සංස්‌කරණය : නාරද නිශ්ශංක

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෙටිකතා එකතුවක්‌

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලියන ලද කෙටිකතා එකතුවක ප්‍රථම භාගය (1938 - 1951) වියත් ලේඛකයකු වූ ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ සංස්‌කරණයක්‌ ලෙසින් මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්‌ඩලය වෙනුවෙන් රාජගිරිය නාවල කිරිමණ්‌ඩල මාවතේ අංක 1813 හි පිහිටි සී/ස සරස (පෞද්ගලික) සමාගම මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

විධිමත් ආකාරයෙන් සංග්‍රහ කරන ලද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෙටිකතා එකතුවක්‌ පළ කිරීමේ කලක සිට පැවැති අවශ්‍යතාව සපුරාලමින් කලින් පළ කරන ලද කෙටිකතා එකතුව වඩාත් පරිපූර්ණව ද පාඨකයන්ට මතු නොව පර්යේෂකයන්ට ද වැඩදායි ලෙස ඓතිහාසික දත්තයන් ද සහිතව මෙම කෙටි කතා සංග්‍රහයේ ප්‍රථම භාගය අලංකාර මුද්‍රණයකින් එළිදක්‌වා තිබීම අගය කළ යුත්තකි. එමෙන්ම වික්‍රමසිංහයන්ගේ නොපළ වූ අත්පිටපතකින් ද ගන්නා ලද zඅරුණෝදයZ යන මැයෙන් යුතු කෙටි කතාවක්‌ ද මෙම ග්‍රන්ථයෙහි ඇතුළත්ව තිබේ. එමෙන්ම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෙටිකතාව පිළිබඳව ලියන ලද දීර්ඝ හැඳින්aවීම කෙටිකතාව සාහිත්‍යය පෝෂණයට අද පරපුරට ලබා දෙන මහඟු අත්වැලකි. අභ්‍යාසයකි. නිහතමානි ලේඛකයා තමා දන්නා දේ දන්නකු ලෙස ලියයි. නොදන්නා දේ නොදන්නකු ලෙස උගනියි. සටකපටකම් වෙළෙන්දකුට දේශපාලනඥයකුට ප්‍රයෝජනවත් විය හැකියි. යම්කියම් උගැන්මක්‌ ගත් අවංක මිනිසුන් උදෙසා පොත් ලියන්නකුට සටකපටකම් නුවුවමනාය. බුද්ධිමත් ජනයා සදහටම රැවටිය නොහැකිය. ලේඛකයා තමාගේ මුළු කාලය කලාව සඳහා යොදවන්නකු විය යුතුය. ආණ්‌ඩුවෙන් ලොකු මිනිසුන්ගෙන්, නෑයන්ගෙන් උදව් උපකාර, පැසසුම් සොයන ලේඛකයා තමාගේ මුළු කාලය තමාගේ කාර්ය උදෙසා කැපකරන්නට ශක්‌තියක්‌ නැතිව තමාම රවටා ගනී". වික්‍රමසිංහයන් එම සඳහනෙන් වරෙක කර ඇති සටහන අප කාගේත් අවධානයට යොමුවිය යුතු අර්ථාන්විත සිහිපත් කිරීමකි. වෛද්‍ය රංග වික්‍රමසිංහයන්ගෙන් ද දයාපාල ජයනෙත්ති, නුවරඑළියේ හේමපාල වැනි මහත්වරු ද මෙම කෘතියට දැක්‌වූ සහය ඩබ්. ඒ. අබේසිංහයන් කෘතිවේදීව සිහිපත් කරති. කෙටිකතා 112 ක්‌ මෙහි සංගෘහිතය. 2865543 වෙතින් මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්‌ඩලය හා සරස සමාගම ඔබට ඇමැතිය හැකිය.

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.