බඳවා ගත් නවක උපාධිධාරීන්ට වසරකට
වැටුප් ගෙවන්න කෝටි 1435 ක්‌ වැය කරනවා
ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න

බඳවාගත් නවක උපාධිධාරීන් රාජ්‍ය සේවයට කරනු ලැබූ ආයෝජනයක්‌ බවත්, ඔබ සැමගේ කාර්යක්‍ෂම සේවාව තුළින් රාජ්‍ය සේවයේ ඵලදායිතාව තවදුරටත් ඉහළනැංවීම රජයේ අපේක්‍ෂාව බවත් රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස්‌ පළ කළේ පසුගියදා (01) කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නවක උපාධිධාරීන්ගේ කලා කුසලතාවන් එළිදැක්‌වීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා නවක උපාධිධාරීන්ට ස්‌ථීSර පත්වීම් ලබාදීම දැනටමත් ආරම්භ කර ඇති බවත්, ස්‌ථීර පත්වීම්ලාභී උපාධිධාරියකු සඳහා මාසිකව සියලු දීමනා සහිත රුපියල් 23,000කට ආසන්න වැටුපක්‌ හිමිවන බව සඳහන් කළේය. ඒ අනුව බඳවා ගත් 52,000 කට ආසන්න නවක උපාධිධාරීන් සඳහා මාසිකව වැටුප් ගෙවීමට පමණක්‌ රජයට රුපියල් කෝටි 119 ක්‌ පමණ වැය වන බවත්, එය වාර්ෂිකව රුපියල් කෝටි 1435 ක පමණ විශාල මුදලක්‌ බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින් උපාධිධාරීන් වෙනුවෙන් රජය කරනු ලැබූ මෙම ආයෝජනය ප්‍රයෝජනයට ගනිමින් රටේ සංවර්ධනය ශක්‌තිමත් කිරීමටත්, ජනතා අවශ්‍යතා ඉටුකිරීමටත් කැපවීමෙන් වැඩ කරන ලෙසත්, උපාධිධාරීන්ගේ පැමිණීමෙන් රාජ්‍ය සේවයේ ඵලදායිතාව වර්ධනය වූ බවට පැහැදිලි පණිවුඩයක්‌ අනාගතයේදී සමාජයට ලබාදීමත් අත්‍යාවශ්‍ය බව ඇමැතිවරයා කීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් දැවැන්ත සංවර්ධනයක්‌ සිදු කරන මෙම අවස්‌ථාවේදී උපාධිධාරීන් මේ සා විශාල ප්‍රමාණයක්‌ රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබුවේ රටේ සංවර්ධනයට බුද්ධිමත් ඔබගේ දායකත්වය අවශ්‍ය බව එතුමන් තීරණය කළ නිසා බවත්, බුද්ධිමත් පිරිසක්‌ ලෙස තනතුරු ලැබුණු පසු තනතුරුවලින් හිස උදුම්මා නොගනිමින් කටයුතු කිරීමට වගබලා ගත යුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය. zzරාජ්‍ය සේවය ජනතාව පිණිසයිZZ යන්න අපගේ තේමාව බව සඳහන් කළ අමාත්‍යවරයා තමාගේ ළඟට එන ජනතාවට හොඳින් කතා කර ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට කටයුතු කිරීම උපාධිධාරීන්ගෙන් බලාපොරොත්තු වන බව ඇමැතිවරයා කීය.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අනුයුක්‌තව සිටින උපාධිධාරීන්ගේ සහ උපාධිධාරී සංඝයා වහන්සේලාගේ හඳුනා ගත් ගැටලු කිහිපයක්‌ පිළිබඳ අවධානය යොමුකර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා එම ගැටලු සඳහාද නුදුරේදීම පිළියම් ලබාදෙන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.