
ශ්‍රී රැම්කෝ ලංකා (පෞද්ගලික)
සමාගමට සැමරුම් ත්‍රිත්වයක්
ශ්‍රී රැම්කෝ ලංකා (පෞද්ගලික) සමාගම සිය ව්‍යාපාරික ගමන්
මගෙහිදී ජයග්රහණයන් ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් විය. එනම්
ෂීධ 9001 - 2008 තත්ත්ව සහතිකයන් මෙන්ම ජිප්සීස් වාදක
කණ්ඩායමේ ගායක සුනිල් පෙරේරා මහතාව එම ආයතනයේ වෙළෙඳනාම
තානාපති ලෙස පත් කරගැනීමය.
ශ්‍රී රැම්කෝ ලංකා (පෞද්ගලික) සමාගම ජයග්රහණයන් සම්බන්ධයෙන්
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවට ඉන්දීය මහ
කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් සහ සමාගමේ බෙදාහැරීමේ
නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
තන්තු - සිමෙන්ති සෙවිලි තහඩු සඳහා ශ්‍රී ලංකාවේ පැවති ඉහළ
ඉල්ලුම හඳුනා ගනිමින් ඉන්දීය රැම්කෝ සමූහ ව්‍යාපාරය 1999
ඔක්තෝබර් මාසයේදී මාකඳුර කර්මාන්තපුරයේදී සිය කර්මාන්ත
ශාලාවක් ආරම්භ කරන ලදී. එහි සිමෙන්ති සෙවිලි තහඩු සහ සිවිලින්
සඳහා වන පැතලි තහඩු නිපදවීම සඳහා නවීන නිෂ්පාදනාගාර දෙකක් ඇති
අතර එම යන්ත්රාගාර දෙකෙහි වාර්ෂික මුළු ධාරිතාව මෙ. ටොන්
120,000 කි. අඛණ්ඩව ඉහළ යන ඉල්ලුමට සැපයුම ලබාදීම සඳහා මෙම
වසරේ මාර්තු මාසයේදී මෙ. ටොන් 1,40,000 ක ධාරිතාවකින් යුත් නව
කම්හලක් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම කර්මාන්ත පුරයේද ආරම්භ
කිරීමට ශ්‍රී රැම්කෝ ලංකා (පෞද්ගලික) සමාගම කටයුතු කර ඇත.
රැම්කෝ නිෂ්පාදන මේ වන විටත් ජාත්‍යන්තර තත්ත්ව සහතික වන ISO
14001 / EN 140001 ලබාගෙන ඇත. එමෙන්ම සමාගම තන්තු සිමෙන්ති
සෙවිලි තහඩු සහ සිවිලින් තහඩු නිෂ්පාදනය සඳහා පරිසර කළමනාකරණ
පද්ධති පවත්වාගෙන යනු ලැබේ.
ඉන්දියාවේ රැම්කෝ සමූහ ව්‍යාපාරය පිහිටුවනු ලැබුවේ 1938 දීය. ඒ
වන විට කාර්මික විප්ලවයේ බලපෑම ඉන්දියාවට දැනී තිබුණේද නැත.
අවම ප්‍රාග්ධනයක් සහ සම්පත් සහිතව සමාගමේ නිර්මාතෘ ශ්‍රී පී.
ඒ. සී. රාමසාම් රා- මහතා සිය පළමු නූල් කැටීමේ කම්හල
රාජස්තාන් හි පිහිටුවනු ලැබීය. එය රැම්කෝ සමූහ ව්‍යාපාරයේ
කේන්ද්‍රස්ථානය විය. ඔහු සතු වූ තාක්ෂණික නිපුණතාවත් එම
යුගයේ දැඩි සැලකිල්ලට ලක් වූ කරුණු වූ නිෂ්පාදනවල උසස්
තත්ත්වය පිළිබඳ දැක්වූ දැඩි අවධානයත් බල කිරීමත් මෙම දැවැන්ත
රැම්කෝ ව්‍යාපාරික අධිරාජ්‍ය ගොඩනැගීම සඳහා අත්තිවාරම විය. අද
එහි ශාඛා හා කාර්යාල ශ්‍රී ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව,
බ්‍රිතාන්‍ය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය, දකුණු අප්‍රිකාව,
මැදපෙරදිග සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල පිහිටා ඇත. |