2013 පෙබරවාරි 19 අගහරුවාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
ලබන 21 සහ 22 දා ලෙඩුන්ට අපලයි
රජයේ පරිපූරක
වෛද්‍ය වෘත්තිකයෝ
වැඩි කළ දීමනා
නොලැබී වර්ජන තීරණ


සිය සේවා දීමනාවන් වැඩි කිරීමට අදාළව මහා භාණ්‌ඩාගාරය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙම බ්‍රහස්‌පතින්දා (21 දා) සහ සිකුරාදා (22 දා) යන දෙදින දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් තීරණය කර ඇත.


මෙරට රෝහල්වලට ඖෂධ
ඉන්දියාවෙන් සහ

බංග්ලාදේශයෙන්


මෙරට රෝහල්වලට අවශ්‍ය ඖෂධ බංගලාදේශ සහ ඉන්දියාවේ රජයන් මගින්ම ලබාගැනීමේ වැඩසටහනක්‌ සකස්‌ කරන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට පෙරේදා (17 වැනිදා) උපදෙස්‌ දී ඇත.


ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය
අමාත්‍යාංශයෙන්

නියාමනය කළ යුතුයි

- ජනපති කියයි

ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය අමාත්‍යාංශයේ නියාමනයකට ලක්‌කළ යුතු බවත්, ඒ සඳහා නීති සම්පාදනය කළ යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය.


මියන්මාර් ජාතිකයන් 17 දෙනකු රැඳවුම් කඳවුරකට

නාවික හමුදාව විසින් බේරාගත් මියන්මාර් ජාතිකයන් තිස්‌ දෙදෙනාගෙන් දාහත් දෙනෙකු ඊයේ (18 වැනිදා) පස්‌වරුවේ ගාල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් යූ. එස්‌. කලංසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මිරිහාන රැඳවුම් කඳවුරට යෑවීම සඳහා ගාල්ල බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝග කළේය.


මගේ ජීවිත කතාව ලියනවා
- චන්ද්‍රිකා කුමාරතුංග

යුද්ධය දිනා ඇතත් සාමය පරාජය වී ඇතැයි ද තමා බිය නොමැති අතර තම ජීවිත කතාව රචනා කරන බව ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.


යාපනයේ විපක්‌ෂ
විරෝධයට බාධා කළ අය
හමුදාවෙන් නිදහස්‌ කර ගත්තා

- තිස්‌ස අත්තනායක

යාපනය, තෙලිප්පලේ දුර්ගා අම්මාන් කෝවිල ඉදිරිපිට විපක්‌ෂයේ පක්‌ෂ නායකයන් එක්‌ව පැවැත් වූ විරෝධතා ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට පැමිණ අත්අඩංගුවට පත් පිරිස හමුදා නිලධාරීන් පැමිණ පසුව නිදහස්‌ කර ගෙන ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (18 දා) පැවැසීය.


යූ. ජී. සී. හිටපු සභාපති
Z නඩුවෙන් නිදහස්‌

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති ඉසඩ් කෝ නඩු විභාගයේදී දුන් නියෝගයකට අනුව කටයුතු කිරීම පැහැර හැරිය බවට චෝදනා එල්ල වී සිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ (යූ.ජී.සී) හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා ඊයේ (18 දා) එම නඩුවෙන් නිදහස්‌ කරන ලදී.


මීරිගම ප්‍රා.සභා
මන්ත්‍රීට තවත් පැමිණිල්ලක්‌

පොලිසියට තොරතුරු සැපයූ ඔත්තුකරුවකු පැහැරගෙන ගොස්‌ මීරිගම නගර මධ්‍යයේ හිසට පිස්‌තෝලයක්‌ එල්ල කර අමානුෂික ලෙස පහර දුන් මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තමන්ට ද මරණ තර්ජන කර, රුපියල් ලක්‍ෂ තුනක කප්පම් මුදලක්‌ ඉල්ලා සිටි බව එම ප්‍රාදේශීය සභාවේම ස්‌වාධීන මන්ත්‍රීවරයකු විසින් පොලිසිය ඊයේ (18 දා) පැමිණිලි කර ඇත.


දැවැන්ත ගස්‌ පෙරළී
නිවෙස්‌වල සෙවිලිත්

ගැලවී ගිහින්

මහා විශාල එළියක්‌ සමග ශබ්දයක්‌ හටගෙන නිවාසවල වහළ සෙවිලි ගලවාගෙන ගෙවතුවල දැවැන්ත ගස්‌ කොළන් පෙරළාගෙන යැමේ සිද්ධියක්‌ පිළිබඳව පසුගිය 15 වැනිදා හොරොව්පොතාන පොලිසියෙන් 'දිවයින'ට වාර්තා විය.


විජයවර්ධනලා ජාතික නිදහස්‌
සටනට උරදුන් ශ්‍රේෂ්ඨ පරපුරක්‌

පෝද්දිවෙල චන්දානන්ද හිමි

ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ජයකෙහෙළි නැංවූ උදාර යුග පුරුෂයකු වූ උපාලි විජයවර්ධනයන් "දිවයින" වැනි දේශමාමක ජාතික පුවත්පතක්‌a ආරම්භ කරමින් රට දැය සමය වෙනුවෙන් කළ මෙහෙවර අපේ ඉතිහාස පොතේ රන් අකුරින් සනිටුහන් වන්නේ යෑයි දීඝවාපී පරිවාර චෛත්‍ය රජමහා විහාරාධිපති විශ්වකීර්ති ශ්‍රී සමාජ සේවා ශිsරෝමනී ශාසන සෝබන ශ්‍රී රතනපාල පෝද්දිවෙල චන්දානන්ද හිමියෝ ප්‍රකාශ කළහ.


හමුදා කඳවුර සඳහා
පවරාගත් උ/නැ
ඉඩම්වලට මිලියන 400 ක්‌

වන්දි ගෙවයි

උතුර සහ නැගෙනහිsර පළාත්වල හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සඳහා වන්දි ගෙවීමට රජය රුපියල් මිලියන හාරසීයක්‌ වෙන්කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා "දිවයින" ට ....


රෝමයේදී ශ්‍රී
ලාංකිකයෝ උද්ඝෝෂණයේ...

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසලදී පෙරේදා (17 දා) ශ්‍රී ලාංකිකයෝ පිරිසක්‌ උද්ඝෝෂණයක නිරත වූහ. ඉරිදා දින තානාපති කාර්යාල සේවාව නතර කිරීම, තානාපති ජංගම සේවාව ක්‍රියාත්මක නොකිරීම සහ තානාපති කාර්යාල සේවාව නිසි පරිදි ඉටු නොකිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.


ප්‍රියදර්ශනීට ලක්‍ෂ 35ක්‌ වටිනා නිවෙසක්‌


මෙවර උසස්‌ පෙළ විභාගයේදී වානිජ අංශයෙන් "ඒ" සාමාර්ථ තුනක්‌ ලබාගත් කැලණිය පාලම අසල සේදවත්තේ පදිංචි, බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජීවනී ප්‍රියදර්ශනි ශිෂ්‍යාවට රුපියල් ලක්‍ෂ 35 ක්‌ වටිනා නිවෙසක්‌ බොරැල්ල සිංහපුර මහල් නිවාස යෝජනා ක්‍රමයෙන් ලබාදීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පියවර ගත්තේය. මේ එම නිවෙසේ ඔප්පුව ශිෂ්‍යාවට ලබාදුන් අවස්‌ථාවයි.
 


වරකාපොළ කුඩු
මුදලාලි එල්ලුම් ගස්‌

වරකාපොළ බස්‌නැවතුමේ හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදී සිටියදී මත්කුඩු සමග පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය (නාකොටික්‌) මගින් අත්අඩංගුවට ගත් සැකකරුට දීර්ඝ නඩු විභාගයකින් පසුව කෑගල්ල පළාත් බද මහාධිකරණ විනිසුරු මේනකා විඡේසුන්දර මහත්මිය විසින් ඊයේ (18 වැනිදා) මරණ දඬුවම නියම කරන ලදී.


හලාවත නිවසක පිපිරීමක්‌
ආරක්‍ෂකයාට තුවාල

හලාවත - පුත්තලම මාර්ගයේ කිඹිල්ල ප්‍රදේශයේ සුවිසල් නිවසක ඊයේ (18 දා) දහවල් සිදු වූ පිපිරීමකින් එම නිවස බලා ගැනීමට සිටි පුද්ගලයකු පිළිස්‌සුම් තුවාල ලබා හලාවත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.


කැලණිය මීරිගම
ප්‍රා.සභාවල සියලුම
දෙනාට නොතීසි

චෝදනාවලට පෙනී
සිටින්නට කොමිසම
හමුවට එන්න

කැලණිය හා මීරිගම ප්‍රාදේශීය සභාවලට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොමිසම් හමුවේ පෙනී සිටින ලෙස එම සභා දෙකේ සභාපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඊයේ (18 වැනිදා) නොතීසි නිකුත් කර ඇත.


ඇතින්න රැකගන්න
'අලි' මෙහෙයුමක්‌









කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් සමගිපුර ගම්මානයට ආසන්නව මඩ වළකට වැටී සිටි ගැබ්බර ඇතින්නගේ ජීවිතය බේරාගැනීමට දැවැන්ත මෙහෙයුමක නිරතවීමට පසුගියදා කන්තලේ වනජීවී නිලධාරීන්ට සිදුවිය.


කියුබාවට සහ  ආජන්ටිනාවට
ශ්‍රී ලංකාවෙන් තානාපතිවරයෙක්‌


කියුබාවේ සහ ආජන්ටිනාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්‌ෂ ජනරාල් සරත් දිසානායක මහතා පත්කර ඇත.


කොටි කලබල
සමයේ විපක්‍ෂය
හීනෙන්වත් උතුරට ගියේ නෑ

- ගෝඨාභය රාජපක්‍ෂ

අද උතුරට ගොස්‌ සත්‍යග්‍රහ පවත්වන එ.ජා.ප. නායකයා ඇතුළු විපක්‍ෂය කොටි කලබල සමයේ සිහිනෙන් වත් උතුරට ගියේ නැතැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා "දිවයින"ට පැවසීය.


  
 
 
  • තර්ජන ගර්ජනවලින් නොසැලී "දිවයින"
    හැමදාම ජනතාව වෙනුවෙන් පෙනී සිටියා

    දම්පහල සීලානන්ද නාහිමි

    උපාලි විජයවර්ධන මහතා වැනි බුද්ධිමතුන් බිහිවන්නේ කලාතුරකින්. ජාතියේ පිනට පහල වූ එතුමා සිය ජීවිත කාලය තුළ මෙරට තුළ විශිෂ්ට නාමයක්‌ දැරුව. එතුමා ඩෙල්ටා ටොපියෙන් ආරම්භ කළ සිය ව්‍යපාරය රථ වාහනය, ඉලෙක්‌ටොනික්‌ මෙවලම් දක්‌වා ගෙන ගියා.
     
  • ඌව මහ ඇමැතිට කතරගම
    තරුණයකුගෙන් අපූරු ඉල්ලීමක්‌


    මෙම තරුණයා ලිපියක්‌ ද ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ කතරගම පොලිසිය මානව හිමිකම් උල්ලංඝනය කරමින් තම ගංජා බීමට අවහිර කරන බවයි. තමාට දිනකට ගංජා සුරුට්‌ටු දෙකක්‌ අවශ්‍ය බවත් කතරගම පොලිසියේ නිලධාරීන් තමන්ට නිතර හිරිහැර කරන බැවින් ගංජා සුරුට්‌ටුවක්‌ ළඟ තබා ගැනීම පිණිස තමාට පොලිසියෙන් අවසර ලබා දෙන ලෙසත් .......

 


 
  • අධිකරණයේ ස්‌වාධීනත්වය
    වෙනුවෙන් බලය බෙදිය යුතුමයි

    ටිරන්ත වළලියද්ද

    ඔව්... මම දේශපාලනය කරන්නේ නෑ. පහුගිය දවසක මම ජනාධිපතිතුමා හමු වුණා. එතුමා සමග හිමිකම් ලියාපදිංචි කිරීම ගැන සාකච්ඡා කළා. ඒ පිළිබඳ ක්‍රියාත්මක වන බවට එතුමා පොරොන්දු වුණා. ඒ වගේම මම විපක්‍ෂ නායකතුමාත් හමුවුණා. හිමිකම් ලියාපදිංචිය ගැන එතුමා සමගත් සාකච්ඡා කළා. යෝජනා එවන්න. පාර්ලිමේන්තුවට සංශෝධන දමමු කියා එතුමා පැවසුවා.
     
  • නීතිඥවරුන්ගේ බුද්ධියට, ගෞරවයට
    හානිවන කිසිවක්‌ කරන්නේ නැහැ

    උපුල් ජයසූරිය

    මට අදහසක්‌ තිබුණේ නෑ. ඒත් විඡේදාස රාජපක්‍ෂ මහතා මෙවර නිලවරණයට නොඑන්න තීරණය කළ පසු ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ නිතිඥවරුන් රැසක්‌ මගෙන් ඉල්ලා හිටියා තරග කරන්න කියලා. මේ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් වන රොමේෂ් ද සිල්වා, සිබ්ලි අෂිස්‌, උපාලි ගුණරත්න, ඉක්‍රම් මොහොමඩ්, අජන්තා අතුකෝරල යන මහත්වරුන් මගෙන් ඉල්ලීම් කළා මෙවර තරග කරන්න කියලා.
     
  • පොල් ගෙඩි අටේ කතා වස්‌තුව

    දැවැන්ත හොරු මේ රටේ නිදැල්ලේ හැසිරෙති. දිනපතා රන් මාල කඩා ගන්නා හොරුන් ගැන වාර්තා වේ. බැංකු කඩන එසේම ලොකු පුටුවක සිට ලොකු හොරකම් කරන වංචනිකයන් ගැන වාර්තා වේ. පොලිසිය වැඩිපුර ඒ අය ලුහුබඳින බවක්‌ නොපෙනේ. ඇතැම් පොලිසියේ කෙනෙකුගේ ගජ මිතුරා ඒ පළාතේ ප්‍රසිද්ධ අපරාධකාරයා වූ බවටත් ආරංචි ලැබේ. ඒ මිම්මෙන් මනින විට පොල්a ගෙඩි අටක හොරකම කර ඇත්තේ පුංචි ළමයකු විසින් නිසා ඇයට පුංචි ටොක්‌කක පමණ දඬුවමක්‌ සෑහේ යෑයි සිතමි.
     

  • තමාහට තමාගේම පිහිටයි

    අපි දෙවියන් ළඟට යන්නේ ඇයි...? යන්නේ අනෙකක්‌ සඳහා නොව අපේ දුක කියන්නටය. අපේ දුක කියා කිසියම් වූ පිහිටක්‌ ලැබගන්නටය. එහෙත් දෙවි වෙස්‌ ගත් ඇතැම් "හොර දෙවිවරු" ළඟට ගිය කලී ඇත්තෙන්ම බොහෝමයක්‌ දෙනාට සිදු වන්නේ කුමක්‌ද..? සිදු වන්නේ අනෙකක්‌ නොව කබලෙන් ළිපටම ඇද වැටීමටය.
     

  • පිටපත් සීමාකිරීම
    හිස ඔසවන සිනමාවේ හිස තැලීමක්‌ද?


    චිත්‍රපටයක්‌ සාර්ථකව නිර්මාණය කිරීමෙන් පමණක්‌ නිෂ්පාදකයාට තමා වැය කළ මුදල යළි උපයා ගත නොහැක. එය ප්‍රේක්‍ෂකයා වෙත ගෙන යැමට නම් අද රටේ පවතින තත්ත්වයන් යටතේ දැඩි මාධ්‍ය ප්‍රචාරයක්‌ අත්‍යවශ්‍යය. ඇතැම් විට මෙම මාධ්‍ය ප්‍රචාරය චිත්‍රපටයේ නිෂ්පාදන වැයටත් වැඩිය. නිෂ්පාදකයාට ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වැය කළ හැක්‌කේ මුල් මාස කීපය තුළ පමණි.

  

  


 
  • ක්‍රීඩා අමාත්‍යාංශයෙන්  ලක්‍ෂ තිහක පොල්ලක්‌

    ආසියානු ශූරතාවේ හිඟ මුදල් ගෙවීම් පැහැර හැරීම සම්බන්ධව ඊයේ (18 දා) "දිවයින" කළ විමසුමකදී "ඔව් ගෙවීම් කිහිපයක්‌ සම්බන්ධව ප්‍රශ්නයක්‌ තියෙනවා... ඒ සම්බන්ධව විධිමත් පරීක්‍ෂණයක්‌ සිදු කොට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය හරහා එම ගෙවීම් සිදු කළ හැකිද යන්න සොයා බලා ඉදිරි කටයුතු කරනවා" යෑයි අදාළ තරගාවලිය ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් අධීක්‍ෂණය කළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පැවැසුවාය.
     
  • පාපන්දු ජාතික සංචිතය නම් කරයි
    නව නායක චතුර ගුණරත්න


    ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්‌ඩායමේ නව නායක ධුරය සඳහා නිගම්බු යූත් මැද පෙළ ක්‍රීඩක වෙල්ලාල හෙට්‌ටිගේ චතුර ගුණරත්න තෝරාගෙන ඇත.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.