පාසල්වලට මුදල් එකතු කිරීම තහනම්
කරන චක්‍රලේඛය වහාම නිකුත් කරන්න

- ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්

සචිත්‍ර ඇල්වලගේ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

පාසල් නඩත්තුව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කරමින් නව චක්‍රලේඛයක්‌ නිකුත් කරන බව අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළ ද එය මෙතෙක්‌ නිකුත් නොකිරීම පිළිබඳව ලංකා ගුරු සේවා සංගමය විරෝධය පළකර සිටියි. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ කතාවට පමණක්‌ සීමාකර ඇති මෙම චක්‍රලේඛය වහාම නිකුත් කිරීමට කටයුතු කරන ලෙසයි.

මහින්ද ජයසිංහ මහතා සිය නිවේදනයේ මෙසේද සඳහන් කර තිබේ,

මේ වන විට 1 ශ්‍රේණියට, 6 ශ්‍රේණියට, 12 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛ මගින් මුදල් ගැනීම කර තිබුණ ද 2008/35 චක්‍රලේඛය මගින් zදෙමව්පිය පරිත්‍යාගZ නීත්‍යානුකූල කර තිබේ. එබැවින් ඇමැතිවරයා පවසන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මුදල් අයකිරීම තහනම් කර චක්‍රලේඛයක්‌ නිකුත් කිරීමට අවංක ෙච්තනාවෙන් යුතුව කටයුතු කරනවා නම් එමගින් 2008/35 චක්‍රලේඛය අවලංගු කළ යුතුය. එසේ නොමැතිව නිකුත් කරන කිසිදු චක්‍රලේඛයක්‌ පාසල් පරිපාලනය විසින් දෙමව්පියන්ගේ මුදල් අයකිරීම නතර නොවනු ඇත.

මන්දයත් 2008/35 මගින් පාසල්වල සියලු නඩත්තු කටයුතු, සංවර්ධන කටයුතු, නගාසිටුවීමේ කටයුතු zපාසල් සංවර්ධන කමිටුZ වෙත පවරා ඇති අතර එම කටයුතු සඳහා දෙමව්පියන්ගෙන් මුදල් පරිත්‍යාග ගැනීමට ද ඉඩකඩ හදා ඇති බැවිනි.

එම නිසා දෙමව්පියන්ගෙන් හා දරුවන්ගෙන් zපහසුකම් හා සේවා ගාස්‌තුZ හැර වෙනත් ආකාරවලින් මුදල් එකතු කිරීමට ඉඩකඩ නිර්මාණය කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරමින් නව චක්‍රලේඛය නිකුත් කරන ලෙසත්, එසේ නොමැතිව නිකුත් කරන චක්‍රලේඛ තවදුරටත් මෙරට ජනතාව නොමග යෑවීමක්‌ පමණක්‌ බවත් අවධාරණය කරමු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.