කුසුමා මගෙ අම්මේ මං  ලංකාවට ආවා

මීගමුව සමූහ - විමල් කීර්ති

සුමිත් ජානක ස්‌වීඩන් ජාතික මාපියන් සමග

ගාල්ල බද්දේගම රෝහලේ දී උපත ලබා ස්‌වීඩන් ජාතික යුවළක්‌ විසින් නීත්‍යානුකූලව තම දරුකමට හදා වඩා ගත් ශ්‍රී ලාංකික තරුණයෙක්‌ වසර 30 කට පසු ශ්‍රී ලංකාවට පැමිණ තම මව සොයයි.

මේ සඳහා තමාට උපකාර වන ලෙසට ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඔහු කාරුණිකව ඉල්ලා සිටී.

බද්දේගම රෝහලේ දී ඔහු උපත ලබා ඇත්තේ 1983 පෙබරවාරි මස 24 වැනිදාය. උප්පැන්න ලේඛන  අනුව ඔහුගේ ශ්‍රී ලාංකික නම සුමිත් ජානකය. ඔහුගේ මවගේ නම කුසුමා ලෙස සඳහන්ව ඇත.

බද්දේගම රෝහලෙන් මොහු අධිකරණ නියෝගයක්‌ මත ගල්කිස්‌ස ළමා නිවාසය වෙත භාර කොට ඇත. එහිදී දරුකමට හදාවඩා ගැනීමට දරුවකු සොයමින් එහි පැමිණි ස්‌වීඩන් යුවළකගේ කරුණික ඇස මෙම සති තුනක්‌ වයසැති බිලි¹ වෙත යොමු වී ඇත.

එම යුවළ විසින් අධිකරණය මගින් සිඟිති සුමිත් ජානක තම දරුකමට භාරගෙන ඇත.

සුමිත් ජානක මේ පවුලේ එකම දරුවාවූ අතර ස්‌වීඩන් දෙමාපියන් සුමිත් ජානකට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදී ඇත. 30 හැවිරිදි සුමිත් ජානකගේ ස්‌වීඩන් නම ලිනුත් ජානක හෝල්මික්‌ විස්‌ත් වේ. ඔහු ස්‌වීඩනයේ විදුලි ඉංජිනේරුවකු ලෙස කටයුතු කරයි.

ලිනුත් ජානක හොල්ටික්‌විස්‌ත් නොහොත් සුමිත් ජානක සති තුනක්‌ වයසේ සිට තමා ඇස්‌ දෙක ලෙස රැක බලා ගත් ස්‌විඩන් පියා වන වෘත්තියෙන් ගුරුවරයෙකු වූ කාල් ඇන්ඩ්ස්‌ (60) මව වන හෙදියක්‌ වූ ඉන්ග්‍රිච් හොල්මි (62) යුවළ සමග සේයාරුවේ. සුමිත් ජානක තාමත් තනිකඩයෙකි. තම මව පිළිබඳව කිසියම් තොරතුරක්‌ ඇතොත් රුවන් පෙරේරා 077-5375387 දරන දුරකථනය වෙත යොමු කරන ලෙස ඔහු කාරුණිකව ඉල්ලා සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.