පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ
ලබන සතියේ "ලෙඩකට" සැරසෙති

ඒමන්ති මාරඹේ

සේවා ඉල්ලීම් 10 ක්‌ මුල් කරගෙන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ලබන සතිය ඇතුළතදී දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි. මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන දින වකවානු පිළිබඳව තීරණය කිරීම සඳහා පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ විධායක කමිටුව ලබන සඳුදා රැස්‌වීමට නියමිතය.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ 2001 න් පසු වැඩි කර නොමැති අතිකාල හා අමතර දීමනා වැඩි කිරීම, එම වෘත්තිකයන්ට සන්නිවේදන දීමනාව ලබාදීම, රැකියා විරහිත පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ට රැකියා ලබාදීම ඇතුළු සේවා ඉල්ලීම් 10 ක්‌ මුල්කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම බලමණ්‌ඩලය පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.