"මෙට්‌රෝ - කඩවත"
සුපිරි සාප්පු සංකීර්ණය සහ
සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය


කොළඹ නුවර මහා මාර්ගයට මුහුණලා අධිවේගයෙන් සංවර්ධනය වන මහර කඩවත අක්‌කර තුනක පමණ භූමිභාගයක ඉදිවෙන අතිනවීනතම පහසුකම්වලින් සමන්විත සුපිරි සාප්පු සංකීර්ණය සහ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය සණස ව්‍යාපාරයට අනුබද්ධ ගම්පහ සංවර්ධන සමාගම මගින් දැන් ලහිලහියේ ඉදිවෙමින් පවතී.

ලක්‌දිව වාණිජ අගනගරය වූ කොළඹට කි. මී. 15 ක පමණ නුදුරින් පිහිටා ඇති මෙට්‌රෝ සුපිරි සාප්පු සංකීර්ණය සහ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය මහල් 06 කින් සමන්විත වන අතර වර්ග අඩි 100 - 400 ත් අතර විශාලත්වයකින් යුක්‌ත සුපිරි සාප්පු 460 න් හා සුඛෝපභෝගී මහල් නිවාස 100 ක්‌ ඊට ඇතුළත් වේ. දිනපතා අතිවිශාල ජනකායක්‌ ගම්පහ, මිනුවන්ගොඩ, නිට්‌ටඹුව, කිරිඳිවැල ආදී ප්‍රදේශවලින් අගනගරය වූ කොළඹට යාම් ඊම් කරන්නේ ලංකාවේ ප්‍රධානතම අගනගරය වූ කොළඹ නුවර මහා මාර්ගයෙනි. මෙම මාර්ගයේ කොළඹට නුදුරුව පිහිටා ඇති විශාලතම නගර දෙක වන කඩවත හා කිරිබත්ගොඩ නගර දෙක තව තවත් පුළුල් වෙමින් පවතී. විශේෂයෙන්ම කඩවත නගරය වේගයෙන් කිරිල්ලවල දෙසට ව්‍යාප්ත වෙමින් පවතී.

කඩවත මෙට්‌රෝ සුපිරි සාප්පු සංකීර්ණය සහ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයට නුදුරුව ලංකාවේ ප්‍රධානතම බැංකු, පාසල්, තැපැල් කන්තෝරු, පොලිස්‌ ස්‌ථාන, රෝහල් ආදිය පිහිටා ඇත.

අධිවේගයෙන් දියුණුවන කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා ව්‍යාපාරික ස්‌ථානයක්‌ ලබා ගැනීමට ඔබ සිහින මවනවාද? එසේම කොළඹට නුදුරුව සියලු පහසුකම් සහිතව නවීනතම හා සුඛෝපභෝගී නිවසක සාඩම්බර හිමිකරුවකු වීම ඔබේ සිහිනයක්‌ ද? එසේ නම් සාධාරණ මිලගණන් යටතේ ඔබගේ සිහිනය ඉටු කර දීමට කඩවත මෙට්‌රෝහි අපි සැදී පැහැදී සිටින්නෙමු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.