GSK සේවකයන් 19 දෙනකුගේ දිගුකාලීන සේවාව අගයයි

GSK සමාගමේ වසර 25 ක්‌ සම්පූර්ණ කළ නිරංජලා අබේසූරිය, ශෝභානි මුනවීර, එස්‌. නව්ලා සහ පී. ඩබ්ලිව්. රොඩ්රිගෝ, වසර 20 ක්‌ සම්පූර්ණ කළ අනෝමා සිරිවර්ධන, එම්. ඒ. නොඑල් අබේසිරි, ශ්‍යාමලී පීරිස්‌, එච්. සොනාලි ඈන් ප්‍රනාන්දු, ප්‍රියංක මෙන්ඩිස්‌, හේෂාන් ප්‍රනාන්දු සහ නස්‌මි ජබීර් වසර 15 ක්‌ සම්පූර්ණ කළ සංජීවනී ප්‍රනාන්දු, එන්. එස්‌. කේ. නාගසිංහ, ඩබ්ලිව්. ඡේ. ගොඩකන්ද, එන්. ඩබ්ලිව්. ඩී. සුගත් කුමාර, යූ. ආර්. රොෂාන් ප්‍රියදර්ශන සහ මොහොමඩ් සවාහීර් සහ වසර 10 ක්‌ සම්පූර්ණ කළ පී. සනත් පෙරේරා සහ සම්පත් තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ නියෝaජිතයන් සමඟ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඖෂධ සහ එන්නත් නිෂ්පාදන සමාගම වන ග්ලැක්‌සෝස්‌මිත්ක්‌ලයින් (GSK) සමාගම දිගු කාලයක්‌ විශිෂ්ට සේවාවක්‌ සමාගම වෙත ලබාදුන් සේවකයන් 19 දෙනකු 2012 වසර වෙනුවෙන් පැවැත්වුණු සමාගමේ දිගුකාලීන සේවය අගය කිරීමේ වාර්ෂික සම්මාන ප්‍රදානයේදී ඇගයීමට ලක්‌ කරනු ලැබීය.

මෙවර සම්මානයට පාත්‍ර වූ සේවකයන් අතර වසර 25 ක්‌ ග්ලැක්‌සෝස්‌මිත්ක්‌ලයින් (GSK) සමාගමේ සේවය සම්පූර්ණ කළ සේවකයන් 04 දෙනකු වසර 20 ක්‌ සේවය සම්පූර්ණ කළ සේවකයන් 07 දෙනකු, වසර 15 ක්‌ සේවය සම්පූර්ණ කළ සේවකයන් 06 දෙනකු සහ වසර දහයක්‌ සේවය සම්පූර්ණ කළ සේවකයන් 02 කු විය.

මෙම සම්මාන ප්‍රදානය වෙනුවෙන් ගල්කිස්‌ස හෝටලයේ පැවැති උත්සවයේදී මෙම සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අමතමින් ග්ලැක්‌ සෝස්‌මිත්ක්‌ලයින් µdම සූටිකල්ස්‌ ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්‍ෂ ස්‌ටුවර්ට්‌ චැප්මන් මහතා අවධාරණය කළේ පෞද්ගලිකව වෘත්තීයමය සාර්ථකත්වයට පත්වීමට තමන්ගේ කැපවීම පමණක්‌ නොව සිය පවුලේ සමීප පුද්ගලයන්ගේ කැපවීමද වැදගත් වන බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.