගමන්වල සමාරම්භය සනිටුහන් කරමිනි. එහි කෙටි නැවතුමකින් පසුව ඩැකෝටා යානය මදුරාසිය දක්‌වා ඉදිරියට ගමන් කළ අතර එදිනට පසුව එම ගුවන් මාර්ගය ඔස්‌සේම කොළඹ කරා නැවත පැමිණීම සිදු විය. එයාර් සිලෝන් ගුවන් සේවයේ ප්‍රථම ගුවන් සේවිකාව බවට පත්වීමේ ගෞරවය හිමි වූයේ පිළිගැනීමේ නිලධාරීනියක්‌ වශයෙන් එහි සේවය කළ මාවිස්‌ විඡේරත්න මෙනෙවියටයි. සමාරම්භක ගුවන් ගමන සඳහා ගුවන් කණ්‌ඩායම සමග යැමට නියමිතව තිබූ ගුවන් සේවිකාව හදිසියේ අසනීප වූයෙන් මාවිස්‌ විඡේරත්න මෙනවිය ඒ වෙනුවට යොදවන ලදී. වර්ෂ 1949 දෙසැම්බර් 21 වන දින යාපනයෙන් ආරම්භ වු නියමිත ගුවන් ගමනකින් පසු තිරුචිරපල්ලි ගුවන් තොටුපළට ගොඩබැස්‌සවීමේදී අනතුරට ලක්‌ වී ප්‍රකෘතිමත් කළ නොහැකි ආකාරයට හානියට පත් වූ ඩග්ලස්‌ C - 47 ඩැකෝටා වර්ගයේ CVP CAT ලෙස ලියාපදිංචි කරන ලද යානය පිළිබඳ අනතුර හැරුණු විට, සිය වසර 32 ක ඉතිහාසය පුරාවටම එක ද මගී අනතුරක්‌ හෝ කිසි දිනෙක වාර්තා නොකරමින් ලොව එක්‌ ආරක්‍ෂාකාරීව ගුවන් සේවාවක්‌ බවට පත් වීමේ විශිෂ්ඨ ගෞරවය එයාර් සිලෝන් සේවාව වෙත හිමි විය. මගීන් 21 දෙනා සහ ගුවන් කණ්‌ඩායමේ සාමාජිකයන් තිදෙනා අනතුරින් දිවි ගලවා ගත්හ.

වර්ෂ 1978 දී එයාර් සිලෝන් සේවය වසා දැමීමෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් වර්ෂ 1979 ජුලි මාසයේදී එයාර් ලංකා ගුවන් සේවය පිහිටුවන ලදී. මුලදී, මෙම නව ගුවන් සමාගම සිංගප්පූරු ගුවන් සේවයෙන් කුලියට ලබා ගත් බොයිං 707 ජෙට්‌ යානා 2 ක්‌ සමගින් මෙහෙයම් සිදු කරගෙන යන ලද අතර අවසානයේදී එයාර් ලංකා සමාගම මෙම බොයිං 737 යානා තමා වෙතම තබාගත් අතර ඒවා වර්ෂ 1979 දී මිලදී ගන්නා ලදී. එසේම කෙටි ගුවන් ගමන් මාර්ග සඳහා බොයිං 737 යානයක්‌ ලබාගන්නා ලදී.

රජයේ හිමිකාරිත්වය දැරූ එයාර් ලංකා සමාගම වර්ෂ 1998 දී එමිරේට්‌ස්‌ සහ ශ්‍රී ලංකා රජය විසින් දස වසරක ක්‍රමෝපාය සහයෝගිතා ගිවිසුමක්‌ අත් කිරීමෙන් අනතුරුව ඩුබායි එමිරේට්‌ස්‌ කණ්‌ඩායම සමග අර්ධ වශයෙන් පෞද්ගලිකරණය කරන ලදී.

වර්ෂ 1998 දී එයාර් ලංකා සමාගම "ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්‌" වශයෙන් යළි නම් කරන ලදී. ඒ 340-300 එයාර් බසය සහ ඒ 320-200 ගුවන් යානයෙන් සැදුම්ලත් ගුවන්යානා බල ඇණියේ අඩුපාඩු සම්පූර්ණ කරනු වස්‌ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්‌ සමාගම විසින් ඒ 330- 200 වර්ගයේ එයාර් බස්‌ 6 ක්‌ ලබා ගන්නා ලදී. ගුවන් සේවයේ ප්‍රතිරූපයට මහත් ප්‍රසිද්ධියක්‌ ලබා දෙමින් පරිඝනක මගින් හසුරුවනු ලබන අති නවීන එයාර්බස්‌ ඒ 320 ගුවන්යානා භාවිතය නිල වශයෙන් ආරම්භ කරන ලද ආසියාවේ පළමු ගුවන් සේවය වන්නේද ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. ඒ 330-200 ගුවන් යානය 1999 ඔක්‌තෝබර් සහ 2000 ජුලි අතරතුර කාලයේදී ගුවන් සේවයට එකතු කරන ලදි.

එමිරේට්‌ස්‌ සහ ශ්‍රී ලංකා රජය අතර කළමනාකරණ කොන්ත්‍රාත්තුව 2008 මාර්තු 31 වන දින අවසන් විය. එමිරේට්‌ස්‌ සමාගම විසින් සිය කොටස්‌ 2010 වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 53 කට ශ්‍රී ලංකා රජය වෙත විකුණන ලද අතර ඒ මගින් ගුවන් සේවා දෙක අතර තිබූ සියළුම සබඳතා අවසන් විය. වර්ෂ 2012 දී අප ගුවන් සේවය ලෝක මිත්‍ර සන්ධානය හා සම්බන්ධ විය.

වර්ෂ 2006 ඔක්‌තෝබර් මස 27 වන දින සංස්‌ථාපිත කරන ලද මිහින් ලංකා සේවය ශ්‍රී ලංකාවේ කොළඹ නගරය පාදක කොටගෙන ආරම්භ වූ අඩු වියදම් සහිත ගුවන් ගමන් මෙහෙයවනු ලබන ගුවන් සේවයකි. එහි හිමිකම් සම්පූර්ණ වශයෙන් දරන්නේ ශ්‍රී ලංකා රජය වන අතර 2007 වර්ෂයේ අප්‍රේල් 24 වන දින මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී.

ආරක්‍ෂාකාරී බව පාලනය කිරීමේ කටයුතු පවත්වාගෙන යැමට රජයට ඇති හැකියාව වැඩි දියුණු කරනු වස්‌ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් සිදු කරන ලද නිර්දේශයට ප්‍රතිචාර වශයෙන් වර්ෂ 2002 දී ශ්‍රී ලංකා රජය විසින් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව අහෝසි කරන ලද අතර 2002 අංක 34 දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරී පනතට අනුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරි පිහිටුවන ලදී. 1950 අංක 15 දරණ ගුවන් සංතරණ පනත වෙනුවට 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනත ඇති කරන ලද අතර වර්තමාන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සිවිල් ගුවන් සේවා කටයුතු පරිපාලනය කිරීම සඳහා පුළුල් ප්‍රතිපාදන ඇති කරන ලදී.

ගුවන් ගමන් සම්බන්ධ සුරක්‍ෂිත බව පාලනය කිරීමට ශ්‍රී ලංකාව සතු හැකියාවන් පිළිබඳව 2010 ඔක්‌තෝබර් 24-30 දක්‌වා කාලය තුළ විගණනය පැවැත් වූ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සොයා ගනු ලැබුවේ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නිර්දේශීත ක්‍රියාත්මක කිරීම සම්බන්ධව රජය දක්‌වන අනුකූලතාවය 85% කටත් වඩා වැඩි බවය. එම තත්ත්වය සමස්‌ත ලෝක අනුකූලතාවයෙහි සාමාන්‍ය මට්‌ටමට වඩා වැඩි ඉහළ අගයක්‌ පවත්වන බව පෙනී යයි. සමස්‌ත විගණන ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සහ පැසිපික්‌ කලාපයේ රාජ්‍ය 34 අතුරින් 4 වන ස්‌ථානයටත් ලෝකයේ රාජ්‍ය 181 අතුරින් 19 වන ස්‌ථානයටත් ශ්‍රේණිගත කොට තිබුණි.

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් තොටුපොල සංවර්ධනය, මෙහෙයවීම සහ නඩත්තු කිරීම සඳහා වර්ෂ 1979 දී රජය විසින් ගුවන් තොටුපොල අධිකාරියක්‌ පිහිටුවන ලද අතර එය පැවැතියේ වසර තුනක්‌ පමණි. වර්ෂ 1983 දී ගුවන්තොටුපොළ අධිකාරිය වෙනුවට ඒ වන තෙක්‌ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් තොටුපල සේවාවන් සැපයීම සඳහා රජය විසින් නියෝජිතයෙක්‌ (ආයතනයක්‌) ඇති කරන ලදී. මෙම නියෝජිතයා සී/ස ගුවන් තොටුපොල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම වශයෙන් හඳුනා ගන්නා ලද අතර පසුව එය සිවිල් ගුවන් සේවා පනත යටතේ ව්‍යවස්‌ථාපිත සේවා සැපයුම්කරු වශයෙන් හඳුනාගනු ලැබීය.

රටේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොල හම්බන්තොට, මත්තල ප්‍රදේශයේ ඉදි කිරීමට රජය ගත් තීරණය මෙම ගුවන් තොටුපොලේ ගුවන් තොටුපොල සංවර්ධන කටයුතු වර්ෂ 2009 නොවැම්බර් මස 19 වන දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ආරම්භ විය. මගීන් මිලියනයක්‌ හැසිරවිය හැකි පර්යන්ත ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම 2011 අප්‍රේල් මස 24 වන දින සිදු විය. මෙම ගුවන් තොටුපොල 2013 වර්ෂයේ මුල් කාර්තුවේදී විවෘත කිරීමට අපේක්‍ෂිතය.

විශේෂ ලියුම්කරුවකු විසිනි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.