අවුරුදු 4 ක්‌  වයසැති දරුවා  ළිඳට දමා මරයි
පියා සැකපිට අත්අඩංගුවට

බලන්ගොඩ - එන්. එච්. පියසේන

බලන්ගොඩ, මොරහැල උඩගංගොඩ ප්‍රදේශයේදී අවුරුදු 4 යි මාස 10 ක්‌ පමණ වයසැති දරුවකු එම දරුවාගේ පියා විසින් ළිඳට දැමීම නිසා (04) මරණයට පත්වී ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේa ජී. ඒ. කවීෂා සඳරුවන් නිමලසූරිය නමැති දරුවෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ පියා පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ. දැනට මෙම පිරිමි දරුවාගේ මළ සිරුර බලන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.