2013 පෙබරවාරි 01 සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

වානිජ විෂය ධාරාවෙන් A-3 ම ගත්තත් සරසවිය සැකයි
6471 දෙනකුට A-3 ම ලැබිලා එහෙත් ගන්නේ 5000 යි
16,538 දෙනෙක්‌ විෂයයන් තුනම අසමත්

මෙවර උසස්‌ පෙළ විභාගයේදී නව නිර්දේශය යටතේ තමන් පෙනී සිටි විෂයයන් තුනටම "A" සාමාර්ථයන් ලබා සිටින සිසුන් සංඛ්‍යාව 8544 ක්‌ වන අතර ඉන් සිසුන් 6471 ක්‌ වානිජ විෂය ධාරාවේ සිසුන් වීම විශේෂත්වයකි.

හොර රියෑදුරු බලපත් දුන් සහකාර කොමසාරිස්‌ සී අයි ඩී එකට ගනී
එකකට ගාස්‌තුව 30,000 යි!
නැත්නම් 50,000 යි!
ව්‍යාජ ලෙස සකස්‌ කළ රියෑදුරු බලපත්‍ර 19 ක්‌ මෙම සහකාර කොමසාරිස්‌වරයා සතුව තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබේ.

උසස්‌ පෙළ උසස්‌ම ප්‍රතිපල
විෂය ධාරා තුනකින්ම
අංක-1 දේවි බාලිකාව

ශේෂාණි ගුණතිලක වානිජ අංශයෙන්ද, උපේක්‍ෂා සෙව්වන්දි හා සමාලි ලියනගේ රත්නායක යන සිසුවියෝ පිළිවෙළින් කලා හා පොදු විෂය ධාරාව යටතේද මෙලෙස ප්‍රථම ස්‌ථානයට පත්ව සිටිති.

යළි සමීක්‍ෂණයට 22 දා ට පෙර අයදුම් කරන්න

උසස්‌ පෙළ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය කරන්නේ නම් පෙබරවාරි මස 22 වැනිදාට පෙර අයදුම් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විදේශගත වීමට හෝ විදේශ විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වීමට
සහතිකය ඕනෑ නම්
දවසින් දෙන්නම්

ප්‍රතිඵල සහතිකය අවශ්‍ය නම් එක්‌ දින සේවාව යටතේ ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවැසීය.

සජිත් සහ ශාන්තිනීගේ
ආධාර බෙදාදීම් නතර කෙරේ

මෙවැනි සහන වැඩසටහන්, වහාම නතර කරන ලෙස එජාප නායකයා මීට පෙර ද උපදෙස්‌ දී තිබුණු අතර සිය ආසනයට ගොස්‌ ගම් මට්‌ටමින් සංවිධාන කටයුතු කරන ලෙසද පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ට දැනුම් දුන්නේය.

අපේ දැස්‌ ඉදිරිපිටදීම ඩොල්ෆින් පනහකටත් වඩා මියගියා
- සංචාරක බෝට්‌ටුකරුවෙක්‌ කියයි

කෙලවල්ලන් අල්ලන්න ධීවරයන් දැමූ තහනම් දැලට ඩොල්ෆින් රෑනක්‌ පැටළුනා. අපි ඩොල්ෆින් 25- 30 ක්‌ බේරා ගත්තත් දැස්‌ ඉදිරිපිටදීම 50 කටත් වඩා මියගියා.

ඩොලර් බිලියන දෙකක
ආයෝජන ඉලක්‌කය සපුරා ගන්නවා

- නව ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් යාපා කියයි

මුලින්ම රටට ආයෝජන ගෙන්වා ගැනීමට පවතින බාධා මොනවාද යන්න හඳුනා ගැනීමට මම ප්‍රමුඛත්වයක්‌ දෙනවා. ඒවා හඳුනාගෙන එම බාධා ඉවත් කිරීමට පියවර ගන්නවා.

ගැඹුරු මුහුදේ ගංජා විකිණීමට හැදූ පුද්ගලයකු අල්ලයි

වාද්දුව ගැඹුරු මුහුදේ ගංජා අලෙවියේ යෙදී සිටි බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර සහකාර පොලිස්‌ අධිකාරිවරයාට අනුයුක්‌ත විශේෂ විමර්ශන ඒකකය පවසයි.

වේදිකා නිළියට අතවර කළැයි සැකකාර සිවුදෙනාට ඇප

අතවරයට ලක්‌ වූ බව කියන තරුණ නිළිය තරුණ එක්‌ දරු මවකි. ඇය සැමියාගෙන් වෙන්ව වේදිකා නාට්‍ය රඟපෑම සඳහා කටුනායක ප්‍රදේශයේ නේවාසිකා ගාරයක පදිංචිව සිටී.

නුගේගොඩ හතේ කණුවේ
ටියුෂන් පන්ති එන සිසුන්ගෙන් බලෙන්
මුදල් ඉල්ලන කල්ලියක්‌

"අපි හිරෙන් නිදහස්‌ වෙලා ආවේ ඊයේ. බස්‌ එකේ යන්න සල්ලි නැහැ. කෑම කන්න සල්ලි නැහැ. ඒ නිසා අපිට කීයක්‌ හරි දීපන්..." වැනි වදන් පවසමින් සිසු සිසුවියන්ගෙන් මෙම කල්ලිය මුදල් ඉල්ලා ගෙනයන බව කියති.

සිසුවියගේ පාදය පසාරු කරගෙන ගිය හෙල්ල කරාපිටිය රෝහලේදී සැත්කම කින් ඉවතට ගනී

ඇය පෙරේදා (30 දා) උදැසන පාසල් ක්‍රීඩාංගණයේ සිටියදී වෙනත් සිසුන් පිරිසක්‌ විසින් විසිකළ හෙල්ලය ඇගේ දකුණු පාදය පසාරු කරගෙන යන ලෙස ඇනී තිබිණි.


තෙල් සේවක අතිකාල
වසරක වියදම කෝටි 108 ක්‌

මෙම අතිකාල ලබන අය අතර වැඩි පිරිස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති සාමාජිකයන් බවත් අනෙක්‌ බහුතරය පාලනාධිකාරියේ හිතවතුන් බවත් මුදල් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට කියා සිටියේය.

බහු විවාහයක්‌ කරගත් "සක්‌විති" වසර 2 ක්‌ හිරේ

මහා පරිමාණයෙන් පන්ති පවත්වා ගෙන යමින් සිසු සිසුවියන්ට ඉංගී්‍රසි ඉගැන් වීම කළ සක්‌විති රණසිංහ දෙවනුව විවාහ කරගත්තේ ඔහුගේ පන්තියකට පැමිණි සිසුවියකි.

රජයේ ඉඩමක්‌ ලියා දෙන්නම් කියා
බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ලිංගික අල්ලස්‌ ගන්න ගිහින් දැලේ

සැකකාර ලේකම්වරයා කාන්තාව සමග නිල රථයෙන් බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ හෝටලයක්‌ වෙත ගිය අවස්‌ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස්‌ කොමිසම පවසයි.

පී.එච්.අයි. අද වර්ජනයේ

සේවා ඉල්ලීම් තුනක්‌ මුල්කරගෙන දිවයින පුරා සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අද (01 දා) උදැසන 7.30 සිට දීප ව්‍යාප්ත එක්‌දින සංකේත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි

ධාවන තරගයකදී හලාවත ආනන්ද සිසුවිය මරුට

මාර්ගයේ කාණුවක වැටී සිටියදී ශිෂ්‍යාව රෝහල්ගත කර ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස්‌ සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.


සොහොයුරාට දියණිය බිලි දුන් මවක්‌ පිළිබඳ පරීක්‍ෂණ අරඹයි

තම සොහොයුරා සමග එකට මත්පැන් බී පදමට වෙරි වීමෙන් පසු තම දියණිය සොහොයුරාට බිලි දුන් මවක්‌ වෙන්නප්පුව - කොළින් ජාඩිය ප්‍රදේශයේ උළු කර්මා න්තශාලාවක ලැයින් කාමර යකින් වාර්තාවේ.

පිඹුරාගේ දඩයම වරදියි

පිඹුරා රක්‍ෂිත යට ගෙනයැම සඳහා වනජීවී නිලධාරීන් සූදානම් වූ අයු රුත් මරා දමා ඇති කුකුළාත් පින්තූරවලින් දැක්‌වේ.

 
එන්.ඩී.ටී. ය ඉවත් කරන්නැයි මොරටුවේ විරෝධතා
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුන්ට එන්. ඩී. ටී. සිසුන් හා මැරයන් පසුගියදා (16 වැනිදා) එල්ල කළ ප්‍රහාරය හෙළා දැකීම සහ එන්. ඩී. ටී. තාක්‍ෂණ ආයතනය එම ස්‌ථානයෙන් ඉවත් කරන ලෙසත්.....

  • සුපිරි තරු මැද වුව රසික ආදරය වාසනාවක්‌
    - යොවුන් ගායන ශිල්පී විනෝදරන්

    "ඩී්‍රම්ස්‌ටාර්" වේදිකාවෙන් පස්‌වැනි තරගකරුවා වෙමින් ඉවත්ව ගියත් තරගය පුරාවට විදහාලූ උතුම් මානුෂීය ගුණාංග සහ දක්‍ෂතාවන් හේතුවෙන් රසික සිත් සතන් තුළ ඔටුනු නොපළන් "ගායන රජු" ඔහුය.

  • ඇන්ජලින් ගුණතිලකලා ඉන්නේ එක්‌කෙනයි
    - ඇන්ජලින් ගුණතිලක

    ගායිකාවක්‌ මිස කොපිකැට්‌ කෙනෙක්‌ නොවේ. ඒකට ගරු කළ යුතුයි. මට පොඩි ගණනකට කතා කරනවා. ඒත් මගේ සිංදු කොපි කරන අයට ඊට වඩා ගෙවනවා.

  • 13 නැවතත් කරළියට

    මේ වනවිට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය විය යුතු යෑයි යෝජනා වෙමින් ඇති බව පෙනෙන්නට ඇත. එම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ මෙරට දේශමාමක කොටස්‌ සහ විද්වතුන් විසින්ය. ඒ අතර ආණ්‌ඩුව විසින් නැවතත් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව දෙස අවධානය යොමු කරන බවක්‌ද පෙනෙන්නට ඇත.

  • කාන්තා ක්‍රිකට්‌ ලෝක කුසලාන

    රටවල් අටක සහභාගීත්වයෙන් පැවැත්වෙන 10 වැනි කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය ඊයේ (31 දා) ඉන්දියාවේදී ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (01 දා) එංගලන්තය සමගින් මුම්බායිහිදී පැවැත්වේ.


 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.