2012 දෙසැම්බර් 10 සඳුදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Circulation
   ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
විශේෂ කාරක සභාව තීරණය දැනුම් දෙයි
චෝදනා තුනකට අගවිනිසුරු වරදකරු
ධුරයෙන් ඉවත් කිරීමට ඔප්පු වූ චෝදනා ප්‍රමාණවත්
දෝෂාභියෝග යෝජනාවෙන් එල්ල කර තිබෙන විෂමාචාර චෝදනා තුනකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය වැරදිකරු බවට තීරණය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තවත් චෝදනා දෙකකින් ඇය නිදහස්‌ කළාය.

විශේෂ කාරක සභා වාර්තාව පිළිබඳ විවාදයට දින දහයක්‌

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දොaෂාභියෝග චෝදනා විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභාවේ වාර්තාව විවාද කිරීම සඳහා දින දහයක කාලයක්‌ ලබාදීමට තමන් කැමැති බව කතානායක චමල් රාජපක්‍ෂ මහතා පෙරේදා (08 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු අද සංකේත වර්ජනයක

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු අද (10 දා) සංකේත වැඩ වර්ජනයකට එක්‌වෙති. නිල ඇඳුම් දීමනාව, කාර්යාල දීමනාව සහ ඉන්ධන දීමනාව වැඩිකර ගැනීම සඳහා බලධාරීන් දුන් පොරොන්දු කඩ කිරීමට විරෝධය දැක්‌වීමට මේ වැඩවර්ජනය සිදුකෙරේ.

දෝෂාභියෝග ක්‍රියාවලිය:
රට පුරා නීතිඥවරු 12 වැනිදා විරෝධතාවක

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභාව ක්‍රියා කළ ආකාරය සාධාරණ නොවන බව පවසමින් ශ්‍රී ලංකාව පුරා සිටින සියලුම නීතිඥවරු මෙම බදාදා (12 වැනිදා) පෙරවරු 9.30 සිට පස්‌වරු 2.00 දක්‌වා සෑම උසාවියක්‌ ඉදිරිපිටම විරෝධතා දැක්‌වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විඡේදාස රාජපක්‍ෂ මහතා "දිවයින" ට කීය.

අම්පාර - දමනට පෙරේදා රාත්‍රි භූ චලන දෙකක්‌
අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ගල්කන්ද, දේවාලහිඳ, පල්ලන්විල, කිත්සිරිගම, වටිනාගල යන ගම්මානවලට පෙරේදා (08 වැනිදා) රාත්‍රි 6.55 ට...

කොටි ප්‍රහාරයෙන් විනාශ වූ ලයන් එයාර් යානයේ මගීන්ගේ මළ සිරුරු ගොඩ ගැනීම අරඹයි

එල්.ටී.ටී.ඊ. මිසයිල ප්‍රහාරයකින් විනාශ වූ ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ මළ සිරුරු ගොඩගැනීමේ කටයුතු ඊයේ (09 වැනිදා) පෙරවරුවේ කිලිනොච්චි දිසා විනිසුරු එම්. එල්. වහබ්ඩීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පුනරීන් කවුදාරිමුණෙයි ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.

මෙවර ශ්‍රීපාද සමයේ
දිවාගුහාවත් වන්දනාමානයට අවස්‌ථාව

ශ්‍රීපාද පුදබිමේ ඇති බවට බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන ගෞතම බුදුන් වහන්සේ ශ්‍රීපාදස්‌ථානයට වැඩම කළ අවස්‌ථාවේ දිවා විහරණය ලැබූ බව කියන දිවා ගුහාව සොයාගැනීමට හැකි වූ බව ශ්‍රී පාදස්‌ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියෝ පවසති.

ජාතික සෞඛ්‍ය සතිය අද සිට

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (10 දා) සිට 17 වැනිදා දක්‌වා ජාතික සෞඛ්‍ය සතිය ලෙස නම් කර තිබේ. මේ නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල, නගර සභාවල...


පිපිරීමකින් මුරුන්කන් පොලිසියේ ඕ.අයි.සී. ඇතුළු 4 ක්‌ තුවාල ලබති
මන්නාරම මුරුන්කන් පොලිස්‌ වසමේ සෙට්‌ටියාර් කට්‌ටෙයි අඩම්පන් ප්‍රදේශයේදී පෙරේදා (8 දා) දහවල් සිදු වූ පිපිරීමකින් මුරුන්කන් පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු හතර දෙනකු තුවාල ලබා තිබේ.


 

  


 
  • ශ්‍රී ලංකා පිතිකරුවෝ පිති මුවහත් කර ගනිති
    පුහුණු තරගය විසඳුමකින් තොර වෙයි

    මෙම මස 14 වැනිදා හොබාර්ට්‌හි ආරම්භ වන පළමු ටෙස්‌ට්‌ තරගයට පෙර ශ්‍රී ලංකාවට ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ සභාපතිගේ කණ්‌ඩායම සමග පැවැති පළමු හා එකම තුන්දින පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව පෙරේදා නිමාවට පත්විය.

  

Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.