2013 මාර්තු 11 සඳුදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Circulation
   ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
අම්බලන්ගොඩ වලගෙදර ගම මළ ගෙදරක්‌ වෙයි
අද සරසවි යැමට සිටි සිසුවිය මහ මගදී මරා මාරයා පනී
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පීඨයට අද (11 දා) ඇතුළත්වීමට බලාපොරොත්තුවෙන් සිටි සිසුවියක ඊයේ (10 දා) උදේ අම්බලන්ගොඩ වලගෙදර ප්‍රදේශයේදී ලොරි අනතුරකින් අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වී ඇත.

මහියංගනය ශ්‍රී.ල.නි.ප.සංවිධායක අස්‌වෙයි
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහියංගනය ආසන සංවිධායක අනුර විදානගමගේ මහතා තම ආසන සංවිධායක ධුරයෙන් අස්‌වීමේ ලිපිය ඊයේ (10 දා) උදේ වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත භාර දුන්නේය.

දිවි පරදුවට තබා එරෙහි වෙනවා
ශ්‍රී පාදස්‌ථානයේ හෝ ඒ අවට රක්‍ෂිතයේ හෙලිකොප්ටර් අංගනයක්‌ හෝ කේබල් කාර් පද්ධතියක්‌ ඉදිකිරීමට ක්‍රියා කළහොත් දිවිපරදුවට තබා ඊට එරෙහිව කටයුතු කරන බව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ සහ සමනොළගිර සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයේ සභාපති කොලොන්නේ සිරි ශාන්ත විජය හිමියෝ පවසති.

බුලත්සිංහලින් තවත් ගිනි අවි 7ක්‌ අල්ලයි

බෝර 12 තුවක්‌කු 01 ක්‌, බෙහෙත් කොටන තුවක්‌කු 05 ක්‌ හා සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා බඳින තුවක්‌කු 01 ක්‌ මේ අතර වේ. බුලත්සිංහල පොලිස්‌ වසමේ පරගොඩ, ගල්කැටිය, නිග්ගහ, දෙල්මැල්ල, මහගම හා අලුතකන්ද යන ප්‍රදේශවලින් මෙම ගිනි අවි සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

නිල් මහ හටන නමින් ප්‍රචලිත රාජකීය - ශාන්ත තෝමස්‌ 134 වැනි වාර්ෂික මහා ක්‍රිකට්‌ හටන රාජකීයයන්ට ජය අත්කර දෙමින් පෙරේදා (09 දා) නිමාවට පත්විය. ඒ සමගින් එක්‌ වූ ආදි රාජකීයයකු වන විපක්‍ෂ නායක සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩකයින්ට සුබ පැතු අයුරු. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ද ඒ සමගින් එක්‌වූහ.
ඡායාරූප - කමල් වන්නිආරච්චි

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියෝ සන්නස්‌ පත්‍රය ලබති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරයට පත්වූ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමියන්ට එම ධුරය පිළිබඳ ශ්‍රී සන්නස්‌ පත්‍රය පිළිගැන්වීමේ උළෙල කොළඹ නිදහස්‌ චතුරශ්‍ර පරිශ්‍රයේදී පෙරේදා (09 දා) සවස පැවැති අවස්‌ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අභිනව නාහිමියන්ට ශ්‍රී සන්නස්‌ පත්‍රය පිළිගැන්වූ අයුරු. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාද ඡායාරූපයේ සිටී.
ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය

නව පාප්තුමන් තේරීම හෙට
16 වැනි ශුද්ධ වූ බෙනඩික්‌ පාප්වහන්සේ විශ්‍රාම ගැනීමෙන් පසු නව පාප්වහන්සේ කෙනකු පත්කර ගැනීමේ දිනය ලබන 12 වැනිදාට යෙදී ඇත.

මගුල්ගෙදර මල් වෙඩිල්ල මිනී මරයි
පිළියන්දල පැවැති සිය මිතුරාගේ මංගල සාදයට සහභාගි වී සිටි මිතුරකු මල් වෙඩිල්ලක්‌ පත්තු කිරීමට යාමේදී එය පිපිරී මියගොස්‌ ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ඩිෆෙන්ඩරය සොයා ගනී
අධිකරණ නියෝග මත රඳවා තබාගෙන සිටින සැකකාර පොලිස්‌ නිලධාරීන් මෙම කොල්ලය සඳහා භාවිත කළ බව කියන ගිනි අවි සොයාගැනීමට මේ වන විට පරීක්‍ෂණ අරඹා ඇතැයි ද ඔහු කීය.

බාල ඩීසල් මෙටි්‍රක්‌ ටොන් 4800ක්‌ හරවා යෑවේ

නිසි ප්‍රමිතිය නොමැති ඩීසල් මෙටි්‍රක්‌ ටොන් හාරදහස්‌ අටසියයක පමණ ප්‍රමාණයක්‌ වහාම ආපසු රැගෙන යන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ලංකා ඉන්දීය තෙල් සමාගමට (එල්.අයි.ඕ.සී.) දැනුම් දී තිබේ.


 
  • ආශ්චර්යයේ ඉසුරු අපට අහිමි ද?

    ජන ජීවිතය හෙම්බත්ව ගිය තැන පාරේ සැරිසරන්නේ මිනිසුන් නොව "ඇටසැකිළි" යෑයි අතීතයේ එක්‌ සමයක රට පුරා දොaංකාරවත් විය. එදා පැවැති ඒ දුකඳුරු තත්ත්වයට සාපේක්‍ෂව අද සලකා බැලුවහොත් සැබැවින්ම අද පාරේ තොටේ සැරිසරන්නේ බඩයි පිටයි එකට ඇලී ගිය උපන්නාට මේ ලොව වැනෙන ගොඩ පයයි වළ පයයි තියාගත් මනුස්‌ස කරුමක්‌කාරයෝය.

  


 
  • අෂ්රාෆුල්- මුෂ්ෆිකාර් ගාලු පිටිය
    වාර්තා පොතක්‌ කරති


    බංග්ලාදේශ පිලක්‌ සිය මව්බිමෙන් පිටතදී රැස්‌ කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙන් වාර්තා වූ මෙම ලකුණු සංඛ්‍යාව මත ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යැම සඳහා බංග්ලාදේශ පිලට කඩුලු 6 ක්‌ තුළදී ලබාගත යුතු වන්නේ තවත් ලකුණු 132 ක්‌ පමණි.

  

Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.