නියෝජ්‍ය නායක ධුරයට නිර්දේශ ඉදිරිපත් කරන්න
විපක්‍ෂ නායක දැනුම් දෙයි

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සම්බන්ධයෙන් ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී නිර්දේශ ඉදිරිපත් කරන්නැයි පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04 දා) දැනුම් දී තිබේ.

එම පක්‍ෂයේ විධායක සභාවේ සහ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්‌ සමග ඊයේ සවස පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව දැනුම් දී ඇත. මෙම විශේෂ සාකච්ඡාවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා තරග කළ යුතු ආකාරය ඇතුළු එම පක්‍ෂයට වැදගත් තීන්දු රැසක්‌ ගත් බව එජාපයේ ජ්‍යෙෂ්ඨයකු "දිවයින"ට පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.