එටිසලාට්‌ සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්‌ථාව
එක්‌ව ගෙනෙන "වෙබ් පාඨශාලා" වැඩසටහන ප්‍රවර්ධනයට සිංගර් සහයෝගය



(වමේ සිට දකුණට) එටිසලාට්‌ ලංකා සමාගමේ ප්‍රධාන විකිණුම් නිලධාරී සංජීව සමරසිංහ මහතා, එටිසලාට්‌ ලංකා සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී රොබර්ට්‌ ලී මහතා, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා, සිංගර් ශ්‍රී ලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්‌ මහතා.

එටිසලාට්‌ ලංකා සමාගම මෙරට තොරතුරු තාක්‍ෂණ දැනුම ප්‍රවර්ධනය කිරීම උදෙසා තවත් වැදගත් ඉදිරි පියවරක්‌ ගෙන තිබේ. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතනයක්‌ වන සිංගර් ශ්‍රී ලංකා සමාගම සමග සහයෝගීතාවයකට එළැඹෙමින් එටිසලාට්‌ සමාගම රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්‌ථාව සමග එකතුව සිදු කරන ලද විප්ලවීය හඳුන්වාදීමක්‌ වූ වෙබ් පාඨශාලා ඉ- අධ්‍යාපන (e- learning) ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ වී තිබේ.

වෙබ් පාඨශාලා යනු සිසුන්ට සහ ගුරුවරුන්ට අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි සහ ජාතික අධ්‍යාපනික විෂය නිර්දේශයේ අන්තර්ගත දැනුම ලබාගත හැකි ඉගෙනුම් ක්‍රමවේදයකි. ශ්‍රී ලාංකීය දරු දැරියන්ට අවශ්‍ය දැනුම ලබාදෙන ගුණාත්මක වේදිකාවක්‌ ලෙස වෙබ් පාඨශාලා වැඩසටහන හැඳින්විය හැකි වේ.

දිවයින පුරා සිංගර් ශාඛා 400 ක්‌ පමණ තම ව්‍යාපාර කටයුතුවල නිරත වේ. එම ශාඛා ජාලය සමග සම්බන්ධ වෙමින් සෑම පළාතක්‌ම ආවරණය කරමින්, ග්‍රාමීය ප්‍රදේශවල ළමයින්ගේ අධ්‍යාපනික අවස්‌ථා වැඩිදියුණු කිරීම සහ තොරතුරු තාක්‍ෂණ දැනුම වර්ධනය කිරීමට අවශ්‍ය උපකරණ ලබාදීමට එටිසලාට්‌ සමාගම බලාපොරොත්තු වේ. පහසු ගෙවීමේ ක්‍රමයට පරිගණක මිලදී ගැනීමට අමතරව සෑම සිංගර් ප්‍රදර්ශනාගාරයකින්ම වෙබ් පාඨශාලා මෘදුකාංග ලබාගැනීමේ පහසුකමද ජනතාවට ලබාදී තිබේ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ එටිසලාට්‌ ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි දුමින්ද්‍ර රත්නායක මහතා "සිංගර් සමාගමේ අලෙවි ජාලය සමග සහයෝගිතාවය ගොඩනගා ගන්නට හැකිවීම පිළිබඳව අපි ඉතාම සතුටට පත්වෙනවා. ඒ හරහා දිවයින පුරා සෑම පළාතකම දරුවන්ට වෙබ් පාඨශාලා මගින් තම දැනුම වර්ධනය කර ගැනීමට හොඳ අවස්‌ථාවක්‌ උදාවී තිබෙනවා.

අප ගොඩනගා ගත් සහයෝගීතාවය අනුව අපගේ පාරිභෝගිකයන්ට සිංගර් ජාලය හරහා වෙබ් පාඨශාලා සබඳතාවයට අමතරව පරිගණක හා ලැප්ටොප් ආදියද ලාභදායීව සහ පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගත හැකියි" යනුවෙන් පවසා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.