2012  දෙසැම්බර් 08 සෙනසුරාදා

 
 

    Advertising Rates
    Subscription Rates
    Divaina Editor
    Circulation
    ADVERTISING
   RATES
    
    Submit Your Opinion
    contact webmaster

විශේෂ කාරක සභාවෙන් විපක්‍ෂය ඉවත් වෙති

මෙම කාරක සභාවේ කටයුතු කෙරෙහි විශ්වාසයක්‌ නොමැති බවත් සහ එහි ක්‍රියාපිළිවෙත නිවැරැදි නොවන බවත් සඳහන් කරමින් විපක්‍ෂයේ නියෝජිතයන් සිව්දෙනා ඉන් ඉවතට ගොස්‌ ඇත.

විශේෂ කාරක සභාව ගැන විශ්වාසයක්‌ නෑ
විපක්‌ෂයේ මන්ත්‍රීවරු සභා ගැබෙනුත් පිටවෙති

විජිත හේරත් මහතා අගවිනිසුරු වරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කෙරෙන විශේෂ තේරීම් කාරක සභාව පිළිබඳ අදහස්‌ දක්‌ වන්නට වූ අතර එවිටද ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරු විරෝධය දක්‌වන්නට වූහ.

බලපෑමකට යටත් නොවී විමර්ශන වාර්තාව දෙන්න
දෝෂාභියෝගයට අත්සන් තැබූ මන්ත්‍රීවරු විශේෂ කාරක සභාවෙන් ඉල්ලති

කිසිදු බලපෑමකට යටත් නොවී අගවිනිසුරුවරියට එරෙහි විශේෂ කාරක සභාවේ විමර්ශන කටයුතු අවසන් කර පාර්ලිමේන්තුවට වාර්තාවක්‌ ලබාදෙන ලෙස එම කාරක සභාවෙන් ඉල්ලා සිටින බව දෝෂාභියෝගයට අත්සන් තැබූ මන්ත්‍රීවරු ඊයේ (07 දා) මාධ්‍ය හමුවක්‌ පවත්වමින් පැවසූහ.

අගවිනිසුරුවරියට
සහාය පළ කරමින්

ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ඡේ.සි. වැලිඅමුණ, චන්ද්‍රපාල කුමාරගේ, ශ්‍රීනාත් පෙරේරා හා සුනිල් වටගල යන නීතිඥවරුන් පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.


අගවිනිසුරුවරිය ගත් තීරණය ගැන සතුටුයි
- නීතිඥයෝ කීපදෙනෙක්‌ කියති

මුලින්ම මාධ්‍යවේදීන් ඇමතූ
ඡේ. සී. වැලිඅමුණ මහතා පැවැසුවේ අගවිනිසුරුවරිය ගෙන ඇත්තේ කවුරුත් අගය කළ යුතු නිර්භීත තීරණයක්‌ බවයි.

විශේෂ කාරක සභාවේ වාර්තාව අද කථානායකට!

කාරක සභාව ඉදිරියේ සාක්‍ෂි විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරන්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු

විශේෂ කාරක සභාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
ශිරාණි තිලකවර්ධනගේ සාක්‍ෂිය සටහන් කරගනී

ඒ අතර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ සෙලින්කෝ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ නඩුවලට අදාළ සියලුම ලිපිගොනු ද රෙජිස්‌ට්‍රාර්වරයා මගින් ගෙන්වා ගෙන පරීක්‍ෂණයට භාජන කර ඇත.

නගර සභාරැස්‌වීමේදී
විපක්‍ෂ නායක මියයයි

කොළොන්නාව නගර සභා අයවැය රැස්‌වීමේදී රෝගී වූ විපක්‍ෂ නායක චන්ද්‍රසිරි ඩයස්‌ මහතා (එජාප) ඊයේ (07 වැනිදා) උදේ අභාවප්‍රාප්ත විය.


ප්‍රමිතියකින් තොර පාඨමා ලාවක්‌ හැදෑරූ 18 දෙනකුට 'එම්.එල්.ටී.' ලියාපදිංචිය දීලා

අදාළ 18 දෙනා හට වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන් වශයෙන් සේවයේ යෙදීමට අවසරය ලබාදීම වෛද්‍ය රසායනාගාර පරීක්‌ෂණයන් සිදුකර ගන්නා රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්‌ කිරීමක්‌ බව.....

පාසල ළඟ කහ ඉරෙන් පාර පැන්න නිවුන් දරුවෙක්‌ ලොරියට බිලි

ඊයේ (7 දා) උදේ පාසලට ගොස්‌ පාසල නිමවී තම නිවෙස වෙත නිවුන් සොහොයුරා සමග පදික මාරුව දිගේ යමින් සිටියදී කුරුණෑගල දෙස සිට කොළඹ බලා ධාවනය වූ ලොරියකට යටවී සිද්ධිය වූ ස්‌ථානයේම මිය ගොස්‌ ඇත.


කොටුවේ වෙළෙඳසල් දෙකක්‌ ගිනි ගනී

කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පිහිටි වෙළෙඳසලක ඊයේ (7 දා) හටගත් ගින්නකින් පලතුරු හා බීම වෙළෙඳ සලක්‌ හා හෝටලයක්‌ විනාශ වී තිබේ.


පාර්ලිමේන්තුව (07 දා)
රට තුළ ජාතික සංහිඳියාවක්‌ ඇති කිරීම සඳහා හමුදාවෝ
අනෙකුත් ජාතීන්ගේ හදවත් දිනා ගනිමින් සිටිනවා

- ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

ජාතික සංහිඳියාවක්‌ ඇති කිරීම සඳහා ආරක්‍ෂක හමුදාවන් අනෙකුත් ජාතීන්ගේ හදවත් දිනා ගැනීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්‌වෙමින් සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

උපාධිය ලබා ගන්නා සියලූ දෙනාටම රජයේ රැකියා ලබාදෙන එකම රට ශ්‍රී ලංකාවයි

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී කිsසිදා නොතිබූ නම්‍යශීලී බවක්‌ මෙවර බඳවා ගැනීම් පටිපාටිය තුළ තිබූ බව රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ෙ-. සෙනෙවිරත්න මහතා පැවැසීය.

දුම්රිය සටනේ!
ජනයා පාරේ

'යකඩ යකා' නැතිව...
ඊයේ (7 දා) පැවැති දුම්රිය වර්ජනය නිසා මරදාන දුම්රිය ස්‌ථානය මගීන්ගෙන් හිස්‌ව තිබූ අයුරුත් කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයට ඇතුළුවන දොරටුවක්‌ ඉබියතුරු දමා වසා තිබූ අයුරුත් ඡායාරූපවලින් දැක්‌වේ. ඡායා - නිමල් දයාරත්න


ත්‍රස්‌තවාදීන් සැමරීමට ඉඩදිය යුතුද?

කොළඹින් මතුවූ මනෝ ගනේෂන්ලා දැන් රඟදැක්‌ වීමට සූදානම් වන නාඩගම ක්‍රම ක්‍රමයෙන් එළිදැක්‌වී ඇත. වන්නි මෙහෙයුම නතර කිරීමට ඔහු දැඩි උත්සාහයක්‌ ගත්තේය. දැන් ඔහු මහාවිරු සමරුව පැවැත්වීමට ඉඩදිය යුතු යෑයි හඬ නගයි


තැපෑල දුම්රියේ හිරවෙයි
සා/පෙළ සිසුන්ගේ හැඳුනුම්පතුත් ඒ අතර!

දුම්රිය මගින් ප්‍රවාහනය කරන තැපැල් මලු දාහකට ආසන්න සංඛ්‍යාවක්‌ බෙදාහැරීමට නොහැකිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේ ඊයේ (7 දා) දහවල් වනවිට සිරවී තිබිණි.

වසර 30 ක්‌ තිස්‌සේ ඉඩම් නඩුවට ගිය කත උසාවියේදීම මියයයි

ඉඩම් නඩුවකට වසර 30 ක පමණ කාලයක්‌ උසාවි ගිය වයෝවෘද්ධ කාන්තාවක්‌ ඊයේ ඇයගේ නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබූ උසාවිය තුළම හදිසි හෘදයාබාධයකින් මියගියාය.

සිසුවියට අයුතු යෝජනා කළ තරුණයකු රිමාන්ඩ්

13 හැවිරිදි පාසල් සිසුවියකගේ අතින් ඇද ඇයට අයුතු යෝජනාවක්‌ කළ තරුණයකු දින 6 ක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස මාවනැල්ල දිසා විනිසුරු ශ්‍රිණිත් විඡේසේකර මහතා ඊයේ (7 දා) නියෝග කළේය.

ආදරයට උස්‌ මිටිකම් නෑ අඩි තුනක්‌ උස යුවළ යුග දිවියට

අඩි තුන බැගින් උසැති මේ අඹු සැමි යුවළ අතිනත ගත්තේ ඉකුත් නොවැම්බර් මාසයේය. මනාලයා වූයේ 35 හැවිරිදි පොස්‌පිටියගේ දොන් ධර්මසිරි ප්‍රෙAම ලාල්ය. මනාලිය වූයේ මොරටුව සොයිසා පුර පදිංචි 26 හැවිරිදි දිලිනි ඉරෝෂනී සේනාරත්නය.


ජපානයේ භූමිකම්පා වක්‌: ටෝකියෝ හෙල්ලෙයි!

මෙය රිච්ටර් මාපකයේ 7.3 ක්‌ ලෙස සටහන් වී තිබේ. මෙම භූමිකම්පාව නිසා ටෝකියෝ නගරයේ ද ගොඩනැඟිලි සෙලවීමට ලක්‌වී ඇත.

"ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය" ග්‍රන්ථය එළිදැක්‌වීම හෙට

"ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපා රය අපේක්‍ෂා සහ අභියෝග" මැයෙන් සම්පා දිත නවතම සංචාරක ග්‍රන්ථය එළිදැක්‌වීම දෙසැම්බර් 09 ඉරිදා පෙ.ව. 10.00 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට්‌ ශාලාවේ සිදු කෙරේ.


'අ.පො.ස.' ට පෙර සූර් වෙලා මාට්‌ටු!

මෙවර අ. පො. ස. (සා. පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යයන් දොළොස්‌දෙනකු සමුගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් මත්පැන් පානය කිරීමේ සිද්ධියක්‌ ගැන පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.

බස්‌නාහිර වයඹ හා උතුරු මැද පළාත් සභා
සෞඛ්‍ය ආයතනවල මේ වසරේ සේවක
අතිකාල හා දීමනා අත්හිටුවයි

බස්‌නාහිර, වයඹ, හා උතුරු මැද පළාත් සභා මගින් පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතනවල කාර්ය මණ්‌ඩලයට මෙම වසරේ ගෙවීමට නියමිතව තිබූ අතිකාල, නිවාඩු දින දීමනා ඇතුළු දීමනා ගෙවීම අත්හිටුවා ඇතැයි සමස්‌ත ලංකා සුවසේවා සංගමය පවසයි.

  • සියවසක ගුවනේ අභිමානය!

    කොලින් බ්‍රවුන් නම් ඉංග්‍රීසි ජාතිකයකුගේ භාවිතය සඳහා 1911 සැප්තැම්බර් 12 වන දින මුහුදු මාර්ගයෙන් රැබන්ෆෙල්ස්‌ නම් නැවෙන් ප්‍රථම ගුවන්යානය ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළට ළගා විය.

  • මහින්ද රාජපක්‌ෂ කුසලාන පාපන්දු
    සිව්කොන් අවසන් තරගයට
    මාලදිවයින සහ පාකිස්‌තානය

    ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද මහින්ද රාජපක්‌ෂ දකුණු ආසියානු සිව්කොන් පාපන්දු ශූරතා තරගාවලියේ හෙට (9 දා) ප.ව. 3.30 ට නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා මාලදිවයින සහ පාකිස්‌තානය දැන් සුදුසුකම් ලබා සිටිති.


Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.