2013 අප්‍රේල් 04 බ්‍රහස්‌පතින්දා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster
නීති විරෝධි අයුරින් සේවයෙන් බැහැරව සිටි
ජාතික රෝහලේ සේවක පිරිසක්‌ ගෙදර යවයි
දඬුවම් ස්‌ථාන මාරුවකට එරෙහිව නීති විරෝධී අයුරින් රාජකාරි කටයුතුවලින් බැහැරව සිටි කොළඹ ජාතික රෝහලේ සියලු ආදේශක සෞඛ්‍ය කාර්ය සහායක සේවකයන්ගේ සේවය අවසන් කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඊට අදාළ ලිපි එම සේවකයින් වෙත යෑවීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යංශය සඳහන් කරයි.

හමුදා මේජර්ට පහරදීමේ සිද්ධිය:
ඇමැති පුත් මාලක ඇතුළු හය දෙනාම නිදහස්‌
කොළඹ ජායික්‌ හිල්ටන් හෝටලයේ රථ ගාලේදී හමුදා මේජර් චන්දන ප්‍රදීප් සූරසේන මහතාට පහරදීමේ සිද්ධියට අදාළ පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නම් කර සිටි ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු සැකකරුවන් 6 දෙනා කොටුව මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා විසින් ඊයේ (03 දා) නිදහස්‌ කරන හරිනලදී.

ලක්‍ෂ 10 ක කප්පමක්‌ ගන්න සිසුවිය පැහැරගෙන ගිය පෙම්වතා දැලේ
අම්බලන්ගොඩ කන්දවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි දියණිය මවුපිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස්‌ අපයෝජනයට ලක්‌ කළ බව කියන තරුණ පෙම්වතා ඇය සමග කුලී නිවසක සිටියදී කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (2 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

රැකවරණ අහිමි දරුවන්ට හා යෞවනයන්ට ළමාරක්‍ෂක අධිකාරියෙන් ඇරයුම්
1929 අමතන්න
ආරක්‌ෂාව, රැකවරණය අහිsමි සහ අවදානම් සහිත වටපිටාවක්‌ ඇති දරුවන්ටත්, යෞවනයන්ටත් 1929 දුරකථන සේවාව ඔස්‌සේ අමතා ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියේ ලියාපදිංචි වන ලෙස එම අධිකාරිය ඉල්ලා සිටී.

අධ්‍යාපනපති උපාධි පාඨමාලාවට තෝරා ගැනීමේ විභාගය 7 දා
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනපති උපාධි පාඨමාලාවට තෝරා ගැනීමේ විභාගය ලබන 7 වැනිදා කොළඹදී හා යාපනයේදී පැවැත්වීමට එම ආයතනය සැලසුම් කර ඇත.

මාලක සහ රෙහාන් (වමේ) ඊයේ උසාවියෙන් පිටව යද්දී...

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙත රාවණා බලයෙන් ලිපියක්‌
තමිල්නාඩු ප්‍රාන්තයේ මෙතරම් ශ්‍රී ලංකාවට විරුද්ධව උද්ඝෝෂණ පවතින වකවානුවක ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ ක්‍රීඩකයන් අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමට විරෝධය දක්‌වමින් රාවණා බලය සංවිධානය ඊයේ (3 දා) ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා වෙත ලිපියක්‌ භාරදෙන ලදී.

උදයන් පුවත්පත් කාර්යාලයට ප්‍රහාරයක්‌
දෙදෙනෙක්‌ රෝහලේ
කිලිනොච්චිය උදයන් පුවත්පත් කාර්යාලයට ඊයේ (03 දා) පාන්දර එල්ල වූ ප්‍රහාරයකින් එම පුවත්පතේ සේවකයන් දෙදෙනකු තුවාල ලබා ඇත.

අන් මතයක්‌ දැරීමට ඇති අයිතියට තර්ජනයක්‌
- කරු ජයසූරිය
උදයන් පුවත්පතට කළ පහරදීමෙන් පෙනී යන්නේ උතුරේ ජනතාවට අන් මතයක්‌ දැරීමට ඇති අයිතියට තර්ජන එල්ලවීමක්‌ යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

  • ඉන්දියාව යනු තමිල්නාඩුව නොවේ
    දේශපාලනය නිසා ක්‍රීඩාවට හානි විය යුතු නෑ
    - සංගක්‌කාර
    ඉන්දියාව යනු චෙන්නායි හෝ තමිල්නාඩුව නොවන බවත් දේශපාලනය නිසා ක්‍රීඩාවට හානියක්‌, බාධාවක්‌ සිදු නොවිය යුතු බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්‌ නායක කුමාර් සංගක්‌කාර පවසා ඇත. ඔහු අයිපීඑල් තරගාවලියේ සන්රයිස්‌ හයිද්‍රාබාද් කණ්‌ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන අතරතුර ඉන්දීය මාධ්‍ය හමුවේ ඉහත අදහස්‌ දක්‌වා ඇත.

     
  • ජල මණ්‌ඩල ඉංජිනේරු සහකාරවරු
    අද සිට අකුරට වැඩ

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩල ඉංජිනේරු සහකාරකරුවන් ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් අද (04 වැනිදා) සිට අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයක යෙදීමට තීරණය කර ඇත.ඒ අනුව එක්‌දහස්‌ පන්සියයකට අධික ඉංජිනේරු සහකාරවරු නියමිත රාජකාරිවලින් බැහැර කිසිදු සේවාවක්‌ නොසපයන අතර මේ හේතුවෙන් දහස්‌ සංඛ්‍යාත ජල...

 
  • වී අලෙවි මණ්‌ඩලය හා සමුපකාර සමිති
    පොළොන්නරුවේ ගොවීන්ට පොලු තියලා!

    මෙදා අපිට අවුරුදු නැහැ-ගොවීහු කියති
    මෙවර මහ කන්නයේ තම වී අස්‌වනු විවිධ සේවා සමුපකාර සමිතිවලට සහ වී අලෙවි මණ්‌ඩලයට අලෙවි කළ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ගොවීන් විශාල පිරිසකට ඒ සඳහා නියමිත මුදල් මෙතෙක්‌ ලැබී නොමැති බව කියති.ඇතැම් ගොවීන්ගේ වී තොග රජයේ ගබඩා වෙත භාරදී දින ගණනාවක්‌ ගතවී ඇතත් ඒ සඳහා මුදල් ගෙවීමට එම ආයතන...

 

  • සංචාරක ව්‍යාපාරයට කැසිනෝ !
    මෙය සුරාව හා සූදුව ගැන වැඩියෙන් කතාබහ කරන කාලයකි. රජය 'මතට තිත' යෑයි කීවද මත්වතුර නිෂ්පාදනයට යොදා ගන්නා එතනෝල් නීති විරෝධීව කන්ටේනර් පිටින් මෙරටට ගෙන්වයි. පසුගියදා එසේ ගෙන්වූ කන්ටේනර් දෙකක්‌ හසුවීම නිසා සුරාව ගැන අපි බොහෝ කතා කළෙමු. එම එතනෝල් තොගයේ සැබෑ හිමිකරුවන් රටට එළිවීම වැළැක්‌වීම සඳහා තිබෙන බලවත්...

  

  • "...අපිත් චෙන්නායි යන්නේ නෑ·"
    මලල ක්‍රීඩා සභාපති
    ලබන ජුලි 3 සිට 7 දක්‌වා ඉන්දියාවේ චෙන්නායි හි ශ්‍රී ජවහලාල් නේරු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සංශෝධනයකින් තොරව එලෙසම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවෙන් ඊට මලල ක්‍රීඩා කණ්‌ඩායමක්‌ සහභාගි නොකිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කොට තිබේ.

  

Kapruka Shopping |  News

 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.