මැල්කම් රංජිත් කාදිනල්තුමා 26දා වතිකානුවට

නෝමන් පලිහවඩන

16 වැනි බෙනඩික්‌ට්‌ පාප්තුමා ලබන 28 වැනි දින විශ්‍රාම ගන්නා උත්සවයට සහභාගිවීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ලබන 26 වැනිදා වතිකානුව බලා පිටත්ව යනු ඇත.

පාප්තුමාගේ අවසන් දේව මෙහෙය මෙදින පැවැත්වෙන අතර කිතුනු බැතිමතුන් විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වනු ඇත.

මෙම උත්සවයට ශ්‍රී ලංකාවෙන් මැති ඇමැතිවරුන් කීපදෙනකු සහභාගිවීමට නියමිතය.

නව පාප්තුමා පත්කරනා තෙක්‌ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වතිකානුවේ රැඳී සිටිනු ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.