බස්‌නාහිර වයඹ හා උතුරු මැද පළාත් සභා
සෞඛ්‍ය ආයතනවල මේ වසරේ සේවක
අතිකාල හා දීමනා අත්හිටුවයි


ඒමන්ති මාරඹේ

බස්‌නාහිර, වයඹ, හා උතුරු මැද පළාත් සභා මගින් පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතනවල කාර්ය මණ්‌ඩලයට මෙම වසරේ ගෙවීමට නියමිතව තිබූ අතිකාල, නිවාඩු දින දීමනා ඇතුළු දීමනා ගෙවීම අත්හිටුවා ඇතැයි සමස්‌ත ලංකා සුවසේවා සංගමය පවසයි.

මෙම තත්ත්වය මත ජීවන වියදම පවා දරා ගත නොහැකිව සිටින මෙරට රාජ්‍ය සේවකයා තමනට හිමි දීමනා නොගෙවීම මත කබලෙන් ලිපට වැටී ඇතැයි එම සංගමය කියයි. අත්හිටුවා ඇති මෙම දීමනාවන් ගෙවීමට කඩිනමින් පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් කරා යොමු වන බව සමස්‌ත ලංකා සුව සේවා සංගමයේ ලේකම් ගාමිණී කුමාරසිංහ මහතා පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.