යාපනය රෝහලේ වෛද්‍යවරු වර්ජනයේ

මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්

යාපනය රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (21 වැනිදා) වැඩවර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් එදින ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීහු දැඩි අපහසුතාවයට පත්වූහ. මෙම වැඩවර්ජනයට හේතුවී ඇත්තේ යාපනය රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු වන බී. තිරුකුමරන් මහතාගේ වම් අත පෙරේදා (20 වැනිදා) රාත්‍රියේ කිසියම් පිරිසක්‌ විසින් කපා තුවාල සිදුකිරීමයි.

එම වෛද්‍යවරයා පලාලි සිට රාත්‍රි 9.30 ට පමණ පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබෙන බව යාපනය රෝහලේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය. මෙලෙස වෛද්‍යවරුන් සඳහා එල්ලවන තර්ජන හේතුවෙන් තම වෘත්තීය කටයුතු සිදු කිරීමට බාධාවක්‌ වන බව පවසමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන ලදී. වර්ජකයන් මෙහිදී කියා සිටියේ මෙවැනි සිදුවීම් ඉදිරියට සිදු නොවීම සඳහා අවශ්‍ය කටයුතු යොදා දෙන ලෙසත් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසත්ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.