පළාත් සභා මන්ත්‍රීවරු  417 ක්‌ තීරු බදු  රහිත වාහන ඉල්ලති

ප්‍රියදර්ශන ලියනගේ

රජය විසින් ලබාදෙන තීරු බදු රහිත වාහන මිලදී ගැනීම සඳහා පළාත් සභා මන්ත්‍රීවරුන් 417 දෙනකු අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.

මේ අනුව මෙම මන්ත්‍රීවරුන් සියලුම දෙනාට ඇමරිකන් ඩොලර් 40.000 ක්‌ වටිනා තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීමට නියමිතය.

මෙම මන්ත්‍රීවරුන් අතර දැනට පළාත් සභා මන්ත්‍රීධුර දරන මන්ත්‍රීවරු සහ විසුරුවා හැර නැවත මැතිවරණ පැවැත්වූ පළාත් සභාවල මන්ත්‍රීවරුන් ලෙස නියමිත සේවා කාලය සම්පූර්ණ කළ මන්ත්‍රීවරුද සිටින බව පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීයෙක්‌ "දිවයින"ට ඊයේ (4 දා) පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.