නොවැම්බර් මස ඇතුළතදී
මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඩෙංගු රෝගීහු 112 ක්‌


සිරිල් විමලසුරේන්ද්‍ර

මහනුවර දිස්‌ත්‍රික්‌කය තුළ ඩෙංගු රෝගීන් 112 ක්‌ නොවැම්බර් මාසය තුළදී වාර්තා වූ බව ඊයේ (10 වැනිදා) පැවැති මහනුවර ඩෙංගු සමාලෝචන රැස්‌වීමේදී අනාවරණය විය.

උණ රෝගීන් 187 ක්‌ රෝහල් ගතවූ නමුත් ඩෙංගු රෝගීන් ලෙස 112 හඳුනාගත් බව මහනුවර දිස්‌ත්‍රික්‌ වසංගත රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය අනෝමා ද සිල්වා මහත්මිය ඒ බව මහනුවර ඩෙංගු සමාලෝචන රැස්‌වීමට අනාවරණය කළාය.

ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාව වූ 22 ක්‌ මහනුවර මහ නගර සභා සීමාවෙන් වාර්තාවී ඇති අතර මහනුවර නගර සීමාවේ 20 දෙනෙකුට විරුද්ධව නඩු පවරා ඇත. අකුරණ නඩු අටක්‌ පවරා සිවුදෙනකු වරදකරුවන් බවට පත්වූ බවත් විශේෂඥ වෛද්‍යවරියගේ වාර්තාවේ සඳහන් විය.

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ සිදුකරන ලද සමීක්‍ෂණ 238 ක්‌ සිදුකර නඩු 79 ක්‌ පවරන ලද බවද ප්‍රකාශ විය.

මහනුවර දිස්‌ත්‍රික්‌ කමිටු රැස්‌වීමේ සභාපති ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිසාපති ගාමිණී සෙනෙවිරත්න සහ මහනුවර දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. ඒ. කේ. විඡේසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් මහනුවර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී රැස්‌වීම පැවැත්විණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.