2013 මාර්තු 05 අගහරුවාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
වයිකෝ, නැදුමාරන්
ඇතුළු 400ක්‌
අත්අඩංගුවට
චෙන්නායි :
ශ්‍රී ලංකා තානාපති
කාර්යාලයට
කඩාවැදීමට
තැත් කරලා


චෙන්නායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කඩාවැදීමට උත්සාහ කළ එම්.ඩී.එම්.කේ. නායක වයිකෝ හා දෙමළ ජාතික ව්‍යාපාරයේ නායක පී. නැදුමාරන් ඇතුළු 400 ක්‌ දෙනා චෙන්නායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


තාත්තා පවුල ජීවත් කළ
ඔරුව විකුණා
දුව පාසලට දාන්නට

මුදල් ගෙවලා


හුංගම විජයබා ජාතික පාසලේ උසස්‌ පෙළ පන්තිය සඳහා තම දියණිය ඇතුළත් කිරීමට විදුහල්පතිවරයාට දීමට මුදල් නොමැතිකමින් දරු පවුලක්‌ ජීවත් කළ එකම චංචල දේපළ වන ඔරුව විකිණීමට සිදුවීමේ අනුවේදනීය පුවතක්‌ හුංගම දකුණු බටඅත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
 


ශ්‍රී ලංකාවට එරෙහිව
ඇමරිකානු  යෝජනාව
සම්මත වුවත්  ආර්ථික
සම්බාධක පැනවීමට බැහැ

ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු යෝජනාව සම්මත වූවත් ආර්ථික සම්බාධක පැනවීමට මානව හිමිකම් සමුළුවට නොහැකි බව ජිනීවා ආරංචි මාර්ග ඊයේ (4 දා) පැවැසීය.


ඇමැති - ඩී. අයි. ජී. පුතුන්ගේ
පාසිකුඩා ගැටුමේ
නඩුව 8 දාට කල්යයි

පාසිකුඩා මුහුදු වෙරළේදී නියෝජ්‍ය පොලිස්‌පති පුත්‍රයාට ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක්‌ විසින් අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ලබන 8 වැනිදා දක්‌වා කල් තැබීමට වාලච්ෙච්න වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (4 වැනිදා) නියම කළේය.


ගුරු හිඟයට විසඳුම් ඉල්ලා
හඳුන්ගමුව විදුහලේ සිසු උපවාස

ගුරු හිඟයට කඩිනමින් විසඳුමක්‌ ඉල්ලා ලග්ගල හඳුන්ගමුව විද්‍යාලයේ සිසුහු ඊයේ (04 දා) විද්‍යාලය ඉදිරිපිට සාමකාමී උපවාසයක්‌ ආරම්භ කළහ.


පළාත් සභා මන්ත්‍රීවරු
417 ක්‌ තීරු බදු
රහිත වාහන ඉල්ලති

රජය විසින් ලබාදෙන තීරු බදු රහිත වාහන මිලදී ගැනීම සඳහා පළාත් සභා මන්ත්‍රීවරුන් 417 දෙනකු අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.


ලියාපදිංචි නොකළ
වෘත්තීය පුහුණු
ආයතන පන්දහසක්‌ රට පුරාම

තෘතියික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිල අනුමැතිය නොමැතිව තරුණ තරුණියන්ගෙන් රුපියල් 5000 සිට 20000 ක්‌ දක්‌වා මුදල් අයකර ගනිමින් නීති විරෝධී ලෙස පවත්වාගෙන යන වෘත්තීය පුහුණු ආයතන පන්දහසකට වැඩි ප්‍රමාණයක්‌ රට පුරා ක්‍රියාත්මක වන බව වෘත්තීය පුහුණු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.


සා. පෙළ සිසුන්ට ජාතික හැඳුනුම්පත්
නිකුත් කිරීම කලින්ම අරඹයි

මේ වසරේ (2013) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට සිටින සියලු දරුවන්ගේ හැඳුනුම්පත් කල්වේලා ඇතිව සකස්‌ කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නව වැඩපිළිවෙළක්‌ සකස්‌ කර ඇත.



කුසුමා මගෙ අම්මේ
මං  ලංකාවට ආවා


ගාල්ල බද්දේගම රෝහලේ දී උපත ලබා ස්‌වීඩන් ජාතික යුවළක්‌ විසින් නීත්‍යානුකූලව තම දරුකමට හදා වඩා ගත් ශ්‍රී ලාංකික තරුණයෙක්‌ වසර 30 කට පසු ශ්‍රී ලංකාවට පැමිණ තම මව සොයයි.


දෝෂාභියෝගය පිළිබඳ
නඩු 5ක්‌ අද කැඳවයි

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග චෝදනා විභාගයක්‌ පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති නඩු 05 ක්‌ එක විට විභාග කිරීමට දින නියම කිරීම සඳහා 09 දෙනකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඬුල්ලක්‌ හමුවේ අද කැඳවයි.


'චැනල් ෆොට උදව්
කරන ශ්‍රී ලාංකිකයන්
ගැන සොයයි

චැනල් ෆො නාලිකාවට රහසේ උදව් කරන ශ්‍රී ලාංකිකයන් සිටී නම් ඔවුන් පිළිබඳව රජයට දැනුම් දෙන ලෙස රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලයි.


ජාතික රෝහලේ
වෛද්‍යවරු
ඊයේ වර්ජනයක්‌ කළේ නෑ

වෛද්‍ය සංගමයේ
සහකාර මාධ්‍ය ප්‍රකාශක

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට වෘත්තීය සමිතියක ආවරණයක්‌ නොමැති නිසා එහි සේවය කරන කිසිදු වෛද්‍යවරයකු= ඊයේ (04 දා) වැඩ වැරුමක නිරත වූයේ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද හේරත් මහතා ඊයේ (05 දා) "දිවයින"ට පැවැසුවේය.


අහිතකර ජාත්‍යන්තර ගිවිසුම්වලට
එකඟවීම රජය

ප්‍රතික්‌ෂේප කරයි

ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් නිර්දේශ කර ඇති ජාත්‍යන්තර යුද අධිකරණයට එකඟවීම සහ තවත් අහිතකර ජාත්‍යන්තර ගිවිසුම් සඳහා එකඟවීම ශ්‍රී ලංකා රජය එකහෙළාම ප්‍රතික්‌ෂේප කර ඇත.


බඳවා ගත් නවක උපාධිධාරීන්ට වසරකට
වැටුප් ගෙවන්න

කෝටි 1435 ක්‌ වැය කරනවා
ඇමැති ඩබ්ලිව්.
ඩී. ඡේ. සෙනෙවිරත්න

බඳවාගත් නවක උපාධිධාරීන් රාජ්‍ය සේවයට කරනු ලැබූ ආයෝජනයක්‌ බවත්, ඔබ සැමගේ කාර්යක්‍ෂම සේවාව තුළින් රාජ්‍ය සේවයේ ඵලදායිතාව තවදුරටත් ඉහළනැංවීම රජයේ අපේක්‍ෂාව බවත් රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ....


  
 
  • එතනෝල් ආනයනය  තහනම් කරයි

    මධ්‍යසාර නිෂ්පාදනයට යොදා ගන්නා එතනෝල් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
     
  • හොරොව්පොතානේ දරුවෙක්‌ සුනාමි යන්ත්‍රයට බිලි වේ

    හොරොව්පොතාන, මුක්‌කරවැව ප්‍රදේශයේ කුඹුරකදී සුනාමි යන්ත්‍රයකින් ගොයම් කොළ මඬිමින් සිටි පහළොස්‌ හැවිරිදි දරුවකු තම හිසෙහි බැඳගෙන තිබූ තලප්පාවක්‌ එම යන්ත්‍රයේ පුලියක එතී ගෙල සිරවීමෙන් පෙරේදා (03 දා) දවල් මියගොස්‌ ඇත.

 
  • ජනපති මාමේ අපට පාසලක්‌ නෑ

    ඇල්පිටිය ප්‍රාථමික විදුහල සඳහා 2013 වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේදී පාසලට කිලෝමීටරයකටත් අඩු දුරකින් පදිංචි ළමුන් 19 දෙනෙක්‌ විදුහලට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් විදුහල්පතිනියගේ සභාපතිත්වයෙන් යුත් පාසල් සංවර්ධන කමිටුවට සහ අධ්‍යාපන බලධාරීන්ගෙන් සමන්විත අභියාචන මණ්‌ඩලයට අසාධාරණයට ලක්‌වූ දෙමාපියන්ගේ විරෝධතාව එල්ල වී ඇත.

 


 
  • විදේශ රැකියා වංචනිකයන්ට අසුවන්න එපා
    විදේශ රැකියා ප්‍රවර්ධන සහ
    සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා

     
    ෂර්යා නීතියට අනුවයි රිසානාට දඬුවම් නියම වුණේ. ෂර්යා නීතිය දෙවියන්ගේ නීතිය හැටියටයි ඒ රටවල් පිළිගන්නේ. මම 2011-2012 වසර දෙකේදී මේ ප්‍රශ්නය මගේ ප්‍රශ්නයක්‌ බවට පත් කරගෙන ලේ වන්දියක්‌ දීලා හරි මේ සහෝදරිය බේර ගන්න පියවර ගත්තා. රිසානා අතින් මියගිය බව කියන බිළි¹ගේ පියා සමාව දෙන්න එකඟවෙලා හිටියේ. නමුත් මව් පාර්ශ්වය දැඩි ප්‍රතිපත්තියක හිටියා. මේ අතරේ තමයි අපේ රටේ එක්‌තරා පිරිසක්‌ රිසානා බේරා දියව් කියලා ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළේ.
     
  • ඔබගේ මරණය සිදුවන්නේ මෙසේය

    ඔබට ඔබේ ජන්ම කේන්ද්‍රය අතට ගෙන පෙරළා, බැලිය හැකි නම් මිනිස්‌ ජීවිතය පාලනය කරනු ලබන එක්‌ එක්‌ ග්‍රහයාගේ ස්‌වභාවය චිත්‍රපටයක්‌ මෙන් විග්‍රහ කොට දැක්‌විය හැක්‌කේ ප්‍රවීණ ජ්‍යෙdතිෂවේදිකයකුට පමණි. අපි ඉන් එක්‌ ග්‍රහයකු ගෙන එම ග්‍රහයා අපේ ජීවිතය මෙහෙයවනු ලබන ආකාරය ගැන මඳක්‌ විපරම් කර බලමු. ග්‍රහ මඬුල්ලේ ප්‍රධානියා රවිය. මේ රවි ද විවිධාකාර අයුරින් අපේ ජීවිත ගමනට හවුල් වෙයි.

  

  • සැම්සන්ග් දකුණු ආසියානු කලාපයට
    නව නිෂ්පාදන පෙළක්‌ හඳුන්වාදෙයි


    ලොව අංක එකේ වෙළෙඳ නාමයක්‌ වන සැම්සන්ග් සමාගම දකුණු ආසියානු කලාපයට තම නව නිෂ්පාදන රැසක්‌ හඳුන්වාදීම උත්කර්ෂවත් අන්දමින් පසුගියදා ඉන්දියාවේ හයිද්‍රබාද් නුවරදී පැවැත්විණි. මෙකී උත්කර්ෂවත් අවස්‌ථාව ආවරණය කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ මාධ්‍යවේදීහු විශාල පිරිසක්‌ සහභාගිවී සිටියහ.

  


 
  • හෑන්ඩ් බෝල් ජාතික සංගමය  කාගේ බූදලයක්‌ද?

    සංශෝධිත ක්‍රීඩා පනතේ රෙගුලාසි ප්‍රකාරව නිලවරණය සඳහා නාම යෝජනා කැඳවීමේදී ජන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය නමුත් මෙවර හෑන්ඩ් බෝල් නිලවරණය සඳහා ජාතික සංගමය විසින් නාම යෝජනා කැඳවා ඇත්තේ ජන්ද හිමි නාමලේඛනයකින් තොරව බව වාර්තා වේ.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.