රුපියල් කෝටි 210 ක වියදමින්
මහරගම නව පිළිකා රෝහලේ
ඉදි කිරීම් ජනවාරියේ......


මහරගම ජාතික පිළිකා ආයතනයට අනුබද්ධ රුපියල් කෝටි 210 ක වියදමින් නව පිළිකා රෝග ප්‍රතිකාර රෝහලක්‌ ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලන්ඩන් අහමඩ් තේ සමාගම පියවර ගෙන ඇත.

මහල් 07 කින් සමන්විත මෙම පිළිකා රෝහල අහමඩ් තේ සමාගමේ ඉල්ලීම පිළිගනිමින් රසාවි වෛද්‍ය සංකීර්ණය ලෙස නම් කර ඇත.

මෙම රෝහල තුළ වෛද්‍ය හා ශල්‍ය ඇඳන් 373 කින් සමන්විත වන අතර ශල්‍යාගාර 05 ක්‌, ශල්‍ය දැඩි සත්කාරක ඇඳන් 12 ක්‌, දැඩි සත්කාර ඇඳන් 12 ක්‌, දිවා කිමෝතෙරපි ඒකකයක්‌, බාහිර සහ අභ්‍යන්තර ඖෂධ ශාලා, මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි කාමර 19 ක්‌, ළමා ශල්‍ය ඒකකයක්‌, රෙදි සේදීමේ සහ කසළ බැහැර කිරීමේ ඒකකයක්‌, සෑම මහලකටම රෝගීන් සඳහා ආපනශාලාවක්‌ ඇතුළු පහසුකම් රැසකින් සමත්විත වේ.

මෙම පිළිකා රෝහල ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්‌ පසුගියදා අහමඩ් තේ සමාගමේදී පැවැත්විණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.