අහිතකර ජාත්‍යන්තර ගිවිසුම්වලට
එකඟවීම රජය ප්‍රතික්‌ෂේප කරයි


කීර්ති වර්ණකුලසූරිය

ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් නිර්දේශ කර ඇති ජාත්‍යන්තර යුද අධිකරණයට එකඟවීම සහ තවත් අහිතකර ජාත්‍යන්තර ගිවිසුම් සඳහා එකඟවීම ශ්‍රී ලංකා රජය එකහෙළාම ප්‍රතික්‌ෂේප කර ඇත.

දකුණු ආසියාවේ කිසිම රටක්‌ මේ නිර්දේශ පිළිගෙන නැහැ. ඉන්දියාවත් එකී නිර්දේශ ප්‍රතික්‌ෂේප කර තිබෙනවා.

එහෙත් ශ්‍රී ලංකාව එකී නිර්දේශ පිළිගත යුතු යෑයි බලපෑම් කරනවා" යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

එසේම සමහර රටවල් ඔවුන්ගේ විශේෂ නියෝජිතයන්ට ශ්‍රී ලංකාවට ඒමට ඉඩදෙන ලෙස ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත නිර්දේශ කර ඇත.

මෙලෙස ඕන ඕන රටවලට අවශ්‍ය ලෙස නියෝජිතයන්ට මෙරටට ඒමට ඉඩදීමේ නිර්දේශයද රජය ඉවත දමා ඇත. මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාව සම්බන්ධව නිර්දේශ 210 ක්‌ මෙම මාර්තු 15 දා ඉදිරිපත් කෙරේ.

එම නිර්දේශ සියල්ල රජය වෙත ලැබී ඇති අතර ඉන් 110 ක්‌ ඉටු කළ හැකි බවද රජයේ බලධාරීහු මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ වෙත දන්වා තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.