සා. පෙළ සිසුන්ට ජාතික හැඳුනුම්පත්
නිකුත් කිරීම කලින්ම අරඹයි


චමින්ද සිල්වා

මේ වසරේ (2013) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට සිටින සියලු දරුවන්ගේ හැඳුනුම්පත් කල්වේලා ඇතිව සකස්‌ කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නව වැඩපිළිවෙළක්‌ සකස්‌ කර ඇත.

ඒ අනුව මේ වසරේ ඔක්‌තෝබර් 31 වැනිදා වන විට වයස 16 සම්පූර්ණ වීමට නියමිත සියලු දරුවන්ගේ අයදුම්පත් කඩිනමින් දෙපාර්තමේන්තුවට යොමුකරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජනරාල් සරත් කුමාර මහතා ඉල්ලා සිටී.

කල්වේලා ඇතිව අයදුම්පත් දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ නම් අවසන් මොහොතේ හැඳුනුම්පත් ලබා ගැනීමට දරුවන්ට දෙපාර්තමේන්තුවට පැමිණීමේ අවශ්‍යතාවක්‌ නොමැති බව පෙන්වාදුන් ඒ මහතා හැඳුනුම්පතක්‌ වසර දහයකට වරක්‌ අලුත් කිරීම දෙපාර්තමේන්තුව සහ ආරක්‍ෂක අමාත්‍යාංශ මට්‌ටමින් තවම සාකච්ඡා වෙමින් පවතින අදහසක්‌ පමණක්‌ බවද කීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.