ඇමැති - ඩී. අයි. ජී. පුතුන්ගේ
පාසිකුඩා ගැටුමේ  නඩුව 8 දාට කල්යයි

හේමන්ත රන්දුණු

පාසිකුඩා මුහුදු වෙරළේදී නියෝජ්‍ය පොලිස්‌පති පුත්‍රයාට ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක්‌ විසින් අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ලබන 8 වැනිදා දක්‌වා කල් තැබීමට වාලච්ෙච්න වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (4 වැනිදා) නියම කළේය.

මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව වාලච්ෙච්න අධිකරණයේදී ඊයේ පෙරවරුවේ විභාගයට ගන්නා ලදී. මෙම නඩුව වාලච්ෙච්න ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ විභාගයට ගැනීමට නියම වූ අතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා ලබන 07 වැනිදා අධිකරණයේ නඩු විභාග සඳහා ඉදිරිපත් වන බැවින් එදින නැවත පෙනී සිටින ලෙස ඇමැති පුත්‍රයා ඇතුළු පිරිසට නියම කෙරිණි.

එහෙත් ලබන 07 වැනිදා තමන්ට පෙනී සිටිය නොහැකි බැවින් 8 වැනිදා පෙනී සිටීමට ඇමැති පුත්‍රයා ඇතුළු පිරිස මෝසමක්‌ ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියහ.

එය සැලකිල්ලට ගත් වාලච්ෙච්න වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ඇමැති පුත්‍රයා ඇතුළු පිරිසගේ ඉල්ලීමට අනුව නඩුව 8 වැනිදා විභාග කිරීමට නියම කළේය.

නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා වූ අසේල වෛද්‍යාලංකාර මහතාට පාසිකුඩා මුහුදු වෙරළේදී අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වූ දහම් සිරිසේන ඇතුළු 13 දෙනකු වාලච්ෙච්න අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කෙරිණි.

ඉකුත් 25 වැනිදා සවස පාසිකුඩා වෙරළේදී ඇති වූ මෙම ගැටුමින් පසු ඇමැති පුත්‍රයා ඇතුළු 13 දෙනෙක්‌ කල්අඩි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් පොලිස්‌ ඇප මත මුදාහරින ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.