ලියාපදිංචි නොකළ වෘත්තීය පුහුණු
ආයතන පන්දහසක්‌ රට පුරාම

ප්‍රියදර්ශන ලියනගේ

තෘතියික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිල අනුමැතිය නොමැතිව තරුණ තරුණියන්ගෙන් රුපියල් 5000 සිට 20000 ක්‌ දක්‌වා මුදල් අයකර ගනිමින් නීති විරෝධී ලෙස පවත්වාගෙන යන වෘත්තීය පුහුණු ආයතන පන්දහසකට වැඩි ප්‍රමාණයක්‌ රට පුරා ක්‍රියාත්මක වන බව වෘත්තීය පුහුණු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

තරුණ පෙළට වෘත්තීය පුහුණුව ලබාදෙන සෑම ආයතනයක්‌ම අනිවාර්යෙන්ම තෘතීයික අධ්‍යාපන  කොමිෂන් සභාවේ ලියාපදිංචි කළ යුතු වේ. නමුත් එලෙස ලියාපදිංචි නොකර අනවසරයෙන් පවත්වාගෙන යන වෘත්තීය පුහුණු කඩ වැටලීමට රජය ක්‍රියා නොකිරීම නිසා ඒවාට මෙසේ මුදල් සූරාකෑමට හැකි වී තිබේ.

තෘතියික අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතන මුදල් ලබාගෙන පාඨමාලාලාභීන්ට ලබාදෙන සහතික රජය නිල වශයෙන් පිළිනොගැනීම නිසා දැන් ගැටලු රැසක්‌ පැනනැගී තිබේ.

මේ සඳහා දිය හැකි හොඳම නිදසුන තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් සේවා නිලධාරීන් බඳවාගැනීම සඳහා පැවැති විභාගයයි. මේ සඳහා අයදුම්කරුවන් 16,000 ක්‌ පමණ අයදුම් කර තිබිණි. මෙම අයදුම්කරුවන්ගෙන් විශාල පිරිසක්‌ පරිගණක පාඨමාලා හදාරා තිබුණේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලිනි. නමුත් මෙම පරිගණක ආයතන තෘතියික අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර නොතිබීම නිසා විශාල පිරිසකට තැපැල් සේවා නිලධාරීන් ලෙස පත්වීමේ අවස්‌ථාව අහිමි විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.