කොළඹ ජාතික රෝහලේ රෝගීන්
බැලීමට එන ජනතාවට නොමිලේ ආහාර


ලබුගම - ඩේවිඩ් අමරසිංහ

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට දුර බැහැර පෙදෙස්‌වල සිට පැමිණෙන ජනතාවට පිරිසිදුව දහවල් ආහාර වේලක්‌ නොමිලේ ලබාදීමට "ජනපෝෂ" සත්කාර සේවාව පියවර ගෙන තිබේ.

රජයේ නිවාඩු දින හැර සතියේ දින පහේදී පෙ.ව. 11.30 සිට ප.ව. 2.00 දක්‌වා කොළඹ 10, විපුලසේන මාවතේ, අංක 211 දරන ස්‌ථානයේ මනරම් පරිසරයක මෙම භෝජනාගාරය පවත්වාගෙන යනු ලැබේ.

පුද්ගල තරාතිරම නොබලා සියලු දෙනාටම මෙහිදී ආහාර ලබාගැනීමට හැකි වන සේ රෝහල් පරිශ්‍රයේදී මෙම සත්කාර සේවාවේ නියෝජිතයන් විසින් රිසිට්‌පතක්‌ ලබාදීම සිදුකරන අතර එය අදාළ ස්‌ථානයට යොමුකර ආහාර ලබාගැනීමට හැකියාව සලසා තිබේ. පසුගිය ඔක්‌තෝබර් මාසයේ ආරම්භ කළ මෙම සත්කාර සේවාව පවත්වාගෙන යැම ඔවුන්ගේ අරමුණ බව එහි සංවිධාන කටයුතු භාරව සිටින නාසර් මහතා අප සමග පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.