ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්
බලපෑම් එල්ල කරන්නේ අපේම  රටේ ඇතැම් සංවිධානයි


තුෂාරී කළුබෝවිල

ජාත්‍යන්තරයටත් වඩා ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් බලපෑම් එල්ල කරන්නේ නොයෙකුත් දේශපාලන න්‍යායපත්‍රවලට අනුව ක්‍රියාත්මක වන අපේම රටේ ඇතැම් සංවිධාන සහ කණ්‌ඩායම් යෑයි මානව හිමිකම් පිළිබඳ රජයේ නියෝජිත වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා ඊයේ (04 වැනිදා) "දිවයින"ට පැවසීය.

රජයක්‌ හැටියට අපි කොතරම් හොඳින් මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට කටයුතු කළද එවැනි සංවිධාන හා කණ්‌ඩායම් දිගින් දිගටම උත්සාහ කරන්නේ මෙරට මානව හිමිකම් කඩවන බව ජාත්‍යන්තරය හමුවේ මවාපාමින් ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට යෑයි ඇමැතිවරයා කීවේය.

එම සංවිධානවල අවශ්‍යතාවය වන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම නොව රටේ පවතින සාමකාමී තත්ත්වය අවුල් කරමින් ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ශක්‌තිය හා අවසරය ජාHන්තර බලපෑම් හරහා ලබාගැනීමට උත්සාහ දැරීම බවද ඇමැතිවරයා සඳහන් කළේය.

චැනල් ෙµda හරහා නොයෙකුත් දේවල් නිර්මාණය කරමින්, නැති දේවල් මවාපාමින් ඒවා ප්‍රසිද්ධ කරමින් ඔවුන් මේ රටේ නිදහස, සාමය සුණු විසුණු කිරීමට වෙර දරන්නේ එම නිසා යෑයිද හෙතෙම පැවසීය.

දරුණු විදිහට මානව හිමිකම් උල්ලංඝනය කරන රටවලට වඩා අපේ රටට එරෙහිව නොයෙකුත් බලපෑම් එල්ලවීමට ප්‍රධාන හේතුවද ඉහත කී කාරණා බව පැවසූ ඇමැතිවරයා ශ්‍රී ලංකා රජය උපරිම උත්සාහයෙන් මානව හිමිකම් ආරක්‍ෂා කළත් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කලත්, ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා මේ ආකාරයෙන්ම ඉදිරියටත් පවතිනුයේ මෙම දේශපාලන අරමුණ ඉටුකර ගැනීමට උත්සාහ දරන නොයෙකුත් කණ්‌ඩායම් නිසා යෑයිද ඇමැතිවරයා සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.